නිකලස්ගේ තරග තහනම ගැන ස්මිත් කතා කරයි

121
Smith has no problem

පසුගිය දා ඇෆ්ගනිස්තානය සමඟින් පැවති තරගයක දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නිකලස් පූරාන්ට පන්දුව පළුදු කිරීම පිළිබඳව චෝදනා එල්ල වූ අතර ඉන් අනතුරුව ඔහුට තරග 4ක තරග තහනමක් පැනවීමට තීරණය කෙරිනි. 

නව තාක්ෂණය නිසා පීඩනය විනිසුරුවන්ට

නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණ සඳහා එක්වීම සිතන තරම් පහසු..

පසුගිය වසරේ ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තරගාවලියක දී වාර්තා වූ පන්දුව පළුදු කිරීමක් නිසා එවකට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු හා ඕස්ට්‍රේලියානු නායකයා වූ ස්ටීව් ස්මිත් හට වසරක තරග තහනමක් පැනවීමට තීරණය කර තිබුණි. නිකලස් පූරාන්ගේ මෙම තරග තහනම පිළිබඳව අදහස් දක්වමින් ස්ටීව් ස්මිත් පවසා සිටියේ මෙම සිදුවීම තමන් සම්බන්ධ වූ සිදුවීම තරම් බරපතළ ලෙස සලකා නොමැති බවයි. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන නිකලස් පූරාන් හට තරග 4ක ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ “පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම” යන වෝදනා යටතේය. ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගයක දී ඔහු මෙලෙස පන්දුව පළුදු කල බවට චෝදනා එල්ල වී තිබුණි. 

ස්ටීව් ස්මිත් සම්බන්ධ වූ සිදුවීමේ දී ඔහුට හා ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පැනවූ අතර පන්දු පළුදු කිරීම සඳහා ක්‍රියා කල කැමරන් බෑන්ක්‍රොෆ්ට් හට මාස 9ක තරග තහනමක් පනවා තිබුණි. එම සිදුවීමේ දී කැමරන් බෑන්ක්‍රොෆ්ට් විසින් වැලි කඩදාසියක් උපයෝගී කරගනිමින් පන්දු පළුදු කර තිබිණි. 

මෙම සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ස්ටීව් ස්මිත් පවසා සිටියේ මෙම දඬුවම් වෙනස් වීම තමන්ට එතරම් ගැටලුවක් නොවන බවයි. 

බංග්ලාදේශ ක්‍රීඩකයෙකු තවත් ක්‍රීඩකයෙකුට පිටිය මැද දී පයින් ගසයි!

බංගලාදේශ ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක..

“අපි හැමෝම වෙනස්. ක්‍රිකට් ආයතන වෙනස්. ඒ වගේම ඒ අය එක් එක් සිදුවීම් පිළිබඳව සලකන ආකාරයත් වෙනස්.” පාකිස්තාන ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ස්මිත් පවසා සිටියා. ජාත්‍යන්තර තරග තහනමෙන් අනතුරුව ස්මිත් එරට දී ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය මෙයයි. 

“මට නම් මම කළේ ලොකු වැරැද්දක්. ඒත් ඒක වෙලා ඉවරයි. මම හිතන්නේ නෑ මට අසාධාරණයක් වුනා කියලා. ඒක වෙලා දැන් ගොඩක් කල්. මම ඒක අමතක කරලා තියෙන්නේ. මම දැන් හිතන්නේ වර්ථමානය ගැන විතරයි.” ඔහු පවසා සිටියා. 

ස්ටීව් ස්මිත් හා නිකලස් පූරාන් බාර්බඩෝස් ට්‍රයුඩෙන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ස්මිත් පවසා සිටියේ නිකලස් ඉක්මනින්ම තව වැරැද්ද හඳුනා ගෙන එය නිවැරදි කර ගනු ඇති බවයි. 

“මම දන්නවා නිකලස්‍ව. මම ඔහුත් සමඟින් ක්‍රීඩා කරලා තියනවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් වගේම හොඳ අනාගතයක් තියන ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ඔහු එම වැරැද්දෙන් ඉගෙන ගෙන ඉක්මනින්ම නැවත ඒවි කියලා.” 

මවගේ වියෝවෙන් දුක් වූ 16 හැවිරිදි පොඩ්ඩාට ටෙස්ට් වරම්!

පාකිස්තාන යොවුන් ක්‍රීඩක නසීම් ෂා තවමත් 16 වන වියේ පසුවන..

ස්මිත් තම තරග තහනමෙන් අනතුරුව ක්‍රීඩා කළ පළමු තරගාවලිය වූයේ එංගලන්ත ඕස්ට්‍රේලියා අළුබඳුන් තරගාවලියයි. එහි දී ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කල ස්මිත් ලකුණු 774ක් ලබා ගැනීමට සමත් විය. 

නිකලස් පූරාන් තමන් පන්දුවේ ස්වාභාවය වෙනස් කළ බව පිළිගෙන ඇත. වීඩියෝ දර්ශනවල ඔහු තම ඇඟිලි උපයෝගී කරගෙන පන්දුවට හානි කරන ආකාරය පැහැදිලිව දැක්වේ. 

“මම තේරුම්ගත්තා මම කළේ ලොකු වැරැද්දක් කියලා. ඒක නිසා මම මගේ වැරැද්ද පිළිගෙන මේ දඬුවම භාරගන්නවා. මම හැමෝටම කියනවා මේක එක් සිදුවීමක් පමණයි. මෙය නැවත නැවත සිදු නොවේවි. මම පොරොන්දු වෙනවා මේ සිදුවීමෙන් ඉගෙන ගෙන නැවතත් වඩාත් ශක්තිමත්ව නැවත ජාත්‍යන්තර තරග සඳහා පැමිණීමට.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<