අඛණ්ඩව 13 වැනි වරටත් ISAC ශූරතාවය වත්තලට

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවය 2023

363
International Schools Athletics Championship 2023

වසර දෙකක පමණ විවේකයකින් පසු ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවය පසුගිය සෙනසුරාදා (25) සහ ඉරිදා (26) පැවැත්වුනා.

සුපුරුදු පරිදි සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින් නොකඩවා 13 වැනි වරටත් ISAC කිරුළ සිය පාසලට රැගෙන යාමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට හැකි වුනා.

2001 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියේ මෙවර සත්කාරකත්වය දසවැනි වරටත් ලයිසියම් ජාත්‍යන්තර පාසල් විසින් දැරූ අතර මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,800ක් පමණ සහභාගී වීම විශේෂත්වයක්.

සුපුරුදු පරිදි මෙවර තරගාවලියේ ආධිපත්‍ය රඳවා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල රන් පදක්කම් 44ක්, රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 20ක් සමඟ සමස්ත පදක්කම් 99ක් ජයග්‍රහණය කළ අතර දෙවැනි ස්ථානය දිනා ගත් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල දිනා ගත් පදක්කම් සංඛ්‍යාව 48ක් (රන් 22, රිදී 12 සහ ලෝකඩ 14).

එමෙන්ම නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල පදක්කම් 35ක් (රන් 6, රිදී 16 සහ ලෝකඩ 16), පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල පදක්කම් 27ක් (රන් 09, රිදී 10 සහ ලෝකඩ 08) සහ රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල පදක්කම් 14ක් (රන් 1, රිදී 5 සහ ලෝකඩ 08) දිනා ගැනීමට සමත් වුනා.

2023 ISAC තරගාවලියේ කුසලාන බෙදී ගිය ආකාරය,

Wycherley ජාත්‍යන්තර පාසල් අභියෝගතා කුසලානය – 12න් පහළ ශූරිය

  • චෙනුති පෙරේරා – ලයිසියම් ජාත්‍යන්තර පාසල (පානදුර)

OKI ජාත්‍යන්තර පාසල් අභියෝගතා කුසලානය – 12න් පහළ ශූරයා

  • අරිඳු ජයමාන්න – ලයිසියම් ජාත්‍යන්තර පාසල (නුගේගොඩ)
  • Sahl Hafeel – ගේට්වේ ජාත්‍යන්තර පාසල (මහනුවර)
  • Mikaeel Bukhary – Wycherley ජාත්‍යන්තර පාසල

St. Nicholas අභියෝගතා කුසලානය – අවුරුදු 12න් පහළ සමස්ත ශූරතාවය

  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ

Leeds ජාත්‍යන්තර පාසල් අභියෝගතා කුසලානය – 14න් පහළ ශූරිය

  • දිලිනි රාජපක්ෂ – ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල)

Burhani Serandib පාසල් අභියෝගතා කුසලානය – අවුරුදු 14න් පහළ ශූරයා

  • අශේන් තෙවරප්පෙරුම – ගේට්වේ විද්‍යාලය (කොළඹ)

British School අභියෝගතා කුසලානය – අවුරුදු 14න් පහළ සමස්ත ශූරතාවය

  • ගේට්වේ ජාත්‍යන්තර පාසල – කොළඹ

නලංගි පෙරේරා අනුස්මරණ කුසලානය – අවුරුදු 16න් පහළ ශූරිය

  • ශේශා උමයා රත්නායක – ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල)

Belvoir ජාත්‍යන්තර පාසල් කුසලානය – අවුරුදු 16න් පහළ ශූරයා

  • අපූර්ව කරුණාවීර – ගේට්වේ ජාත්‍යන්තර පාසල (කොළඹ)

Colombo ජාත්‍යන්තර පාසල් අභියෝගතා කුසලානය – අවුරුදු 16න් පහළ සමස්ත ශූරතාවය

  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල

Ilma International අභියෝගතා කුසලානය – අවුරුදු 18න් පහළ ශූරිය

  • සචිනි සමරසේකර – ගේට්වේ ජාත්‍යන්තර පාසල (කොළඹ)

ලයිසියම් ජාත්‍යන්තර පාසල් අභියෝගතා කුසලානය – අවුරුදු 18න් පහළ ශූරයා

  • සෙනුර හංසක සංදීප – ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල)

Stafford ජාත්‍යන්තර පාසල් අභියෝගතා කුසලානය – අවුරුදු 18න් පහළ සමස්ත ශූරතාවය

  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල

Royal Institute අභියෝගතා කුසලානය – අවුරුදු 20න් පහළ ශූරිය

  • සෙත්මි කෞෂිකා – ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල)
  • මල්කෙත්මි සිල්වා – ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල)

Elizabeth Moir පාසල් අභියෝගතා කුසලානය – අවුරුදු 20න් පහළ ශූරයා

  • Anjolo Benedict – ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල)

Alethea ජාත්‍යන්තර පාසල් අභියෝගතා කුසලානය – අවුරුදු 20න් පහළ සමස්ත ශූරතාවය

  • ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල)

Gateway Graduate පාසල් අභියෝගතා කුසලානය – සමස්ත සහය දිවිමේ ශූරතාවය

  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල

Munchee & Lyceum Campus අභියෝගතා කුසලානය – දක්ෂතම ක්‍රීඩිකාව

  • දිනාරා බණ්ඩාර – ගේට්වේ ජාත්‍යන්තර පාසල (කොළඹ)

Munchee & Lyceum Campus අභියෝගතා කුසලානය – දක්ෂතම ක්‍රීඩකයා

  • රස්විම් කරීම් – ලයිසියම් ජාත්‍යන්තර පාසල (පානදුර)

RIT Alles අභියෝගතා කුසලානය – තරගාවලියේ හොඳම දක්ෂතාව

  • දිනාරා බණ්ඩාර – මීටර් 200 (තත්පර 00:24.87)

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<