ශ්‍රී ලංකාවට එරෙහි අයර්ලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1231
Ireland squad for Sri Lanka
(Photo by Bradley Collyer/PA Images via Getty Images)

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන අයර්ලන්ත ටෙස්ට්‍ කණ්ඩායම අයර්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

එම කණ්ඩායම සඳහා අයර්ලන්ත පිතිකරු Paul Stirling නම් කර ඇති අතර ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ කණ්ඩායම තේරීම් සඳහා සූදානම් බව ද එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට තිබූ එක්දින තරගාවලිය අවලංගු වීම සහ බංග්ලාදේශ තරගාවලිය කල් යාම නිසා Paul Stirlingව ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියට එක් කළ බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියා.

ඔහුගේ එක් වීමත් සමඟ කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි Andrew Balbirnie හට හිමිව තිබෙනවා. තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 සිට 20 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 24 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය මීට පෙර ටෙස්ට් තරගයකින් සහ එක්දින තරගාවලියකින් සමන්විත වූවත්, පසුව එම තරගාවලියෙන් එක්දින තරග ඉවත් කර තවත් ටෙස්ට් තරගයක් ඇතුළත් කිරීමට තීරණය කළා.

ශ්‍රී ලංකා තරගාවලියට නම් කළ අයර්ලන්ත සංචිතය,

Andrew Balbirnie (Capt), Mark Adair, Curtis Campher, Murray Commins, George Dockrell, Fionn Hand, Graham Hume, Matthew Humphreys, Tom Mayes, Andrew McBrine, James McCollum, Paul Stirling*, PJ Moor, Harry Tector, Lorcan Tucker, Ben White.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ​ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<