රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි

207

පසුගිය දා මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු වන තෙක් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ තරග තුනක කල් දමා තිබෙනවා.

අදාළ තරග තුන වන්නේ, Chelsea vs Liverpool (චෙල්සී එදිරිව ලිවර්පූල්), Leeds United vs Manchester United (ලීඩ්ස් යුනයිටඩ් එදිරිව මැන්චෙස්ටර් යුනයිටඩ්) සහ Crystal Palace vs Brighton (ක්‍රිස්ටල් පැලස් එදිරිව බ්‍රයිටන්) යන තරගයි.

මින් ක්‍රිස්ටල් පැලස් සහ බ්‍රයිටන් අතර තරගය දුම්රිය වැඩ වර්ජනයක් නිසා නවත්වා තිබූ අතර රැජිණගේ අවසන් කටයුතු සිදුවීමට නියමිත සැප්තැම්බර් 19 වැනිදායින් පසුව පැවැත්වෙනු ඇත.

16 සහ 18 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරග එලෙසම පැවැත්වෙන බව වාර්තා වනවා. ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බ්‍රිතාන්‍යය තුළ එම කාලය ඇතුළත පැවැත්වෙන තරග වලට පෙර මහ රැජිණට ගෞරව දැක්වීම් සිදු වනු ඇති. කල් දැමුණු තරග පැවැත්වෙන දිනයන් ඉක්මණින්ම දැනුම් දෙන බවයි ප්‍රීමියර් ලීග් ආරංචි මාර්ග පවසන්නේ.

බ්‍රිතාන්‍යයට අයත් එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය තුළ මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරග අත්හිටුවා තිබෙනවා. ඒවා එළඹෙන සතියේ දී පැවැත්වෙනු ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<