“විස් විදු” රග්බි ශූරතාවයට කොළඹ සරසවියෙන් ප්‍රබල සංචිතයක්

903

ජාත්‍යන්තර රග්බි උණුසුම පහව යන්නටත් පෙර ජාතික ක්‍රීඩා පිටිය තුල නැවතත් මහා සංග්‍රාමයක් වෙනුවෙන් දොරටු විවර වන්නට ආසන්නය. ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය රග්බි ක්‍රීඩා තරගාවලිය වෙනුවෙනි. මෙවර දිවයිනේ විශ්ව විද්‍යාල 13ක් මේ එකම කිරුල වෙනුවෙන් තරග වදින්නට සූදානම් වීම සතුටට කරුණකි.

ප්‍රථම වරට මෙවර තරග වාරය ආවරණය කිරීමට ThePapare.com සූදානමින් සිටින අතර ඒ අතරින් පළමු ලිපිය වෙන්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම වෙනුවෙනි.

සරසවි සිසුන්ගේ රග්බි ගැටුමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “2018 අන්තර් විශ්ව විද්‍යාලයීය ..

මෙවර 2018 විශ්ව විද්‍යාල රග්බි තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන්නේ ද කොළඹ විශ්ව විද්‍යාලය වීම විශේෂත්වයක්. එම කණ්ඩායම පෙර තරග වාරයේ දී ඉතා හොඳින් දක්ෂතා අතර සිටි අතර වසර 3කට පසුව අවසන් පූර්ව වටයට පැමිණෙමින් සමස්ත තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ද සමත් විය. කණ්ඩායම් ඉතිහාසය දෙස බැලීමේ දී දක්ෂතා අතර සිටි කණ්ඩායමක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම හඳුන්වා දිය හැකිය.

ජාතික විශ්ව විද්‍යාල සත් සාමාජික කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය සතියේ ලෝක ශූරතාව සඳහා සහභාගී වූ මධූෂ උෂාන් කණ්ඩායමේ නායකත්වය දරන අතර එය කණ්ඩායමට අමතර වාසියක් ලෙස ද දැක්විය හැකිය. කණ්ඩායමේ ශක්තිමත් ඉදිරි පෙළ කණ්ඩායමක් ඔවුන් සතු වන අතර සෙසු කණ්ඩයම් සමඟින් සසඳා බැලීමේ දී යම්කිසි වාසියක් ඔවුන් සතුව ඇතැයි ද ඔවුහු විශ්වාස කරති. දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් කණ්ඩායම් රැසක් නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයක් මෙවර ද කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලිය සඳහා ඉදිරිපත් කර ඇත.

ලෝක සරසවි රග්බි කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව 8 වන තැනට

මෙවර පැවැත්වූ 2018, 8 වන ලෝක විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී …

කණ්ඩායමේ නායක මධූෂ උෂාන් ThePapare.com සමඟින් අදහස් දක්වමින් පෙර සූදානම ගැන මෙසේ ප්‍රකාශ කළේය.

“අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා,අපි මේ පාර host කරන නිසා මේ ground එකේ ශූරතාවය උස්සන්න බලාගෙන ඉන්නේ, එක ක්‍රීඩකයෙක් දෙන්නෙක් මත අපි යැපෙන්නෑ”

“අපි කණ්ඩායමක් විදිහට හොඳ මානසික තත්වයක ඉන්නේ,මම ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් විදිහට උපරිම දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒ වගේම මතක් කරන්න ඕන අපේ පුහුණුකරුවෝ, හොඳ පුහුණුකරු යුගලයක් අපිට ලැබිලා ඉන්නේ, අත්දැකීම් රැසක් එක්ක ගියපාර අපි 3rd, මේ පාර  ශූරතාවය දිනන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

කණ්ඩායමේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් කතාබහ කිරීමේ දී ශ්‍රී ලංකා  රග්බි ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් ඉටු කරමින් රටේ ක්‍රීඩාව නවමු මගකට ගෙන ගිය පුහුණුකරුවන් දෙපළක් කොළඹ විශ්ව විද්‍යාලය සතුවීම ද තවත් වාසියකි. පොලිස් රග්බි සංචිතයේ හිටපු පුහුණුකරු මෙන්ම ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු ද වන වර්තමාන කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරු වන සුදත් සම්පත් මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හොබවන අතර සහය පුහුණුකරු ලෙස ඩිලාන් සොයිසා මහතා කටයුතු කරයි.

විශ්ව විද්‍යාල සිසුන් කොලොම්බියාව පරාජය කරයි

8 වන ලෝක ශූරතා විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා …

මෙවර විශ්ව විද්‍යාල තරගාවලිය වෙනුවෙන් සහභාගී වන කොළඹ විශ්ව විද්‍යාලයීය සංචිතය මෙසේයි.

මධුෂ උෂාන් (නායක), විරාජ් වික්‍රමසිංහ, මලිත් නිර්මාල් මෙන්ඩිස්, කුසල් රවිඳු පෙරේරා, ක්‍රිෂ්මාල් ප්‍රනාන්දු, උදයංග මධුෂාන්, දුලාන් පෙරේරා, මයුර රත්නසූරිය, සේමතු හෙට්ටිආරච්චි, ඉසුරු නිමන්ත, රෙහාන් මෙන්ඩිස්, සුමුදු දිලීප, කෙනත් හුළුගල්ල, ගයාන් දිල්හාර, හිරාන් තාඹුගල, කසුන් මධූෂ, නිසල් දුල්මිත්, ඩිලාන් ඉසුරංග, චතුන් හෙයියන්තුඩුව, දිනුක්ෂ් හර්ෂ, රුසිරු ද සිල්වා, ඩිල්ෂාන් උදයරංග, කිසල් විජේසිරිවර්ධන, යසිත බොතේජු, මාලක චමුපති, දෙව්මින්ද අබේනායක, මොදිත අතුරලිය, සපුන් ලියනාරච්චි, රවිඳු විභූෂිත, නවිඳු මානගේ, සුපුන් චන්දිමාල්, ගිම්හාන් මධුශංක, හරිත් ප්‍රනාන්දු, චාමර මාදිවිල, හේෂාන් සකුන්ත, මින්දුල පෙරේරා, අසිත නවරත්න.

Photo Album – Team Preview – University of Colombo Rugby

මෙවර තරගාවලියේ දී තම දක්ෂතා අතරට පැමිණෙමින් විශ්ව විද්‍යාලයීය ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට හැකි වේවා’යි ThePapare.com අපි සුබ පතන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<