රොනාල්ඩෝ නිසා තරග සංවිධායකයන්ට දඩ

189

පසුගිය වසරේ දකුණු කොරියාවේ සියොල් නගරයේ දී පැවති පාපන්දු තරගයක සංවිධායකයන්ට එම තරගය නැරඹීම සඳහා පැමිණි සියලු ප්‍රේක්ෂකයන් හට වන්දි මුදලක් ගෙවීමට එරට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. 

මෙම තරගය සඳහා සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ ‍රොනාල්ඩෝ සහභාගි වූ අතර තරග සංවිධායකයන් ඒ බව පවසා ප්‍රවේශපත් අලෙවි කර තිබුණි. 

Spurs හමුවේ City පස්සට යයි

Steven Bergwijnගේ සුපිරි ගෝලයේ පිහිටෙන් ………

කෙසේ වෙතත් මෙම සුහද පාපන්දු තරගය සඳහා සහභාගි වීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දකුණු කොරියාව වෙත පැමිණ සිටිය ද ඔහු එම තරගය සඳහා ක්‍රීඩා කළේ නැහැ. ඒ වෙනුවෙන් ඔහු මුළු තරගය පුරාම අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කර තිබුණි. 

ජුවෙන්ටස් කණ්ඩායම හා කොරියානු පාපන්දු ලීග් තරගාවලියේ සියලු කණ්ඩායම් නියෝජනය කරන All Stars කණ්ඩායම අතර පැවති මෙම තරගය ජය පරාජයකින් තොරව නිමා වූයේ දෙපිලම ගෝල 3 බැගින් ලබා ගැනීම නිසාවෙනි. 

පසුගිය වසරේ ජූලි මාසයේ දී සියොල් ලෝක කුසලාන ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් 65000කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. 

මෙම තරගය සංවිධානය කළ The Fasta ආයතනය ක්‍රිස්ටියානෝ ‍රොනාල්ඩෝ මෙම තරගය සඳහා සහභාගි වන බව පවසමින් තරගයේ ප්‍රවේශපත් අලෙවි කර තිබුණි. ඒ සඳහා ඔවුන් ක්‍රිස්ටියානෝ ‍රොනාල්ඩෝ ඇතුළත් දැන්වීම් ද යොදාගෙන තිබුණි. 

මෙම තරගයේ ප්‍රවේශපත් වොන් 30000 සිට 400000 දක්වා මිල කර තිබූ අතර එම ප්‍රවේශපත් සියල්ල මිනිත්තු 3ක් තුල විකිණී අවසන් විය. 

Liverpool අඛණ්ඩ 20 වන ජය වාර්තා කරද්දී Bayern ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට

ජාත්‍යන්තර පාපන්දු පිටිය මේ සති අන්තයේ දීත් ඉතා ….

කෙසේ වෙතත් ක්‍රීඩාංගණය වෙත රැස්වූ 65000කට අධික ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් මේ 34 හැවිරිදි පෘතුගාල ප්‍රහාරකයා තරගයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළේය. 

මෙම තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා The Fasta ආයතනය විවේචනය කළ අතර ඔවුන් සාවද්‍ය තොරතුරු උපයෝගී කරගනිමින් ප්‍රවේශපත් අලෙවි කළ බවට චෝදනා කළේය. 

ප්‍රේක්ෂකයන් විසින් කළ පැමිණිල්ලකට අනුව එරට ප්‍රාදේශීය අධිකරණයක් වන Incheon දිස්ත්‍රික් උසාවිය විසින් අදාළ තරග සංවිධායකයන්ට තරගය සඳහා සහභාගි වූ ප්‍රේක්ෂකයන්ට වොන් 370000ක මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ. 

මේ පිළිබඳව එරට පුවත් ආයතනයක් වන Yonhop News Agency ආයතනය විසින් වාර්තා කර තිබුණි. 

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජුවෙන්ටස් ක්‍රීඩා සමාජයට කිසිදු නියෝගයක් එල්ල කර නොමැත. දකුණු කොරියානු පාපන්දු ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන්වීම කොතෙක්දැයි කිවහොත් ඔවුන් ” රොනාල්ඩෝ ලෙස හැසිරෙනවා ” ලෙස උපහාසාත්මක වැකියක් ද භාවිතා කිරීමට පෙළඹී තිබිණි. 

එමගින් ඔවුන් තම කාර්‍ය සම්පූර්ණ නොකර ලාබ ප්‍රයෝජන පමණක් ලබාගැනීමට උත්සාහ කිරීම ඔවුන් හඟවා ඇත. 

“ඔහු මිනිත්තු 10ක් ක්‍රීඩා කළා නම්, හැමෝම සතුටෙන් විසිර යාවි” එක් ප්‍රේක්ෂකයෙකු එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<