T10 ගිය ක්‍රීඩකයෝ හිස් අතින්ම ගෙදර එයි

792

සුපිරි තරගාවලියක නැවුම් බවත්, උණුසුමත් ලබා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වූ T10 ක්‍රිකට් තරගාවලියේ කිසිදු තරගයක් ජය ගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) හිස් අතින්ම සියරට බලා පැමිණෙනු ඇත.

විශ්ව ප්‍රනාන්දුගෙන් දක්ෂ පන්දු යැවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන T10 සුපිරි ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම, මරත ඇරැබියන්ස් කණ්ඩායම සහ පක්ටූන්ස් කණ්ඩායම සමඟ තරග කළ අතර අදාළ තරග…

තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගී වූ තෙවැනි සහ සිව්වැනි තරගත් ඊයේ (16දා) රාත්‍රියේ දී පරාජයට පත් වෙමින් තරගාවලියෙන් ඉවතට විසි වූයේ තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් 6න් හයවැනි ස්ථානයට පත් වෙමිනි.

ටීම් ශ්‍රී ලංකා සහ බෙංගාල් ටයිගර්ස්

තරගාවලියේ හය වැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 114ක් ලබා ගන්නා ලදි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසෙන බෙංගාල් ටයිගර්ස් ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී ලකුණු 118ක් ලබා ගන්නේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී ය. තරගයේ ජයග්‍රහණය කියැවුණේ බෙංගාල් ටයිගර්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් ලෙසිනි.

තරගාවලියේ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසාන තරගය වූ මේ සඳහා නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට නායකත්වයේ වගකීම දැරුවේ ඩිල්ශාන් මුණවීර ය. ඉනිම ආරම්භ කළ මුණවීර සහ භානුක රාජපක්ෂ පළමු කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 48ක් එක් කළහ. මුණවිර ලකුණු 11කට දැවී ගියේය.

අනතුරුව දෙවැනි කඩුල්ලට භානුක හා එක් වු ෂෙහාන් ජයසූරිය පන්දු 19ක දී ලකුණු 42ක් එක් කළහ. ෂෙහාන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 11කි. ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂගේ ඉනිම නිමා වූයේ පන්දු 27ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 65කිනි. ඇන්ජලෝ පෙරේරා ද නොදැවී ලකුණු 11ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිමේ දී ජොන්සන් චාර්ල්ස් පන්දු 15ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහර 4කින් සමඟින් ලකුණු 36ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේ දී කසුන් මධුශංක ලකුණු 21කට කඩුලු දෙකක් දවාගත් අතර ඊට අමතරව රමිත් රඹුක්වැල්ල සහ ෂෙහාන් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්හ.

ටීම් ශ්‍රී ලංකා; කඩුලු 4ක් දැවී 115 (10.0) භානුක රාජපක්ෂ 65,  අමීර් යාමින් 2/32

බෙංගාල් ටයිගර්ස්; කඩුලු 4ක් දැවී 118 (9.2) ටී. කොහ්ලර් චැඩිමෝර් 25, ජොන්සන් චාල්ස් 36, ඩේවිඩ් මිලර් නොදැවී 25, කසුන් මධුශංක 2/21

ටීම් ශ්‍රී ලංකා සහ කේරළ කිංගස්

පළමු වටය සඳහා B කොටසින් සහභාගී වූ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේ තරග දෙකම පරාජය වීම නිසා ප්‍රසාද ලකුණු අනුව හිමි වූයේ අවසන් ස්ථානයයි. ඒ අනුව ඔවුන්ට  Play-off වටයේ දී මුණ ගැසුණේ A කොටසේ පළමුවැනියා වූ කේරළ කිංග්ස් කණ්ඩායමයි. ඒ ඔවුන් පළමු වටයේ තරග දෙක ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා වීම නිසා ය.  

පළමුවෙන් පන්දුවට පහර දුන් ටීම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබා ගත්හ. පිළිතුරු  ඉනිමට පිටියට පිවිසි කේරළ කිංග්ස් ක්‍රීඩකයෝ පන්දු වාර 5ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 67ක් ලබා සිටිය දී වර්ෂාව හේතුවෙන් ටික වේලාවකට තරගය නතර කරන ලදි. අනතුරුව තරගය නැවත ආරම්භ වූයේ පන්දු වාර 8ක දී ලකුණු 92ක  ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රාහී ඉලක්කයක් කේරළ ක්‍රීඩකයන්ට ලබා දෙමිනි. ඔවුන් එම ඉලක්කය පන්දු 11ක් ඉතිරිව තිබිය දී පසු කළහ.

