2020 IPL සත්කාරකත්වය තීන්දුයි

8213
IPL 2020

ඉන්දියාවට දරුණු ලෙස බලපා ඇති කොරෝනා වසංගත තත්වය නිසාවෙන් 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවෙන් පිටත දී පවත්වන්නට අවධානය යොමුව තිබූ අතර ඊට ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය දැක්වීමට කැමැත්ත පලකර තිබුණි. 

කෙසේ නමුත් අවසානයේ IPL පාලක මණ්ඩලයේ සභාපති බ්‍රිජේෂ් පටෙල් මහතා ESPNcricinfo වෙබ් අඩවිය වෙත තහවුරු කර සිටියේ මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කළ බවයි.

ස්ටෝක්ස්ගේ තුන් ඉරියව්වෙන් එංගලන්තය එකට එක කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ සත්කාරක එංගලන්ත

පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මාසය දක්වා කල් දැමුණු අතර පසුව ඉන්දීය රජය විසින් ගත් අගුළු දැමීමේ ක්‍රියාමාර්ග සමඟින් එය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය 2021 වසර දක්වා කල් දැමීමට ඊයේ (20) තීරණය කිරීමත් සමඟම ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය 2020 සැප්තැම්බර් – ඔක්තෝබර් කාලසීමාව තුල පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනට සැලසුම් කරමින් සිටියි.

“එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල මෙවර IPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අවසර ඉල්ලා අපි එරට රජයට ලිපියක් යවා තිබෙනවා. නමුත් තවමත් IPL තරගාවලියට දින නියම කරගෙන නැහැ. නමුත් අපි එරට රජයට යවපු ලිපියේ අපි තරගාවලිය තියන්න බලාපොරොත්තු වෙන කාලසීමාව පිළිබඳව සටහනක් තැබුවා. එරට රජයේ මේ ලිපිය සඳහා ඉතාමත් ඉක්මන් ප්‍රතිචාර දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි දින 10 ඇතුළත අපේ IPL තරග සංවිධායක කමිටුව රැස්වෙලා කතාබහ කරලා තරගාවලිය පැවැත්වෙන දින තීන්දු කරන්න සූදානමින් ඉන්නවා” යැයි පටෙල් මහතා එහි දී පවසන ලදි.

ඊට පෙර IPL තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ කවුරුන් විසින් ද යන්න තීරණය කළ යුතු අතර ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නවසීලන්තය IPL ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා සූදානමින් සිටි නමුත් ඒ ඒ රටවල් තුල තිබෙන කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමේ ස්වභාවය, කාලගුණය සහ තරගාවලිය සංවිධානය කිරීම සඳහා තිබෙන පහසුකම් යන සියලු කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එහි සත්කාරකත්වය ලබා දී ඇත.

“2011 අවසන් මහා තරගය අපිට දිනන්න තිබ්බා” – මැතිව්ස්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

මීට පෙර 2014 වසරේ දී ද ඉන්දීය මහ මැතිවරණ කාල සීමාවක් තුල IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නිසා එරට ක්‍රිකට් පාලනාධිකාරිය සහ තරග සංවිධායක කමිටුව එක්ව එම IPL තරග විස්ස ඉන්දියාව තුල නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල පවත්වමින් තරගාවලිය සාර්ථක ලෙස අවසන් කළේය.

ඉන්දීය ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ රටේ Covid-19 අවදානම අවම ප්‍රදේශ කිහිපයක හෝ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණවල තරගාවලිය පවත්වා අවසන් කිරීමට විටෙක සැලසුම් යොදා තිබූ නමුත් මේ වන විට ඉන්දියාව තුල මේ වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යන නිසා එම යෝජනාව ද මේ වන විට ප්‍රතික්ෂේප වෙමින් පවතියි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද COVID-19 වයිරස ආසාදිතයින් 57,000ක් පමණ වාර්තා වී ඇති අතර ජීවිත හානි 340ක් ද වාර්තා වී තිබේ. ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් ලක්ෂ 11 සීමාව ද ඉක්මවා ගොස් ඇති අතර මරණ 28,000ක් පමණ එරටින් වාර්තා වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<