ක්‍රීඩක ආදේශ අඩු කරන්න ලෝක රග්බි සැලසුම් කරයි

403
World Rugby

තරගයක් තුළ සිදුකළ හැකි ක්‍රීඩක ආදේශක සංඛ්‍යාව අඩු කිරීමට ලෝක රග්බි සම්මේලනයේ අවධානය යොමුවී ඇත. මීට මාස කීපයකට පෙර පැවති ලෝක රග්බි සම්මේලනයේ සභාපති ඡන්දයේ දී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් තම දෙවන ධුර කාලය ද ස්ථිර කරගැනීමට හිටපු සභාපති බිල් බියුමොන්ට් සමත් විය. 

පාසල් රග්බි ආරම්භය කල් යයි?

අධ්‍යාපන අමාත්‍යංශය විසින් අ. පො. ස. උසස් පෙළ

සර් බිල් බියුමොන්ට් සිය ඡන්ද ව්‍යාපාරයේ දී ලෝක රග්බි ක්‍රීඩාවට ඔහු ගෙන ඒමට බලාපොරොත්තු වන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පිළිබඳව කතා කිරීමට පෙළඹිනි. 

සිය දෙවන ධුර කාලයේ මුල් මාස කිහිපය තුළම පැතිර ගිය නව කොරෝනා වෛරසයත් සමඟින් ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවට පැනවූ සම්බාධක හමුවේ බියුමොන්ට්ගේ එම “විප්ලවය” තාවකාලිකව කල් දැමීමට සිදුව තිබිනි. 

කෙසේවෙතත් මේ වන විට රටවල් කිහිපයක් මෙම වෛරසය සාර්ථකව පාලනය කිරීමත් සමඟින් ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවට නැවතත් කොළ එළියක් ලැබී තිබේ. ඒ අනුව නව නීති කිහිපයක් වෙනස් කිරීමට බිල් බියුමොන්ට් ඇතුළු ලෝක රග්බි සම්මේලනය සූදානම් වන බව නවසීලන්තයේ The Herald පුවත්පත පසුගියදා වාර්තා කර තිබිනි. 

රග්බි තරගයක් අතරතුර දී ක්‍රීඩකයන් ආදේශ කිරීම පිළිබඳව පවතින නීතිය ද ඒ අනුව වෙනස්වීමට නියමිත බව එම පුවත්පත වාර්තා කර තිබේ. ඒ අනුව තරගයක් තුළදී ආදේශ කළ හැකි ක්‍රීඩකයන් සංඛ්‍යාව අඩු කිරීමට ලෝක රග්බි සම්මේලනයේ අවධානය යොමුව ඇත. 

දකුණු අර්ධගෝලයේ රටවල් තරගාවලි ව්‍යුහයන්හි විශාල වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර ලෝක රග්බි සම්මේලනය මෙම ආදේශක නීතිය පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි

ක්‍රීඩාවට වැඩි අභියෝගකාරී වටපිටාවක් හඳුන්වා දීම සඳහා ගෙන එන මෙම වෙනස සඳහා එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් ඇතුළු ක්‍රීඩාවේ ප්‍රමුඛ පුද්ගලයින් ගණනාවක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. 

මෙම නීතිය තරගයේ ප්‍රහාරාත්මක අවස්ථාවන් රැසක් විවෘත කරනු ඇත. ආදේශ කිරීම් සංඛ්‍යාව අඩු වීමෙන් තරගයක් තුළ සිදුවන බාධා කිරීම් අඩු වනු ඇත. මේ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින නීතිය ක්‍රීඩකයන්ගේ ආබාධ වැඩි කරන බවට බොහෝ පුහුණුකරුවන් පවසා ඇත. 

The Telegraph පුවත්පත ද මෙම වෙනස සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබිනි. එමඟින් ඔවුන් පවසා ඇත්තේ ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ‘සුපර් රග්බි තරගාවලිය’ හා සෙසු ජාත්‍යන්තර තරගාවලි වල දත්ත  විශ්ලේෂණය කරමින් මෙම වෙනස්කම කිරීමට සූදානම් වන බවයි.  

ක්‍රීඩක ආදේශය පිළිබඳව පවතින වර්තමාන නීතියට අනුව එක් කණ්ඩායමක් සඳහා ආදේශන අටක් සඳහා අවසර දී ඇත. එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් පවසා සිටියේ මෙම සංඛ්‍යාව දෙකකින් අඩුකර ආදේශක සංඛ්‍යාව හයක් බවට පත්කළ යුතු බවයි. 

අප නැවත ක්‍රීඩාවට යම් ජවයක් හා අභියෝගාත්මක වටපිටාවක් ලබා ගත යුතුයි. අපි නැවත ක්‍රීඩාවට යම් ඉඩක් ලබා ගන්න ඕනේ. එසේ නොවුවහොත් රග්බි ක්‍රීඩාව NFL (National Football League) තරගයක් වගේ වේවි.” ඔහු පසුගිය සතියේ දී පවසා තිබිනි

මට හිතෙනවා අපි තරගයක් තුළ සිදුකළ හැකි ආදේශන සංඛ්‍යාව හයක් දක්වා අඩු කරන්න ඕනේ කියලා. ඒ වගේම විනිසුරුවරුන් තරගය තුළදී ගන්නා තීරණ ගැන කරන සන්නිවේදනයන් අඩු කරලා තරගය සමඟ ඉදිරියට යන්න ඕනේ කියලා මම හිතනවා. ඒ වගේම අපි TMO (රූපවාහිනී විනිසුරු) අවස්ථා වලදී ගතවන කාලය අඩුකර ගන්න යම් ක්‍රමයක් සොයා ගත යුතුයි. ” 

මොහොතකට හදගැස්ම නැවැත්වූ Highlanders ජයග්‍රහණය!

