15න් පහළ ශූරතාවය සමව බෙදී යයි

210

සිංගර් කුසලානය වෙනුවෙන් පැවති වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (2) මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ තර්ස්ටන් ක්‍රිකට් පිටියේ දීයි.

නමුත් ඊයේ හා අද උදෑසන කාලය පුරාවට ඇද හැලුණු අධික වර්ෂාව නිසාවෙන් ක්‍රීඩා පිටිය ක්‍රීඩා කිරීමට උචිත තත්වයක නොතිබූ නිසා ශූරතාවය සමව බෙදා දීමට තරග සංවිධායකයින් තීරණය කළේය.

MAS හෝල්ඩිංග්ස්ට ලකුණු 120ක ජයක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවති සම්පත් බැංකු කණ්ඩායම සහ MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම…

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ මෙම ක්‍රිකට් තරගාවලිය මාස 4කට ආසන්න කාලයක් පැවති අතර දිවයින පුරා විසිරුණු පාසල් කිහිපයක් මේ තරගාවලිය සඳහා සහභාගී විය.

කොළඹ රාජකීය විද්‍යාලය තෙවැනි වටයේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ තෙවැනි වටයේ දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කරමිනි.

රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී (සුපිරි 8 වටයේ දී) කොළඹ තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයේ (සුපිරි 4 වටය) සිය ස්ථානය වෙන්කරවා ගත්තේය.

ගුරුකුල විද්‍යාලය හමුවේ සාන්ත ජෝසප් වාස් පසුබසී

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ සුහද තරගයක් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර පැවැත්විය.

අවසන් පූර්ව වටයේ දී (සුපිරි 4 වටයේ දී) මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පැරද වූ රාජකීය විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඊට අමතරව අවසන් පූර්ව වටයේ දී කොළඹ මහානාම විද්‍යාලය පැරද වූ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමන්ගේ මඟ පෙන්වීම යටතේ කණිෂ්ක පෙරේරා මහතා කණ්ඩායම් භාර ආචාර්ය සහ ප්‍රධාන පුහුණුකරු ලෙස අගනා කාර්යභාරයක් ඉටු කළ අතර සමිත් ප්‍රනාන්දු මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබීය.

රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතාගේ උපදෙස් පරිදි ඩබ්. ඒ. එස්. ප්‍රියදර්ශන මහතා කණ්ඩායම් භාර ආචාර්ය ලෙස කටයුතු කළ අතර රශාන් පීරිස් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාල අවුරුදු 15න් පහළ කණ්ඩායම දසිස් මංචනායක විසින් මෙහෙයවූ අතර සංදේෂ් ප්‍රනාන්දු මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල අවුරුදු 15න් පහළ කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<