සරසවි සිසුන්ගේ රග්බි ගැටුමට සියල්ල සූදානම්

1038

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතා තරගාවලිය” අගෝස්තු මස 4 වන දින ආරම්භ වීමට නියමිතයි. විශ්ව විද්‍යාල 13ක් මෙම වසරේ දී තරග වැදීමට නියමිත අතර මෙවර තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය දරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයයි.

ලෝක සරසවි රග්බි කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව 8 වන තැනට

මෙවර පැවැත්වූ 2018, 8 වන ලෝක විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී …

කාණ්ඩ 4ක් යටතේ වට දෙකකින් තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිත අතර මුල් වටය කාණ්ඩ අතර ලීග් ක්‍රමයට ද, දෙවන වටය සඳහා සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු පාදක කර ගනිමින් කණ්ඩායම් දෙක බැගින් ද තෝරා ගැනීමට නියමිතයි.

පසුගිය වසරේ අන්තර් විශ්ව විද්‍යාලයීය තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමත් සුදුසුකම් ලැබීය. මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 29-24ක් ලෙස තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අපරාජිත පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් ප්‍රථම තරගය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත් යාපනය විශ්ව විද්‍යාලයත් තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ කාණ්ඩ මෙසේයි.

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
පේරාදෙණිය වි. විද්‍යාලය මොරටුව වි. විද්‍යාලය කොළඹ වි. විද්‍යාලය ජයවර්ධනපුර වි. විද්‍යාලය
සබරගමුව වි. විද්‍යාලය කැලණිය වි. විද්‍යාලය ඌව වි. විද්‍යාලය රජරට වි. විද්‍යාලය
අග්නිදිග වි. විද්‍යාලය රුහුණ වි. විද්‍යාලය නැගෙනහිර වි. විද්‍යාලය වයඹ වි. විද්‍යාලය
යාපනය වි. විද්‍යාලය

මෙවර තරගාවලියේ සියලුම කණ්ඩායම් වල තොරතුරු සහ සියලු තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<