Home Sinhala ශ්‍රී ලංකාව ලෝක කුසලාන පරාජ රැල්ලට තිත තබයි

ශ්‍රී ලංකාව ලෝක කුසලාන පරාජ රැල්ලට තිත තබයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

401

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (21) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක ජයක් ලබමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය සඳහා හිමිකම් කියන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය නිසා නෙදර්ලන්තය ඉතා හොඳ මානසිකත්වයකින් මෙම තරගයට අවතීර්ණ වූ අතර සහභාගී වූ තරග ත්‍රිත්වයම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

ලක්නව් හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට නෙදර්ලන්තය තීරණය කළ අතර කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්

  • ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, සදීර සමරවික්‍රම, ඩිල්ෂාන් මදුශංක, කසුන් රාජිත.
  • නෙදර්ලන්ත කණ්ඩායම: Vikramjit Singh, Max ODowd, Colin Ackermann, Bas de Leede, Sybrand Engelbrecht, Teja Nidamanuru, Scott Edwards (නායක), Logan van Beek, Roelof van der Merwe, Aryan Dutt, Paul van Meekeren

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආරම්භය ලබා දුන් කසුන් රාජිත නෙදර්ලන්ත පළමු කඩුල්ල ලකුණු 7කට දවා ගත්තේ Vikramjit Singh කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනුයි.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසු ලකුණු 16ක් ලබා සිටි Max Odowd දවා ගැනීමට කසුන් සමත් වූ අතර ලකුණු 29ක් ලබා සිටි Colin Ackermann ඔහුගේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කළා.

නෙදර්ලන්ත ක්‍රීඩකයින්ට හිස එසවීමට කිසිදු ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් මුළු ලකුණු සංඛ්‍යාව 71ක් වන විට නෙදර්ලන්ත කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර  Bas de Leede (6) සහ Teja Nidamanuru (09) ