විශ්ව ප්‍රනාන්දුගෙන් දක්ෂ පන්දු යැවීමක්

986

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන T10 සුපිරි ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම, මරත ඇරැබියන්ස් කණ්ඩායම සහ පක්ටූන්ස් කණ්ඩායම සමඟ තරග කළ අතර අදාළ තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

ශම්මු, මිලින්ද සහ ප්‍රිමෝශ්ගෙන් සුපිරි ශතක ත්‍රිත්වයක්

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින් සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග 6ක් අද (15) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ රැසක දී ආරම්භ විය.

ශ්‍රී ලංකාව සහ මරත ඇරැබියන්ස්

පළමුවෙන් පන්දුවට පහර දුන් ටීම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු වාර 10කට අවැසි ලකුණු ප්‍රමාණයකටත් වඩා රැස් කළ ද, මරත ඇරැබියන්ස් ක්‍රීඩකයෝ පිළිතුරු ඉනිමේ ආරම්භයේ සිටම තරගයට පිවිසියේ ප්‍රතිවාදී ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම පයිසෙකට මායිම් නොකරමිනි.

නමුත් තරගයේ මැද භාගයේ දී ටීම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත තරගයට ප්‍රවිෂ්ට වූව ද එය පන්දු කිහිපයකින්ම විනාශ කර දැමීමට මරත ඇරැබියන්ස් ක්‍රීඩකයෝ කටයුතු කළහ.

ටීම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට මරත ඇරැබියන්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තේය.

ටීම් ශ්‍රී ලංකා ඉනිමේ දී දිනේෂ් චන්දිමාල් පන්දු 24ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබා ගත්තේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමිනි. චන්දිමාල්ට අමතරව ඉනිම ගොඩ නැගීමේ දී ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම තම දක්ෂතාවන් කණ්ඩායමට නොමසුරුව දායාද කළහ.

ඒ අතුරින් භානුක රාජපක්ෂ පන්දු 9ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තේය. ෂෙහාන් ජයසූරිය ලකුණු 28ක් ලබා ගත්තේ පන්දු 11කිනි. එම ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. රමිත රඹුක්වැල්ල පන්දු 10ක දී ලකුණු 22ක් ලබා ගත්තේ හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මරත ඇරැබියන්ස් කණ්ඩායම අවසාන පන්දුවේ දී ජයග්‍රහණය ලබා ගත්තේ තවත් කඩුලු 5ක් අතැතිවයි. තරගයේ සුපිරි ප්‍රහාරකයා වූයේ රිලී රොසෝව් ය. ඔහු පන්දු 18ක දී හයේ පහර 6ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේය. ඔහුගේ මෙම දක්ෂතාව තරගයේ වීරයා සම්මානයට ද නම් කෙරුණේ ය. දක්ෂතා දැක්වූ අනෙක් ක්‍රීඩකයන් අතුරින් ඇලෙක්ස් හලෙස් පන්දු 14ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී 9 වැනි පන්දු වාරයේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක් දවා ගනිමින් තරගයට යම් තරමක ජීවයක් දුන්න ද අනෙක් පන්දු යවන්නන්ගෙන් ඔහුට අවැසි තරමේ ශක්තියක් ලැබුණේ නැත. කසුන් මධුශංක සහ රමිත රඹුක්වැල්ල කඩුල්ල බැගින් ලබා ගත්ත ද, මරත ඇරැබියන්ස් කණ්ඩායමේ කණ්ඩායමේ ජයග්‍රහණය ඉන් වළකාලීමට හැකි වූයේ නැත.  

ටීම් ශ්‍රී ලංකා; කඩුලු 4ක් දැවී 125 (10.0): දිනේෂ් චන්දිමාල් නොදැවී 37, භානුක රාජපක්ෂ 19, ෂෙහාන් ජයසූරිය 28, රමිත රඹුක්වැල්ල 22, හර්ඩස් විල්ජින් 2/28, ඩිවයින් බ්‍රාවෝ 2/12

මරත ඇරැබියන්ස්; කඩුලු 5ක් දැවී 131(10.0): ඇලෙක්ස් හලෙස් 32, රිලී රොසෝව් 49, රී වැන්ඩර් මර්ඩ් 25, විශ්ව ප්‍රනාන්දු 2/15

මාලිංග, මුණවීර ඇතුළු ප්‍රබලයින් රැසක් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන 20 වැනිදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සුපිරි සංචිතයක් නම් කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පක්ටූන්ස් කණ්ඩායම

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ දී ද පෙර තරගයේ දී මෙන්ම පරාජයට පත් වීමට සිදු විය. පක්ටූන්ස් කණ්ඩායම සමඟ පැවති එම තරගයෙන් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් පක්ටූන්ස් ක්‍රීඩකයෝ තම පන්දුවාර 10 අවසාන කළේ කඩුලු 6ක් දැවී ලකුණු 111ක් ලබා ගනිමිනි. ඊට පිළිතුරු ලෙසින් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 87ක් පමණි.

පක්ටූන්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව වරෙක කඩුලු 2ක් දැවී ලකුණු 29ක්ව තිබුණ ද තෙවැනි කඩුල්ලට තමීම් ඉක්බාල් සහ ලියම් ඩෝසන් (11) එක්ව ලකුණු 48ක සබඳතාවක් ගොඩ නගමින් තරගයක් දිය හැකි ලකුණු මට්ටමකට කණ්ඩායම ගෙන ආහ.

තරගයේ වීරයා ලෙසින් අභිශේක ලැබූ තමීම් ඉක්බාල්ගේ ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 56ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිම පන්දු 27කින් වාර්තා වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එක්කර තිබුණි. ඊට අමතරව අහමඩ් ෂේශාද් පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 25ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී විශ්ව ප්‍රනාන්දු සහ ෂෙහාන් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම පිටියට පිවිසි ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයන් වූ දිනේෂ් චන්දිමාල් සහ ඩිල්ශාන් මුණවීර දෙවැනි පන්දු වාරයේ දී නැවත ක්‍රීඩාගාරය වෙත යැවීමට එංගලන්ත ක්‍රීඩක ලියම් ඩෝසන් සමත් විය. ඒ වන විට දෙදෙනාම රැස් කරගෙන සිටියේ ලකුණක් බැගිනි.

ටීම් ශ්‍රී ලංකා වෙනුවෙන් හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග ලකුණු 31ක් ලබා ගත්තේ ය. ඉක්මන් ලකුණක් කරා දුව යෑමට උත්සාහ කිරීමේ දී දැවී ගිය ඔහුගේ ඉනිම පන්දු 12කින් සමන්විත වූ අතර ඊට අලංකාර හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. ඊට අමතරව රමිත රඹුක්වැල්ල පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තේය.

පක්ටූන්ස්; කඩුලු 6ක් දැවී 111(10.0): ටමීම් ඉක්බාල් නොදැවී 56, අහමඩ් ෂේශාද් 25, විශ්ව ප්‍රනාන්දු 2/15, ෂෙහාන් ජයසූරිය 2/19

ටීම් ශ්‍රී ලංකා; කඩුලු 7ක් දැවී 87(10.0): භානුක රාජපක්ෂ 13, රමිත රඹුක්වැල්ල 18, වනිඳු හසරංග නොදැවී 31, ලියම් ඩෝසන් 2/06


පංජාබ් ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

පංජාබ් ලෙජන්ඩ්ස් කණ්ඩායම හා කේරල කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට පංජාබ් ලෙජන්ඩ්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කේරල කිංග්ස් ක්‍රීඩකයෝ තම පන්දුවාර 10 දී කඩුලු 4ක් දැවී ලකුණු 114ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පංජාබ් ලෙජන්ඩ්ස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 115ක් ලබා ගත්තේ ඉනිමේ තවත් පන්දු 6ක් ඉතිරිව තිබිය දී ය.

කේරල කිංග්ස්; කඩුලු 4ක් දැවී 114(10.): පෝල් ස්ටර්ලින් 46, ඉයන් මෝර්ගන් 21, නිකොලාස් පූරාන් 20

පංජාබ් ලෙජන්ඩ්ස්; කඩුලු 2ක් දැවී 115(9.0): උමාර් අක්මාල් 31, ෂොයිබ් මලික් නොදැවී 60

රජීව වීරසිංහ හා සොහාන් රංගික පන්දුවෙන් දස්කම් අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කොටසේ තරග අද (15) ආරම්භ විය.

බෙංගාල් ටයිගර්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්

තරගාවලියේ ඊයේ ප්‍රථමයෙන් පැවති තරගයේ දී පංජාබ් ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් ලැබීමට බෙංගාල් ටයිගර්ස් කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් ලෙජන්ට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 99ක් ලබා ගත් අතර ජයග්‍රාහී බන්ගාල් ටයිගර්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 105ක් ලබා ගත්තේ තරගය නිමා වීමට තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී ය.

පංජාබ් ලෙජන්ට්ස්; කඩුලු 6ක් දැවී 99(10.0): උමාර් අක්මාල් 38, ෂොයිබ් මලික් 30, අන්වර් අලි 2/25

බෙංගාල් ටයිගර්ස්; කඩුලු 7ක් දැවී 105(9.2): සර්ෆාස් අහමඩ් 15, ඩේවිඩ් මිලර් 15, අමීර් යමින් 18, හසන් අලි 4/07

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<