Lewandowski සැණකෙළි පෙන්වද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් ඇද වැටේ!

124

එංගලන්ත ප්‍රිමියර් ලීග් තෙවැනි සති අන්තය මෙන්ම Bundesliga හා La Liga දෙවන සති අන්තයන් ද අද (24) ආරම්භ වුනා. Chelsea කණ්ඩායම සිය පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී, Manchester United කණ්ඩායමට නොසිතූ පරාජයක් හිමි වුනා.

ඉතාලි Serie A තරගාවලිය ආරම්භ කරමින් Juventus ජය වාර්තා කරද්දී, Robert Lewandowski ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ Philippe Coutinhoගේ පළමු Bayern තරගය ජයග්‍රහණයකින් කෙළවර වුනා.

Chelsea, PSG බලාපොරොත්තු සුනේ සුන්!

ජාත්‍යන්තර පාපන්දු පිටියේ මේ සතියේ දී ඉතා උණුසුම් වුනා. ඊයේ (18) රාත්‍රියේ හා අද අලුයම (19) පැවැත්වුණු…

Robert Lewandowskiගෙන් ගෝල වැස්සක්

Robert Lewandowskiගේ සුපිරි ගෝල ත්‍රිත්වයෙන් FC Bayern කණ්ඩායම මෙවර Bundesliga තරගවාරයේ සිය පළමු තරගය ජය ගත්තා. ඔවුන් හමුවේ ගෝල 3–0ක් ලෙස පරාජය වුනේ FC Schalke ක්‍රීඩා සමාජයයි.   

20 වැනි මිනිත්තුවේ දී පෝලන්ත නායක Lewandowski සිය පළමු ගෝලය වාර්තා කළ අතර දෙවන අර්ධය ආරම්භයෙන් පසුව හා දෙවන අර්ධය මැද දී වාර්තා කළ තවත් සුපිරි ගෝල ද්විත්වයකින් ඔහු සිය ගෝල ද්විත්වය සම්පූර්ණ කර ගත්තා.      

Lucas Hernández, Philippe Coutinho හා Ivan Perišić Bayern වෙනුවෙන් අද සිය පළමු තරගය ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.  

Jonjoe Kenny විසින් Comanව දඬුවම් පහර චතුරශ්‍රයේ දී බිම හෙලීමත් සමඟ bayern කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වුනා. Lewandowski පහසුවෙන් එම අවස්ථාව සාර්ථක කර ගත්තේ තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනිමින්. 

තරගයේ දෙවන අර්ධයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගන්නට ප්‍රබල Bayen මැද පෙළ සමත් වුනා.

Bayern කණ්ඩායමට හිමි වුන නිදහස් පහරක් Lewandowski අලංකාර ලෙස ගෝල රාමුවේ ඉහළ කෙළවරින් දැල වෙත ඇතුල් කළේ Schalke ගෝල රකින්නාට කිසිවක් කිරීමට ඉඩක් නොතබමින්.

Schalke කණ්ඩායම ගෝලයක් වෙනුවෙන් ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළත්, ප්‍රබල ගෝල රකින ක්‍රීඩක Neuer එම අවස්ථා කිහිපයක්ම වළක්වන්නට සමත් වුනා.

කෙසේ වෙතත් දෙවන අර්ධය මැද භාගයේ දී නැවතත් ක්‍රියාත්මක වුණු Lewandowski, Comanගේ පන්දු යොමු කිරීමක් ලබා ගෙන ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයෙකු ද මර්දනය කරමින් ගෝල රකින ක්‍රීඩක Nübel පසු කර යාර 15ක දුර සිට අලංකාර ගෝලයක් වාර්තා කළේ සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගනිමින්.

අවසන් ලකුණු තත්වය: FC Bayern 3 – 0 FC Schalke

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • FC Bayern – Lewandowski (20’ pen, 50’, 75’)

ලිවර්පූල් හමුවේ Arsenal ජයග්‍රහණ රැල්ල නවතියි

Mohamed Salahගේ සුපිරි ගෝල ද්විත්වයෙන් ගෝල 3–1ක් ලෙස Arsenal කණ්ඩායම පරාජය කරන්නට Liverpool කණ්ඩායම සමත් වුනා.

