Hero නිදහස් කුසලාන තරගාවලිය ලබන මාසයේ දී

588

ලබන මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන “Hero නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ” නිල අනුග්‍රාහකත්ව එළිදැක්වීමේ මාධ්‍ය සාකච්ඡාව අද (8) කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය.

[rev_slider LOLC]

මෙම ක්‍රිකට් තරගාවලිය තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංගලාදේශය සහභාගි වනු ඇත.

මාලිංගට IPL වරම්; නමුත් ක්‍රීඩකයෙකු ලෙස නොවේ

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ..

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසූවේ, මෙම ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලියකින් ලබාගත් වැඩිම ලාභය ඉපැයූ තරගාවලිය බවට පත් වීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. ඒ මුදල තුළින් ක්‍රිකට් ක්‍රීඩකයින් හට උපරිම සහනයක් ලබා දී ඔවුන්ගේ දස්කම්වලට නිසි ඇගයීමක් කර දේශීය ක්‍රිකට් යාන්ත්‍රණය තවදුරටත් ඉහළ නැවීමට කටයුතු කරන බවයි. මෙවන් ක්‍රම මගින් විදේශ විනිමය ශ්‍රී ලංකාව තුලට ගෙනැවිත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවදුරටත් සවියක් වීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි බව ඒ මහතා පැවසුවේය.

මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට බලාපොරොත්තුවක් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදි. එසේම මෙවන් වූ ප්‍රමුඛ පෙළේ විදේශීය ආයතන සමඟින් සාකච්ඡා කර අපගේ ඉදිරි තරගාවලිවලටත් අනුග්‍රාහකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළේය.

“නවීන තාක්ෂණය හැකි උපරිමයෙන් භාවිතා කරමින් ප්‍රේක්ෂකයින් හට අලුත්ම ආකාරයක ක්‍රිකට් රස වින්දනයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා” යැයි මේ අවස්ථාවට සහභාගී වූ iTW වෙළඳ අලෙවි ප්‍රධානි වන ජෝෂ් ජෝන් මහතා පවසන ලදි.

Dsports සභාපති ටී. එස්. පනසාර් මහතා, චැනල් 9 වැඩසටහන් අධ්‍යක්ෂක ටන්වීර් කාන් හා ලාගාඩ් ස්පෝර්ට්ස් වෙළඳ උප සභාපති මැල්කොම් ත්රොප් යන මහත්වරුන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් වැඩකටයුතු කිරීමට හැකි වීම පිළිබඳව සිය සතුට පලකරන ලදි. එසේම ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් කණ්ඩායම් දෙකටම ඔවුන් සිය උණුසුම් සුභාශිංසන එකතු කිරීමට ද පසුබට නොවීය.

එසේම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන හීරෝ මෝටර් සයිකල් ආයතන අධ්‍යක්ෂක ලලේන්ද්‍ර බ්‍රාහ්මණ මහතා මෙසේ සිය අදහස් දක්වන ලදි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා ජනප්‍රියතම ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහසට සමගාමීව හා ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ 70 වැනි සංවත්සරය නිමිතිකරගෙන පවත්වනු ලබන Hero නිදහස් කුසලානයට අපේ උපරිම සහය දැක්වීමට හැකි වීම පිළිබඳව අපි ආයතනයක් විදිහට ඉතාමත් සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් තවදුරටත් සහයෝගයෙන් යුතුව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන අතර මේ තරගාවලියට එක්වන සෑම කණ්ඩායමකටම මා සුබ පතනවා.”

අකිලගේ අලුත් කසාදය

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි. විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි…

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, හීරෝ මෝටර් සයිකල් ආයතන අධ්‍යක්ෂක ලලේන්ද්‍ර බ්‍රාහ්මණ, iTW වෙළඳ අලෙවි ප්‍රධානි වන ජෝෂ් ජෝන්, ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් නිලධාරි ජයරත්න, Dsports සභාපති ටී. එස්. පනසාර් මහතා, චැනල් 9 වැඩසටහන් අධ්‍යක්ෂක ටන්වීර් කාන් හා ලාගාඩ් ස්පෝර්ට්ස් වෙළඳ උප සභාපති මැල්කොම් ත්රොප් යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සහභාගී වී සිටින ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<