ටීම් ශ්‍රී ලංකා ඉනිමේ දී නැවත වතාවක් ලකුණු අතරට පිවිසීමට නායක දිනේෂ් චන්දිමාල් සමත් විය. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තේය. භානුක රාජපක්ෂ පන්දු 16ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේය. ඊට අමතරව ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රමිත රඹුක්වැල්ල පන්දු 6ක දී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තේය.

කුසල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ “B” කොටසේ තරග කිහිපයක් අද (16) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

කේරළ කිංග්ස් ක්‍රීඩකයෝ ඉතාම ලෙහෙසියෙන් ටීම් ශ්‍රී ලංකා ඉලක්කය පසුකර ගියේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ගේ ලකුණු සබඳතාවක් හේතුවෙනි. ඒ චඩ්වික් වෝල්ටන් සහ කිරාන් පොලාඩ් එකතුව තෙවැනි කඩුල්ලට පන්දු 16ක දී ලබා ගත් ලකුණු 51ක සහ සම්බන්ධය හේතුවෙනි.  

තරගයේ ජයග්‍රහණය වාර්තා වන විට චඩ්වික් වෝල්ටන් පන්දු 21ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා ගත් අතර කිරාන් පොලාඩ් පන්දු 12ක දී හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී ඇන්ජලෝ පෙරේරා සහ කසුන් මධුශංක කඩුල්ල බැගින් බෙදා ගත්ත ද ඇන්ජලෝ පෙරේරාට හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක ප්‍රහාරයකට දෙවැනි පන්දු වාරයේ ගොදුරු වීමට ද සිදු විය.  

ටීම් ශ්‍රී ලංකා; කඩුලු 3ක් දැවී 112 (10.0) දිනේෂ් චන්දිමාල් නොදැවී 38, ඩිල්ශාන් මුණවීර 15, භානුක රාජපක්ෂ 26, රමිත් රඹුක්වැල්ල නොදැවී 20

කේරළ කිංග්ස්; කඩුලු 2ක් දැවී 92 (6.1) චඩ්වික් වෝල්ටන් නොදැවී 47, කිරාන් පොලාඩ් නොදැවී 40


පක්ටූන්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

මේ අතර Play-off වටයේ බෙංගාල් ටයිගර්ස් කණ්ඩායම සහ පක්ටූන්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට පක්ටුන්ස් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් බෙංගාල් ටයිගර්ස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 126ක් ලබා ගත් අතර පක්ටූන්ස් ක්‍රීඩකයෝ තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් සේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වෙද්දී ය.

බෙංගාල් ටයිගර්ස්; කඩුලු 2ක් දැවී 112 (10.0) ජොන්සන් චාල්ස් 28, ඩේවිඩ් මිලර් 68

පක්ටූන්ස්; කඩුලු 4ක් දැවී 130 (10.0) අහමඩ් ෂේශාද් 38, සහීඩ් අෆ්රිඩී 23, ෆකාර් ෂාම් 31, ලියෝන් ඩෝසන් 19

මාලිංග, මුණවීර ඇතුළු ප්‍රබලයින් රැසක් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන 20 වැනිදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සුපිරි සංචිතයක් නම් කර ඇත.

මරත ඇරැබියන්ස් කණ්ඩායමට ලකුණු 14ක ජයක්

මරත ඇරැබියන්ස් සහ පංජාබ් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 14ක ජයක් ලබා ගැනීමට මරත ඇරැබියන්ස් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් මරත ඇරැබියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේ රිල් රොසෝව් පන්දු 27ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමඟින් එක්කළ ලකුණු 67 හේතුවෙනි.

පිළිතුරු ඉනිමට පංජාබ් ලෙජන්ඩ්ස් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 116ක් පමණි.

මතර ඇරැබියන්ස්; කඩුලු 6ක් දැවී 130 (10.0) රිලි රොසොව් 67, අසාර් ස්ටැනික්සල් 26, ෆයිම් අස්රාෆ් 2/23

පංජාබ් ලෙජන්ඩ්ස්; කඩුලු 3ක් දැවී 116 (10.0) ලුක් රොන්චි 56, ෂොයිබ් මලික් 27


අවසන් පූර්ව සහ අවසාන තරග අද (17)

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පක්ටූන්ස් කණ්ඩායම සහ පංජාබ් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර ද දෙවැනි අවසන් පූර්ව තරගය කේරල කිංග්ස් සහ මරත ඇරැබියන් කණ්ඩායම් අතර ද පැවැත්වේ.

එම තරගවල ජයග්‍රාහකයන් සහභාගී වන අවසාන මහා තරගය අද (17දා) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න