පළමු අර්ධය අවසන් වීමට පෙර Trent Alexander-Arnold ලබා ගත් කෝනර් අවස්ථාවකින් පැමිණි පන්දුව Joel Matip අලංකාර ලෙස සිය හිසෙන් ගෝලය වෙත යොමු කළේ පළමු Liverpool ගෝලය ලෙසයි.

පළමු අර්ධයට පසුව මිනිත්තු තුනක් ගත වෙද්දී Mohamed Salah ක්‍රියාත්මක වූ අතර David Luiz, Salahට කළ බාධා කිරීමකින් ලැබුණු දඬුවම් පහරක් ගෝල බවට පරිවර්තනය කරන්නට ඔහු සමත් වුනා.     

තරගයේ 59 වැනි මිනිත්තුවේ දී අසරණව සිටි Arsenal කණ්ඩායමට තවත් මරු පහරක් එල්ල වූයේ David Luiz පසු කළ Mohamed Salah සුපිරි ධාවනයක යෙදී අලංකාර ගෝලයක් වාර්තා කිරීම නිසයි.

Arsenal වෙනුවට ගෝල වාර්තා කිරීමට ආසන්න අවස්ථා නිර්මාණය කර ගැනීමට Nicolas Pepe හා Pierre-Emerick Aubameyang සමත් වුවත් ඔවුන් ලකුණු රැස් කරන්නට නම් සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් 85 වැනි මිනිත්තුවේ දී Lucas Torreira පළමු Arsenal ගෝලය වාර්තා කරන්නට සමත් වුනා.         

Liverpool කණ්ඩායම අඛණ්ඩව ජය ගත් 12 වැනි ප්‍රිමියර් ලීග් තරගය මෙය වන අතර එය ලිවර්පූල් ඉතිහාසයේ වාර්තාගත ජයග්‍රහණ රැල්ලක් බවටත් පත් වුණා.

අවසන් ලකුණු තත්වය: Arsenal 1 – 3 Liverpool

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Arsenal – Lucas Torreira 85′  
  • Liverpool – Joel Matip 41′, Mohamed Salah 49′ (pen), 58′

Rashfordට මඟ හැරුණු දඬුවම් පහරින් United බලය බිඳේ

Patrick van Aanholt අවසන් තත්පරයේ වාර්තා කළ සුපිරි ගෝලයෙන් ප්‍රබල Manchester United කණ්ඩායම ගෝල 2–1ක් ලෙස පරාජය කරන්නට Crystal Palace කණ්ඩායම සමත් වුනා.

මේ Crystal Palace කණ්ඩායම 1991 වසරට පසුව United කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාවයි.   

Jordan Ayew පළමු අර්ධයේ වාර්තා කළ ගෝලයෙන් Crystal Palace කණ්ඩායම තරගයේ පෙරමුණ ගත් අතර United කණ්ඩායම ඔවුන් හඹා ඒමට සෑහෙන වෙලාවක් ගත වුනා.

දෙවන අර්ධයේ දී Daniel James, Manchester United වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේ United ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තවදුරටත් දල්වා ගනිමින්.   

කෙසේ වෙතත් 70 වැනි මිනිත්තුවේ දී United වෙත දඬුවම් පහරක් ලැබුණු අතර Marcus Rashford එම අවස්ථාව මගහැර ගත්තේ අවාසනාවන්ත ලෙසයි. 

Crystal Palace කණ්ඩායම අවසන් මොහොත වන තුරු තරගය ජය ගැනීමට උත්සහ කළ අතර අවසන් මොහොතේ ඔවුන්ට නොසිතූ ලෙස ජයග්‍රහණය හිමි වුනා. ඒ අවසන් මොහොතේ දී Van Aanholt නොසිතූ ගෝලයක් වාර්තා කිරීමත් සමඟයි.

අවසන් ලකුණු තත්වය: Manchester United 2 – 1 Crystal Palace 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Manchester United – Daniel James 89′ 
  • Crystal Palace – Jordan Ayew 32′, Patrick van Aanholt 90 +3′ 

Real Madrid බලාපොරොත්තු බිඳ වැටේ 

88 වැනි මිනිත්තුවේ දී Sergi Guardiola වාර්තා කළ ගෝලයෙන් Real Valladolid කණ්ඩායම ප්‍රබල Real Madrid කණ්ඩායම හමුවේ ගෝල 1–1ක් ලෙස තරගය  කරගන්නට සමත් වුනා.    

