පාකිස්තානය ඉන්දියාවෙන් ලිඛිත සහතිකයක් ඉල්ලයි

236

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ‘2021 විස්සයි විස්ස ලෝක කුසලානය’ සහ ‘2023 පන්දුවාර 50 ලෝක කුසලානය’ ක්‍රීඩා කරන්නට පැමිණෙන පාකිස්තාන කණ්ඩායමට ඉන්දියාවේ දී වීසා ප්‍රශ්න ඇති නොවන බවට ලිඛිතව සහතිකයක් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා දෙන ලෙස පාකිස්තානය ICCයෙන් ඉල්ලා සිටියි. Youtube Cricket Baaz චැනලය හා එක්වෙමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන් එසේ පවසා සිටියේය. 

ආසියානු කුසලානය UAE හෝ ලංකාවේ

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට අනුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය, ඉන්දියා ක්‍රිකට් ආයතනයට සිය රජය සමඟ සාකච්චා කර ඉදිරි සති කිහිපය තුළ ලිඛිත සහතිකයක් ලබා දෙන ලෙස පවසන ලෙස ICCයෙන් ඉල්ලා තිබේ. මෙම නිලධාරියා පවසා ඇත්තේ මීළඟ ලෝක කුසලානය පවත්වන්නේ ඉන්දියාවේ දීද ඔස්ට්‍රේලියාවේ දීද යන්න තීරණය කිරීමට ICC විධායක මඩුල්ල මීළඟ දින කිහිපයේ දී හමුවනු ඇති බවයි. 

ඛාන් පවසා සිටියේ ‘විස්සයි විස්ස ලෝක කුසලානය’ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි. 

“දැන් ඇති ගැටලුව නම් 2021 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඉන්දියාවේ දීද ඕස්ට්‍රේලියාවේ දීද කියන එක. ඉන්දියාවට දැනටමත් 2021 ලෝක කුසලානයේ සත්කාරකත්වයට අයිතිය තියෙනවා.” යයි ඛාන් පවසා සිටියේය. 

ICC සාමාජිකයින් විස්සයි විස්ස ලෝක කුසලානය 2021 වසරේ හෝ 2022 වසරේ ඔක්තෝබර් මස සහ නොවැම්බර් මස අතර පැවැත්වීම සුදුසු යැයි විශ්වාස කරන බව ඛාන් වැඩිදුරටත් පවසා සිටියේය. 

“කරුණු කාරනා යෙදිලා තියෙන විදියට, 2022 වසරේ තියෙන හිඩැසේ මේ වසරේ පවත්වන්නට නියමිත ලෝක කුසලානය පවත්වන්නට පුළුවන්.” ඔහු පවසා සිටියේ පාකිස්තාන ක්‍රීඩකයින්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලැබුනොත් පමණක් ඔවුන් ඉන්දියාවේ දී පවත්වන්නට නියමිත ICC තරගාවලි වලට සහභාගී වන බවයි. 

හෆීස්ගේ කොරෝනා වාර්තාව කණපිට පෙරළිය 

ඛාන් පවසා සිටියේ පසුගිය කාලයේ දී පාකිස්තාන ක්‍රීඩා කණ්ඩායම් කිහිපයකටම ඉන්දියාවේ ක්‍රීඩා කරන්නට ඉන්දීය රජය අවසර ලබා නොදුන් බවයි. 

“මේ නිසා තමයි අපි කලින්ම ලිඛිත සහතිකයක් ඉල්ලා සිටින්නේ. නමුත් එය ICC තරගාවලියක්. ICCයේ වගකීමක් තමයි ICC සම්පූර්ණ සාමාජිකයින් ලෙස අපි අත්සන් තැබූ ගිවිසුමට අනුව ICC තරගාවලියකට සහභාගී වෙන්න අපිට අවස්ථාව සලසා දෙන එක.” 

ඛාන් තවදුරටත් පවසා සිටියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති දේශපාලන එදිරිවාදිකම් නිසා පාකිස්තානය හා ඉන්දියාව අතර තරගාවලියක් පෙනන තෙක් මානයක නොමැති බවයි. 

“අපිට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ හොඳ සබඳතාවයක් තියෙනවා. නමුත් අපි යථාර්ථවාදීව හිතුවොත් ඉන්දියාව හා පාකිස්තානය අතර තරගාවලියක් පවත්වන්නට හැකියාවක් නැහැ.” 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සවුරව් ගංගුලි, ICC සභාපති ධූරයට තරග කිරීම ගැන පාකිස්තානයේ අදහස ඛාන් මෙසේ පවසා සිටියේය. 

“අපිට නිශ්චිත යමක් පවසන්නට බැහැ. අපි තාම දන්නේ නැහැ ගංගුලි ඒ තනතුරට තරග කරයි ද කියලාවත්.” 

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියත් හබක්

පාකිස්තාන සභාපති එශාන් මනිගේ නම ද ICC සභාපතිගේ නමට යෝජනා වී ඇති අතර තවමත් ඔහු ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැත. 

HindusthanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<