සහෝදරයන්ගේ ගැටුම මෙවරත් ජය පරාජයෙන් තොරයි

443
සහෝදරයන්ගේ ගැටුම මෙවරත් ජය පරාජයෙන් තොරයි

ඉසිපතන විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර පැවති සහෝදරත්වයේ වාර්ෂික ක්‍රිකට් ගැටුම මෙවරත් ජය පරාජයකින් තොරව නිමාවට පත්විය.

53 වන වරටත් පැවති සහෝදරයන්ගේ ක්‍රිකට් ගැටුමේ ප්‍රථම දිනයේදී තර්ස්ටන් කණ්ඩායම කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 252 රැස් කරගෙන සිටි අතර තර්ස්ටන් හි ආරම්භක පිතිකරු කසුන් අබේරත්න දිනය පුරා නොදැවී ලකුණු 125ක් ලකුණු පුවරුවට එක්‍ කලේය. ඔහු සමඟ දිනය අවසන් වනවිට අනගි සහයක් වෙමින් කඩුල්ලේ අනෙක් අන්තයේ රැදි සිටි ඉමේෂ් විරංග ප්‍රථම දිනය අවසන් වන විට නොදැවී ලකුණු 22 රැස් කරගෙන සිටියේය. ප්‍රමෝද් මදුවන්තගේ පන්දුවක් හමුවේ දෙවන දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස ඉමේෂ් දැවී ගියේය.

 තරඟයේ දෙවන දින ඡායාරෑප ඇල්බමය 

එම දැවී යාමත් සමඟ තර්ස්ටන් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වූ අතර පන්දුවාර 35 ක් පමණ පන්දු යැවූ පසු ලහිරු දිල්ෂාන් සිය ප්‍රථම කඩුල්ල වශයෙන් පන්සිළු දේශාන් ව දවා ගන්නා ලදී. පිටියේ එක්  කඩුල්ලක තනිවූ කසුන් අබේරත්නගේ පිතිකරණය ලහිරු දේශාන් විසින් එවන ලද පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව සීමා වූ අතර ඒ වනවිට ඔහු සහෝදරයන්ගේ සංග්‍රාමයේ වැඩිම ලකුණු ලාභියා වීමට ලකුණු 4ක් පිටුපසින් සිටියේය. එම දැවී යාමත් සමඟ පිටියට පිවිසි තුශාල් මධුසංක ප්‍රථම පන්දුවෙන්ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට  ප්‍රතිවාදීන් වගබලාගත් අතර කඩුළු 8ක් දැවී ලකුණු 291ක් රැස් කරගෙන සිටි තර්ස්ටන් කණ්ඩයම සිය ප්‍රථම ඉනිම නිමා කරන ලදී. ඉසිපතන පන්දු යවන්නන් අද උදැසන තර්ස්ටන් පිතිකරුවන් පස්දෙනෙක් ලකුණු 39ක් තුල නැවත ක්‍රීඩාගාරයට හරවා යැවුහ .

ඉසිපතන කණ්ඩායම පිළිතුරු ඉනිම සඳහා දිවා  විවේකයට ප්‍රථම පිටියට පිවිසි නමුත් නැවත පිටියේ වාසිය තමන් නතු කර ගත් තර්ස්ටන් පන්දු යවන්නන් විවේකයට ප්‍රථම ප්‍රතිවාදීන් හට ලකුණු 24 පමණක් ලබාදී කඩුළු 3ක් දවා ගන්නා ලදී. නායක සාලින්ද උෂාන් හා හේෂාන් ප්‍රනාන්දු, නිපුන් ලක්ශාන් ගේ පන්දු හමුවේ දැවී ගිය අතර කලන පෙරේරා ලකුණු 15කට සීමා කරන්නට තර්ස්ටන් පිල සමත් විය.

දිවා විවේකයෙන් අනතුරුව පිටියට පිවිසි විශාඩ් රන්දික හා සංජුල අබේවික්‍රම සිය ඉනිම ගොඩ නැගීම සඳහා සිය පිත්ත දියත් කල අතර ලකුණු 43ක් ලබා සිටියදී ඉෂිත විජේසුන්දරගේ පන්දුවකට දැවී ගියේය. සංජුල සමඟ එක්වූ ප්‍රමෝද් මදුවන්ත සවස විවේකය වනවිට සිය කණ්ඩායම ලකුණු 111ක් දක්වා ඔසවා තැබුහ. ඒ වනවිට ඉසිපතන කණ්ඩායම කඩුලු 4 ක් දැවී පන්දුවාර 37ක් ක්‍රීඩා කර තිබුණි.

 සියළු තරඟ නැවත නැරඹීමට පිවිසෙන්න 

විවේකයෙන් පසු නැවත පිටියට පිවිසි සංජුල හා ප්‍රමෝද් යුගල, සිය විද්‍යාලය නැවත තරගයට අවතීර්ණ කරමින් සිටියදී ලකුණු 75 ලබා සිටි සංජුල අබේවික්‍රම දැවී ගියේය. ඉතා හොදින් පන්දු යැවීමක නිරතු වූ දිලාන් මදුසංක ලකුණු 63කට කඩුලු 3ක් දවා ගන්න ලදී. කෙසේ වුවත් දිනය අවසානයේදී ඉසිපතන කණ්ඩායම පන්දුවාර 78ක් ක්‍රීඩා කර කඩුලු 8ක් දැවී ලකුණු 222 රැස් කර ගත්හ.

දක්ෂ ඉසිපතන ක්‍රිකට් කණ්ඩායම හමුවේ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දක්ෂතාව කාගේත් අවදානයට පාත්‍ර විය. විදුහල් දෙක අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟය මාර්තු 13 වන දා පි සාරා ඔවල් පිටියේදී පැවැත්වේ.

තර්ස්ටන් විද්‍යාලය

291/8 D (පන්දුවාර 110)
කසුන් අබේරත්න 147
සජිත් ගුණතිලක 35
චරණ නානායක්කාර 37
ප්‍රමෝද් මදුවන්ත 4/60
ලහිරු දිල්ෂාන් 3/86

ඉසිපතන විද්‍යාලය

222/8 (පන්දුවාර 78)
විශාඩ් රන්දික 43
සංජුල අබේවික්‍රම 75
ප්‍රමෝද් මදුවන්ත 44*
දිලාන් මදුසංක 3/63