හෆීස්ගේ කොරෝනා වාර්තාව කණපිට පෙරළිය

580

තමන් ලබා ගත් දෙවන PCR පරීක්ෂණයේ වාර්තා අනුව තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන මොහොමඩ් හෆීස් සිය නිල Twitter ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියි.

තවත් පාකිස්තානු ක්‍රීඩකයින් හත්දෙනෙක්ට කොරෝනා!

ඊයේ (23) දිනයේ දී පකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කළ බවත්, ඉන් හත්දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්ය. ඒ අතර හෆීස්ගේ නම ද ඇතුළත් විය.

හෆීස් සිය නිල Twitter ගිණුම හරහා නිකුත් කළ පණිවිඩය,

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එංගලන්ත – පාකිස්තානු ක්‍රිකට් තරගාවලිය සඳහා පසුගිය දා පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර එම සංචිතය ජුනි 28 වැනිදා එංගලන්තය බලා පිටව යාමට නියමිතය.

කොදෙව් එංගලන්ත ටෙස්ට් තරගාවලිය අවසන් වූ වහාම පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අගෝස්තු මාසයේ දී ආරම්භ කිරීමට දැනට කටයුතු සූදානම් කර තිබෙන අතර එම තරගාවලිය සඳහා ටෙස්ට් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ.

ඊයේ සහ පෙරේදා වාර්තා වූ කොරෝනා ආසාදනය වූ ක්‍රීඩකයින් 9 දෙනා සහ සම්බාහන නිලධාරියාට අමතරව (හයිඩර් අලී, හැරිස් රෞෆ් ශදාබ් ඛාන්, ෆකර් සමාන්, ඉම්රාන් ඛාන්, කාසිෆ් භට්ටි, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් රිස්වාන්, වහබ් රියාස්, මලන්ග් අලී) පාකිස්තානය තුල දී ශහීඩ් අෆ්රිඩි, තෞෆික් උමාර්, සෆාර් සෆ්රාස් යන ක්‍රීඩකයින් සියලු දෙනාටම COVID-19 වයිරසය ආසාදනය වී ඇත.

Video – මේ අය හෙට අනිද්දම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එයි ද?

එම ක්‍රීඩකයින් තිදෙනාට අමතරව ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක මජීඩ් හක් සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක සොලෝ නක්වෙනි යන ක්‍රිකට් ක්‍රීඩකයින් හට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන අනෙක් රටවල්වල වෙසෙන ක්‍රීඩකයින් වේ. එසේම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තුල සේවයෙහි නියුතු පුද්ගලයින් 7 දෙනෙකුට ද Covid-19 වයිරසය ආසාදනය වී ඇත.

පාකිස්තානයේ මේ වන විට Covid-19 ආසාදිත පුද්ගලයින් ගණන 189,000 ඉක්මවා තිබෙන අතර ඉන් සුවය ලබා තිබෙන පුද්ගලයින් ගණන 77,000 ඉක්මවා තිබේ. එසේම පාකිස්තානය තුල 3750කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Covid-19 වයිරසයට ගොදුරු වී සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ආරක්ෂිතව සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<