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ තවත් එක් තරගයක්

මෙම ක්‍රීඩක ආදේශක සංඛ්‍යාව අඩු කිරීම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට සුදුසු දෙයක් වන බව හිටපු එංගලන්ත Hooker ක්‍රීඩකයෙකු වන බ්‍රයන් මුවර් පවසා ඇත. වර්තමාන නීතිය අනුව වෙහෙසට පත් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට එරෙහිව, වෙහෙස නොවූ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් තරගයට ආදේශ වන බව ද ඔහු පවසා තිබේ. 

තවත් හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකු වන ජෙරමි ගුස්කොට් සහ ඉහළ විනිසුරු නයිජල් ඕවන්ස් මෙම වෙනසට සහාය දක්වා තිබේ. ලෝක රග්බි සම්මේලනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය එආනා ෆල්වි පැවසුවේ ලෝක රග්බි සම්මේලනය මෙම තීරණ ගැනීම සඳහා හැඟීම් වලට වඩා හොඳ දත්ත උපයෝගී කරගැනීමට උත්සාහ කරන බවයි

Scrum ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සඳහා සියලු කණ්ඩායම් විශේෂඥ ඉදිරිපෙළ ක්‍රීඩකයන් තිදෙනෙකු අතිරේක ක්‍රීඩකයන් ලෙස තබාගත යුතු බව ඔහු පැවසීය

“මේ නීතිය මූලික වශයෙන් තරගයක් තුළදී ඔබට තිබෙන විකල්ප සීමා කරනවා.” ඔහු පැවසීය

මේ තත්වයේ තිබෙන සැබෑ ගැටළුව නම් පුහුණුකරුවන් කලින්ම තීරණය කළ යුතුයි ඔබ ආදේශන කිරීමට සූදානම්ද නැද්ද කියලා. ඒ වගේම අංක 9 හෝ 10 වගේ විශේෂඥ ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයන් විදිහට තබාගෙන ක්‍රීඩා කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. මොකද තරගය ඉදිරියට යද්දී ඔබට ප්‍රබල ඉදිරිපෙළක් අවශ්‍ය වෙන්න පුළුවන්.”  

මේ සංශෝධනයත් එක්ක අපගේ පළමු පියවර වන්නේ ආදේශන අඩු කිරීම, ක්‍රීඩාවේ ආබාධ සිදුවීමේ අනුපාතයට වගේම වේගයට විශාල වෙනසක් ඇති කරන්නේ ද යන්න දැන ගැනීමයි. එසේ වෙනසක් ඇති වෙනවා නම් එම ගැටලුවට ප්‍රායෝගික විසඳුම් සොයා බැලීම ආරම්භ කිරීම අපේ ඊළඟ පියවර වෙනවා.” 

මෙම වෙනස ක්‍රීඩකයන්ගේ ශරීර හැඩය වෙනස් වීමට හේතු විය හැකි බව ඔහු පැවසීය.

බරින් වැඩි ක්‍රීඩකයන්ට විනාඩි 55ක් ක්‍රීඩා නොකර විනාඩි 80ක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. එයින් අදහස් කරන්නේ ක්‍රීඩකයෙකුට කිලෝග්‍රෑම් 10ක් විතර බර අඩු කරගන්න වේවි. මොකද එහෙම නොවුනොත් ඔහුට අවසන් මිනිත්තු 20 සඳහා ක්‍රීඩා කරන්න නොහැකි වෙනවා.”

මේ තීරණයේ තියෙන අවාසි ගැනත් අපි සොයා බලනවා. ප්‍රධානම අවාසිය නම් බරින් වැඩි ක්‍රීඩකයින් තරගයේ වේගයට අනුවර්තනය වෙන්න සහ වේගයෙන් ක්‍රීඩා කරන්න උත්සාහ කරන විට ඔවුන්ට වැඩි ආබාධ සිදුවෙන්න පුළුවන්. නමුත් බරින් අඩු වේගවත් ක්‍රිඩකයන්ට වැඩි කාලයක් තරගය තුළ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා.”  

අපි සලකා බලන ප්‍රධානම තර්කය වෙන්නේ කණ්ඩායමක බරින් වැඩි ක්‍රීඩකයන් අඩුයි නම් සිදුවන ආබාධ සංඛ්‍යාවේ අඩුවීමක් අපිට බලාගන්න පුළුවන්.” 

හැව්ලෝක් ක්‍රීඩා සමාජයේ මුල් පුටුව හිටපු ක්‍රීඩකයෙකුට

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන දිවයිනේ කීර්තිමත් ක්‍රීඩා

“නමුත් අපි තරගයක් තුළ ආදේශක කිරීමට මූලික හේතුව සිදුවන ආබාධ වැළැක්වීමයි. මේ වෙනස්කම් එක්ක ක්‍රීඩාව මොන පැත්තට යාවිද කියලා හරියටම අනුමාන කරන්න බැහැ.” 

NZHerald හා The Telegraph ඇසුරිනි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<