Karim Benzema අවසන් මිනිත්තු කිහිපයේ දී වාර්තා කළ ගෝලයෙන් තරගය තමන් සතු වූ බව Real Madrid ප්‍රේක්ෂකයින් සිතුවත් එය එසේ වුනේ නැහැ.

82 වැනි මිනිත්තුවේ දී Karim Benzema ඔහුට ලැබුණු පන්දු පිරිනැමීමක් අලංකාර ලෙස පාලනය කරගෙන පන්දුව ගෝල රාමුවේ පහළ කෙළවරින් දැල් ගත කරන්නට සමත් වුනා. Karim Benzema පසුගිය තරගයේදීත් Madrid කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් රැස් කළේ එම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්. 

කෙසේ වෙතත් ඔහුට පෙර Luka Jovic, Gareth Bale හා James Rodriguez ද ගෝල සඳහා උත්සහ කළත් එම උත්සාහයන් ද සාර්ථක වූයේ නැහැ.    

තරගය පුරා එක් වරක් පමණක් මැඩ්රිඩ් ගෝලය ආක්‍රමණය කර තිබුණු Valladolid හට අවසන් මිනිත්තු දෙකේ දී අනර්ඝ අවස්ථාවක් හිමි වුනා. 

සුපිරි ක්‍රීඩක Toni Kroosගෙන් පන්දුව උදුරා ගත් Guardiola ගෝල රාමුව වෙත පන්දුව යොමු කළ අතර රියල් ගෝ රකින ක්‍රීඩක Thibaut Courtoisගේ පාද තුළින් පන්දුව ගෝලය තුළට ගියේ මැඩ්රිඩ් බලාපොරොත්තු බිඳිමින්.     

මිනිත්තු කිහිපයක් ප්‍රීතිඝෝෂා කළ Santiago Bernabeu පිටියේ ප්‍රේක්ෂකයින් ක්ෂණයකින් නිහඬ වූ අතර මැඩ්රිඩ් කණ්ඩායමට එක් ප්‍රසාද ලකුණකින් සැනසීමට පත්වන්නට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය Real Valladolid 1 – 1 Real Madrid

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Real Valladolid – Sergi Guardiola 88’ 
  • Real Madrid – Karim Benzema 82’ 

 Juventus සාර්ථක ආරම්භයක් ලබා ගනියි

නායක Giorgio Chiellini ගේ හුදෙකලා ගෝලයෙන් Juventus ගෝල 1 – 0 ක් ලෙස Parma කණ්ඩායම පරාජය කරන්නට සමත් වුණා. ඒ නව තරගවාරය (2019/20) සඳහා ඉතාලි Serie A තරගාවලිය ආරම්භ කරමින්.

Juventus පුහුණුකරු Maurizio Sarri නිව්මෝනියා තත්වයකින් සුවය ලබමින් සිටින නිසා මේ තරගය සඳහා කණ්ඩායම සමඟ එක් වුණේ නැහැ. 

Parma කණ්ඩායම Corner අවස්ථාවකින් පැමිණි පන්දුව නිසි ලෙස ගෝලය අසලින් ඉවත් කර ගන්නට අසමත් වූ අතර Chiellini 21 වන මිනිත්තුවේදී එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ පන්දුව පහසුවෙන් ගෝල රාමුව වෙත යොමු කරමින්.

සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo ද පළමු අර්ධය අවසන් වීමට පෙර පන්දුව දැල් ගත කළත් VAR අවස්ථාවක් ලබාගත් විනිසුරැ එම අවස්ථාව නිෂ්ප්‍රභා කළා.  ඒ Douglas Costa ගේ පන්දු යොමු කිරීම ලබා ගන්නා විට ඔහුගේ උරහිස මිලිමීටර ගණනක් offside රේඛාවට එපිටින් තිබූ බව පවසමින්.  

