මාලිංග, මුණවීර ඇතුළු ප්‍රබලයින් රැසක් ඉවතට

3036

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන 20 වැනිදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සුපිරි සංචිතයක් නම් කර ඇත.

තිසර පෙරේරාගේ නායකත්වය සහිතව ක්‍රීඩා කරනු ලබන මෙම කණ්ඩායමට ලසිත් මාලිංග ඇතුළත් කර නොමැති අතර ඔහුට යම් විවේකයක් ලබා දී ඇති බව දැන ගන්නට ලැබේ.

තාම ලක්මාල් ඔහුගේ ඉහළම දක්‍ෂතාවය පෙන්නුවේ නැහැ – රුමේෂ් රත්නායක

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසන අන්දමට වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ ඉහළම දක්‍ෂතාවය ප්‍රේක්ෂකයින්…

මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැත්වූ ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කළ අතර මාලිංග පසුගිය දා නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළේය.

ඉන්දියාව තුල දැනට සිටින ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයින් අතුරෙන් ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල් විස්සයි විස්ස සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට දසුන් ශානක හා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් කර ඇත.

විස්සයි විස්ස විශේෂඥයින් වන සීකුගේ ප්‍රසන්න, ඉසුරු උදාන හා ඩිල්ශාන් මුණවීර යන ක්‍රීඩකයින් වෙත මෙවර තේරීම් කමිටුවේ අවධානය යොමු වී නොමැත.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය 

තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝශන් දික්වැල්ල , දසුන් ශානක, සධීර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා , සචිත් පතිරණ, අකිල ධනංජය , දුශ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු.

විස්සයි – විස්ස තරග කාලසටහන

  • පළමු තරගය – දෙසැම්බර් 20 කටක් හිදී
  • දෙවන තරගය – දෙසැම්බර් 22 ඉන්දොරේ හිදී
  • තෙවන තරගය – දෙසැම්බර් 24 – මුම්බායි හිදී

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<