Serie A තරගාවලිය කළඹමින් Verona, Juventus පරදවයි

104

Juventus හඹා ආ Hellas Verona කණ්ඩායම ගෝල 2-1ක් ලෙස අනපේක්ෂිත ජයග්‍රහණයක් වාර්තා කළා. මේ Juventus කණ්ඩායමට මෙවර තරග වාරයේ අත්වුණු තුන්වැනි පරාජයයි.   

Cristiano Ronaldo සිය අඛණ්ඩ 10 වැනි තරගයේ දීත් ගෝලයක් වාර්තා කරමින් නව Juventus වාර්තාවක් පිහිටවූ අතර 65 වැනි මිනිත්තුවේ දී ඔහු වාර්තා කළ ගෝලයකින් Juventus තරගයේ පෙරමුණ ගත්තා.  

Icardi සහ Kehrer, PSG ජය තහවුරු කරති

ප්‍රංශ Ligue 1 තරගාවලියේ 23 වැනි සතියේ තරගයක් ලෙස Paris Saint-Germain (PSG) සහ FC Nantes…

Fabio Borini තරගයේ ගෝල සම කරන්නට සමත් වූ අතර අතිරේක ක්‍රීඩක Giampaolo Pazzini අවසන් මොහොතේ වාර්තා කළ දඬුවම් පහරකින් Juventus හට නොසිතූ පරාජයක් අත්වුණා.

Juventus කණ්ඩායම ප්‍රසාද ලකුණු 54ක් ලබා ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින අතර Inter Milan හා AC Milan ඔවුන් පසුපසින්ම සිටිනවා.

අවසන් ලකුණු තත්වය: Juventus 01 – 02 Hellas Verona

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Juventus – Cristiano Ronaldo (65′)
  • Hellas Verona – Fabio Borini (76′), Giampaolo Pazzini (86′ PEN) 

Atletico පරාජයන් රැල්ල නිමා කරයි 

තරග පහකට පසුව සිය පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට Atletico Madrid කණ්ඩායම ඊයේ (08) සමත් වුනා. ඒ Granada ගෝල 1-0ක් ලෙස පරාජය කරමින්. තරගය පුරා ක්‍රීඩකයින් 10 දෙනෙකු කහ කාඩ්පත් ලබා ගැනීම විශේෂත්වයක්.  

තරගය ආරම්භ වී මිනිත්තු හයක් පමණක් ගත වෙද්දී Ángel Correa තරගයේ එකම ගෝලය වාර්තා කරන්නට සමත් වුනා. ආරක්ෂක ක්‍රීඩකයින් මැදින් ගිය ඔහු Kokeගේ පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස දැල් ගත කළා.   

රොනාල්ඩෝ නිසා තරග සංවිධායකයන්ට දඩ

පසුගිය වසරේ දකුණු කොරියාවේ සියොල් නගරයේ දී පැවති පාපන්දු තරගයක සංවිධායකයන්ට එම තරගය…

Vitolo 25 වැනි මිනිත්තුවේ දී පන්දුව දැල් ගත කළත් විනිසුරු එම අවස්ථාව Offside අවස්ථාවක් ලෙස සටහන් කළ අතර Correa දඬුවම් පහරක් ඉල්ලා සිටියත් විනිසුරු එම අවස්ථාව ද නිෂ්ප්‍රභා කළා.  

අවසන් ලකුණු තත්වය: Atletico Madrid 01 – 00 Granada

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Atletico Madrid – Ángel Correa 6′

 >> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<