Ronaldo දිගින් දිගටම Juventus වෙනුවෙන් ප්‍රහාර දියත් කළ අතර ඔහුගේ අවස්ථා දෙකක්ම Parma දැල් රකින ක්‍රීඩක Luigi Sepe විසින් ව්‍යර්ථ කරන ලදී.රොනාල්ඩෝ 12 වන මිනිත්තුවේදී එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් දැල් රකින්නා ගෝල රාමුවට ඉහළින් ඉවතට යොමු කළේ ඔහුගේ බලාපොරොත්තු බිඳිමින්.     

පසුගිය තරගවාර දෙක AC Milan කණ්ඩායමේ හා Chelsea කණ්ඩායමේ ගත කළ Gonzalo Higuain මේ තරගයේදී Juventus කණ්ඩායමට ක්‍රීඩා කිරීම විශේෂත්වයක් වුණා. 

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී තරගයේ ගෝල සම කිරීමට Parma කණ්ඩායම අනර්ඝ අවස්ථාවක් හිමි වුණා. ඔවුන්ට හිමි වුණු නිදහස් පහරක් Hernani ලබා ගත් නමුත් එම ප්‍රහාරය Juve දැල් රකින ක්‍රීඩක Szczesny මෙන්ම ගෝල රාමුව ද පහු කර ඉවත ගියා.    

Juventus කණ්ඩායම අඛණ්ඩව 9 වන වතාවටත් ඉතාලි Serie A ශුරයින් වීමේ ගමන සාර්ථකව ආරම්භ කිරීම විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය Juventus 1 – 0 Parma

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Juventus – Giorgio Chiellini 21’ 

Jadon Sanchoගෙන් ගිනිකෙළි 

Jadon Sancho නැවත වරක් ක්‍රියාත්මක වෙමින් Borussia Dortmund කණ්ඩායම ජය මාවතට ගෙන ඒමට සමත් වූ අතර අවසන් මිනිත්තු කිහිපයේ ප්‍රහාරයෙන් Dortmund, FC Koln කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කරන්නට සමත් විය.   

තරගයේ අවසන් භාගයේ ක්‍රියාත්මක වුණු Sancho Dortmund වෙනුවෙන් ගෝල සම කළේ Dominick Drexlerගේ පළමු අර්ධයේ ගෝලයට සෑහෙන වේලාවකින් පසුව ප්‍රතිචාර දක්වමින්. අනතුරුව මිනිත්තු පහක් ඉතිරිව තිබිය දී Achraf Hakimi ජයග්‍රහණය ස්ථිර කරමින් තවත් ගෝලයක් Dortmund ලකුණු පුවරුවට එකතු කරද්දී, Paco Alcacer අවසන් තත්පර කිහිපයේ Sanchoගේ පන්දු යොමු කිරීමක් සාර්ථක කරන්නට සමත් වුනා.     

තරගයේ මුල් භාගයේ Dortmund කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ අතර Axel Witsel සම්පූර්ණයෙන්ම පිටිය මැද සිය ආධිපත්‍ය පතුරුවනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් 15 වැනි මිනිත්තුවේ දී Anthony Modesteට ගෝලයක් රැස්කර ගැනීමට අලංකාර අවස්ථාවක් හිමි වුනත් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වුනේ නැහැ.   

29 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු Drexler අලංකාර ලෙස පන්දුව සිය හිසෙන් දැල වෙත යොමු කළේ Koln කණ්ඩායමට නොසිතූ පෙරමුණක් ගෙන එමින්.  

ගෝල රැස් කිරීමට නොහැකිව මදක් පසුබෑමකට ලක්ව සිටි Dortmund කණ්ඩායමට නැවත තරගයට පිවිසෙන්නට හැකි වූයේ 70 වැනි මිනිත්තුවේ දීයි. ඒ Jadon Sanchoගේ වම් පාදයෙන්.

Koln කණ්ඩායම දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු නමුත් මිනිත්තු අටක් තුළ වාර්තා වුණු ගෝල දෙකක් ඔවුන්ගේ පරාජයට අවසන් ඇණයත් ගැසුවා. Hakimi විසින් Lukasz Piszczekගේ අගනා හරස් පන්දු යොමු කිරීමක් දැල් ගත කරද්දී විනිසුරු නලා නාදයට තත්පර කිහිපයකට පෙර Alcacer ද Sanchoගේ පන්දු යොමු කිරීමක් සාර්ථකව ගෝලය වෙත යොමු කළා. 

