රන්සිළු කි.ග්‍රෑ. 322ක් ඔසවයි

347
Ransilu

ජාත්‍යන්තර සහ ආසියානු බර එසවීමේ සංගම් එක්ව සංවිධානය කරනු ලබන “ආසියානු බර එසවීමේ ශූරතාවලියේ දී”, ඩෙඩ් ලිෆ්ට් අංශයෙන් කි.ග්‍රෑ. 322ක බරක් එසවූ ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා නුවර දී යි.

ඔහු මෙම ඉසව්වට සහභාගී වුයේ කි.ග්‍රෑ. 120ට වැඩි අංශයෙනි.   

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත බර ඔසවන්නෙකු වන රන්සිළු, මින් පෙර කි.ග්‍රෑ. 285ක් ඩෙඩ් ලිෆ්ට් ආකාරයට ඔසවමින් ශ්‍රී ලාංකිකයෙකු එසවූ විශාලතම බර ඔසවා තිබිණි. ස්කොට් ආකාරයට ද කි.ග්‍රෑ. 270ක් ඔසවා ඇති ඔහු එහි දී ද ශ්‍රී ලංකාවේ වැඩිම බර එසවූ ක්‍රීඩකයා විය.

රන්සිළු ජයතිලක, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රග්බි පුහුණුකරුවෙකු වන මෝතිලාල් ජයතිලකගේ පුත්‍රයෙකි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට