IPL 2021; දම් සහ තැඹිලි තොප්පි හිමිකරුවන්

165
(IPL-FB Page)

Chennai Super Kings පසු කරමින් Royal Challengers Bangalore යළිත් IPL ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වුනා. ඒ ඊයේ (22) පැවති තරගයක දී Rajasthan Royals කණ්ඩායම කඩුලු 10 කින් පරාජය කරමින්. RCB අඛණ්ඩව වාර්තා කළ සිව්වැනි ජය මෙයයි. 

ලකුණු 177ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය RCB වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Virat Kohli හා Devdutt Padikkal පහසුවෙන් එම ඉලක්කය හඹා ගිය අතර Padikkal සිය මංගල IPL ශතකය ද වාර්තා කළා. 

RCB මේ වන විට තරග හතරක දී ප්‍රසාද ලකුණු අටක් ලබාගෙන සිටිනවා. ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 1.009ක්. Chennai Super Kings ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින අතර Delhi Capitals තුන්වැනි ස්ථානයේ සිටිනවා.

Rajasthan කණ්ඩායමට මෙවර තරගාවලියේ ආරම්භය එතරම් සුබ වුනේ නැහැ. ඔවුන් මේ වන විට IPL ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින අතර ඔවුන් ක්‍රීඩා කළ තරග හතරම පරාජයට පත්ව තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්:

වැඩිම ලකුණු ලාභියා (තැඹිලි හිස්වැසුම)

(IPL-FB Page)

Padikkal ශතකයක් වාර්තා කළත් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ වැදගත් වෙනසක් සිදු වුනේ නැහැ. RCB තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින්නේ ලකුණු 176ක් රැස් කර ගනිමිනුයි. මේ වන විට තැඹිලි හිස්වැසුම Shikhar Dhawan සතුව තිබෙන අතර ඔහු ලකුණු 231ක් රැස් කරගෙන සිටිනවා. Jonny Bairstow හා Faf du Plessis ද එම ලැයිස්තුවේ සිටින්නේ පිළිවෙළින් Panjab හා Kolkata කණ්ඩායම් හමුවේ දියත් කළ සුපිරි ඉනිම් නිසයි.

වැඩිම කඩුලු ලාභියා (දම් හිස්වැසුම)

(IPL-FB Page)

RCB කණ්ඩායමේ Harshal Patel දිගටම වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ රැඳී සිටිනවා. ඔහු ඊයේ තරගයේදීත් Rajasthan කණ්ඩායමට එරෙහිව කඩුලු තුනක් දවා ගන්නට සමත් වුනා. 

Patel තරග තුනක දී කඩුලු 12ක් දවාගෙන සිටිනවා. බදාදා පැවති තරගයේ දී කඩුලු හතරක් දවා ගත් Deepak Chahar ද වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළුව තිබුණේ තරග හතරක දී කඩුලු අටක් රැස්කර ගනිමිනුයි. DC කණ්ඩායමේ Avesh Khan එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<