අවසන් ලකුණු තත්වය: Borussia Dortmund 3 – 1 FC Koln

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Borussia Dortmund – Sancho (70), Hakimi (86), Alcacer (90+4)
  • FC Koln – Drexler (29)

Lampardගේ Chelsea කණ්ඩායම සිය පළමු ජය වාර්තා කරයි 

Tammy Abrahamගේ සුපිරි ගෝල ද්විත්වයෙන් බලගැන්වුණු Chelsea කණ්ඩායම Norwich City කණ්ඩායමෙන් එල්ල වුණු ප්‍රබල තර්ජනය ගෝල 3–2ක් ලෙස සාර්ථකව මර්දනය කරන්නට සමත් වුනා. ඒ 2019/ 20 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තෙවැනි සති අන්තය ආරම්භ කරමින්. 

තරගයේ තෙවැනි මිනිත්තුවේ දී Chelsea කණ්ඩායමට තරගයේ පෙරමුණ දිනා දෙන්නට Abraham හා Cesar Azpilicueta සමත් වුනා. Azpilicuetaගේ සුපිරි හරස් පන්දු යොමු කිරීමක් Abraham පහසුවෙන් දැල් ගත කළා.      

කෙසේ වෙතත් Norwich කණ්ඩායම Chelsea කණ්ඩායමේ පසුපසින්ම රැඳී සිටින්නට සමත් වුනා. Teemu Pukki දක්ෂ පන්දු යොමු කිරීමකින් පන්දුව Todd Cantwell වෙත භාර කළ අතර Cantwell සිය පළමු ප්‍රිමියර් ලීග් ගෝලය වාර්තා කළේ චෙල්සි ගෝලයේ උණුසුම නිවී යන්නටත් මත්තෙන් වීම විශේෂත්වයක්.     

පළමු අර්ධයේ දිගින් දිගටම ආක්‍රමණ දියත් කළ Frank Lampardගේ Chelsea කණ්ඩායම 17 වැනි මිනිත්තුවේ දී නැවත තරගයේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනා. Mason Mount අලංකාර පාද චලනයක් මගින් Tim Krul පසු කර පන්දුව ගෝලය වෙත යොමු කරන්නට සමත් වුනා.    

එම ගෝලයට මිනිත්තු 13කට පසු Norwich කණ්ඩායම නැවත වතාවක් Chelsea කණ්ඩායමට දැවැන්ත මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කළා. Emiliana Buendiaගේ පන්දු යොමු කිරීමක් Pukki අලංකාර ලෙස ගෝල රකින ක්‍රීඩක Kepa Arrizabalaga පසු කර ගෝලය වෙත යොමු කළේ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වාර්තාව තෙවැනි සතිය ආරම්භයේදීත් පවත්වා ගනිමින්. මේ තරග තුනක් තුළ ඔහු රැස් කළ පස්වැනි ගෝලයයි.       

දෙවන අර්ධයේ දී චෙල්සි කණ්ඩායම වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කරන්නට නැවත ක්‍රියාත්මක වූ Abraham සමත් වුනා. ඒ Mateo Kovacicගේ පන්දු යොමු කිරීමක් Krul පසු කර ගෝලයට යොමු කරමින්. 

Norwich කණ්ඩායම තරගයේ අවසන් භාගයේ ප්‍රබල ලෙස ගෝලයක් සඳහා උත්සහ කළ අතර Ben Godfrey හිසෙන් කළ පන්දු ප්‍රහාරයක් ගෝල රාමුවේ වැඩි ඉවත ගියේ අවාසනාවන්ත ලෙසයි. 

Paul Pogba වෘකයින් ඉදිරියේ දණින් වැටේ

Ruben Nevesගේ සුපිරි ගෝලයෙන් හා Rui Patricioගේ සුපිරි ගෝල රැකීමෙන්…

කෙසේ වෙතත් සුපිරි ක්‍රීඩක Frank Lampard පුහුණුකරුවෙකු ලෙස සිය පළමු ප්‍රිමියර් ලීග් ජය වාර්තා කිරීමට සමත් වුනේ අවසන් මොහොතේ Norwich ප්‍රහාරයක් සාර්ථකව මර්දනය කරමින්.  

අවසන් ලකුණු තත්වය: Chelsea 3 – 2 Norwich City

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<