Hurricanes කුණාටුවෙන් බැට කෑ Chiefs ක්‍රීඩකයින් කබලෙන් ලිපට

120

Super Rugby Aotearoa 2020 තරගාවලියේ සිව්වැනි සතිඅන්තය ඊයේ (5) නිමාවට පත්වූයේ Hurricanes කණ්ඩායමට තරගාවලියේ තම ප්‍රථම ජයග්‍රහණයේ සතුට සැමරීමට ඉඩප්‍රස්තාව සලසා දෙමිනි. ඔවුන් අතින් ලකුණු 25-18ක් ලෙස පරාජයට පත් වූ Chiefs කණ්ඩායමට අත්විඳීමට සිදු වූයේ තරගාවලිය තුල ලද සිව්වැනි අඛණ්ඩ පරාජය වීම ද විශේෂත්වයකි.

Crusaders පෙරමුණට. Highlanders තෙවන තැනට

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් එතෙක් සහභාගී වී තිබූ එකදු තරගයක් හෝ ජයග්‍රාගි සටහනකින් නිමා කිරීමට අපොහසත් වූ නිසාවෙන් ඊයේ තරග බිමට අවතීර්ණ වූයේ කෙසේ හෝ තරගයේ ජය තමන් සතු කරගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.

ආරම්භයේ පටන් උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු වෙඩි මුරය දියත් කරමින් Hurricanes ක්‍රීඩක Van Wyk ප්‍රතිවාදී Chief ආරක්ෂක බැමි පහසුවෙන්ම පසුකොට යමින් ධවල රේඛාව අභිබවා ගමන් කළේ ප්‍රවර්තිත උත්සාහක දිනුමකට මඟ විවර කරදෙමිනි. (Hurricanes 05 – 00 Chiefs)

ඉන් අනතුරුව ඔවුන් අතින් සිදු වූ අත්වැරදීමක් ප්‍රයෝජනයට ගනිමින් ලකුණු ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ Chiefs කණ්ඩායම උදා වූ දඬුවම් පහර සාර්ථක කරගනිමින් ලකුණු අතරට පිවිසීමට සමත් විය. පන්දු පාලනයේ දී කණ්ඩායම් දෙක අතින්ම සුළු අත්වැරදීම් කිහිපයක් සිදු වූ නමුත් කරට කර සටනක් ලබා දෙමින් තරගයේ පාලනය තමන් නතු කරගැනීමට ද දෙපිලේම ක්‍රීඩකයෝ දැඩි ප්‍රයත්නයක නිරත වූහ. (Hurricanes 05 – 03 Chiefs)

HSBC සත් සාමාජික රග්බි කිරුළ නවසීලන්තයට

විනාඩි 20ක පමණ කාලයක් ගත වන තුරුත් කිසිදු කණ්ඩායමකට ලකුණු පුවරුවෙහි වෙනසක් කිරීමට අවස්ථාවක් නොලැබුණු නමුත් Du Plessis Krifi දියත් කළ ප්‍රහාරයෙන් තවත් උත්සාහක දිනුමක වාසිය අත්පත් කරගත් Hurricanes කණ්ඩායම Jordie Barretගේ දඬුවම් පහර ද්විත්වයෙන් තවත් පන්නරය ලැබුවේ මුළු ලකුණු පරතරය 17ක් දක්වා ඉහළ නංවාලමිනි. (Hurricanes 20 – 03 Chiefs)

පළමු අර්ධය: Chiefs 03 (1P) – 20 (2T,2C,2P) Hurricanes

පළමු අර්ධයේ දී ලද පසුබෑම හමුවේ තරමක් පසුගාමී අඩියකට ඇඳ වැටුණු Chiefs කණ්ඩායම යලි හිස එසවීමට ආරම්භ කළේ Mckenzie හට උදා වූ දඬුවම් පහර සාර්ථක වීමත් සමඟිනි. නමුත් ඊට නිසි පිළිතුරු දීමට කල් වේලා නොගත් Hurricanes ක්‍රීඩකයින් උත්සාහක දිනුමකින් ප්‍රතිවාදීන් හට සංග්‍රහ කිරීමට වග බලා ගත්තේ Van Wyk විසින් තමන් වෙත ලැබුණු පන්දුව සුරක්ෂිතව ධවල රේඛාව අභිබවා රැගෙන යාමත් සමඟිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට Jordie අසමත් විය. (Hurricanes 25 – 06 Chiefs)

ක්‍රීඩාලෝලීන් හඬවමින් මෙලොව හැර ගිය ක්‍රීඩා තරු

ඉන් අනතුරුව එළඹි කාලසීමාව තුල Chief කණ්ඩායමේ හැකියා දක්ෂතා යලි ඉස්මතු වීමට පටන් ගැනුනේ ඔවුන් උපායමාර්ගිකව අත්හදා බැලූ යම් වෙනස්කම් කිහිපයක් අපේක්ෂා කළ අයුරින් ක්‍රියාත්මක වීමත් සමඟිනි. 

Hurricanes ක්‍රීඩක Scrafton විසින් උත්සාහක දිනුම් රේඛාව අසල දී Offside වරදට හසුවීමත් සමඟම ඔහුට දෙවන වතාවටත් කහ කාඩ්පතකින් දඬුවම් කිරීමට විනිසුරු කටයුතු කළ අතර ඔහුට ඒ අනුව සම්පූර්ණ කාලය අවසන් වන තෙක් තරගයෙන් ඉවත්ව සිටීමට සිදු විය. දඬුවම් උත්සාහක දිනුමක වරප්‍රසාදය හිමිකරගත් Chiefs ක්‍රීඩකයින් කෙමෙන් කෙමෙන් තරගයේ පාලනය ඔවුන් නතු කරගන්නා අකාරයක් දිස්විය. (Hurricanes 25 – 13 Chiefs)

අවසන් මිනිත්තු පහ තුල දෙපිලේම ක්‍රීඩකයින් උද්වේගකර අවසානයක් කරා තරගය රැගෙන ගිය නමුත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හැකියාව ලැබුණේ Chiefs ක්‍රීඩක Lachlan Boshier හට පමණි. Mckenzie ප්‍රවර්තනය අවස්ථාව සාර්ථක කරගැනීමට සමත් වූ නමුත් ඔවුන් දෙදෙනාගේ එම වෑයම අවසානයේ දී තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම වෙත හිමිකර දීමට තරම් ප්‍රමාණවත් නොවීය. (Hurricanes 25 – 18 Chiefs)

අවසන් ලකුණු තත්වය: Chiefs 18 (1T,1PT,2P) – 25 (3T,2C,2P) Hurricanes

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Chiefs – Lachlan Boshier (1T) , Damian Mckenzie (2P)
  • Hurricanes – Kobus Van Wyk (2T), Jordie Barrett (2C,2P), Du Plessis Kirifi (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<