පාකිස්තාන ක්‍රීඩකයෝ එංගලන්තයට ගොඩබහින්න සූදානම්!

165

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් දස දෙනෙකු හට COVID-19 වයිරසය වැළඳී ඇති බව තහවුරු වුනත්, පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. 

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම හෙට (28) එක්සත් රාජධානියට පැමිණීමට නියමිතයි. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලිය ආරම්භ වන දිනය තවමත් නිවේදනය කර නැහැ.

පාකිස්තානය ඉන්දියාවෙන් ලිඛිත සහතිකයක් ඉල්ලයි

“එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කරනවා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 28 වැනි ඉරිදා එක්සත් රාජධානියට ළඟා වීමට නියමිතයි කියලා. ඔවුන් එංගලන්තයට පැමිණ සිය පුහුණුවීම් ආරම්භ කරයි. පාකිස්තානයේ එංගලන්ත සංචාරයට ටෙස්ට් තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්. තරගාවලිය පැවැත්වෙන දිනයන් ඉදිරියේ දී දැනුම් දෙයි” එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සිකුරාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

කොරෝනා වැළඳුණු පාකිස්තාන ක්‍රීඩකයින් 10 දෙනා සිය නිවාස තුළම නිරෝධායනය කර ඇති අතර ඔවුන් එංගලන්ත සංචාරයට එක්වන්නේ නැහැ. පළමු වටයේ COVID-19  පරීක්ෂණවලින් සමත් වූ පකිස්තාන ක්‍රීඩකයින් ජුනි 25 වැනිදා ලාහෝර් හිදී නැවතත් COVID-19 පරීක්ෂණයකට භාජනය කෙරුණා. 

එම පරීක්ෂණවල ප්‍රතිඵල පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට එංගලන්තය කරා පිටත්ව ඒමට අවසර ලැබෙන අතර එංගලන්ත රජයේ නීති රීති වලට අනුව ඔවුන්ට එංගලන්තයේ Worcester හිදී දින 14ක නිරෝධායනයකට ද යොමු වන්නට සිදු වෙනවා.

තවත් පාකිස්තානු ක්‍රීඩකයින් හත්දෙනෙක්ට කොරෝනා!

“බ්ලැක් ෆින්ච් නිව් රෝඩ් හිදී ඔවුන්ව දින 14ක නිරෝධායනයකට යොමු කරනවා. ඉන් පසුව ඔවුන්ව ඩර්බිෂයර් හි ඉන්කෝරා කවුන්ටි ක්‍රීඩාංගණයට යොමු කරනවා ජූලි 13 වැනිදා. එහි දී ඔවුන් පළමු ටෙස්ට් තරගයට සූදානම් වෙනවා. ඔවුන්ට ඔවුන් අතරම සිව්දින පුහුණු තරගයක් ක්‍රීඩා කරන්නටත් ඉඩ සලස්වා තිබෙනවා.”

“කණ්ඩායමේ සියලුම සාමාජිකයින් සංචාරයට පෙර COVID-19 පරීක්ෂණයට ලක් කර තිබෙනවා. COVID-19 පරීක්ෂණය සමත් නොවන අතර ඉරිදා එංගලන්තය එන සංචිතයට ඇතුළත් කර ගන්නේ නැහැ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<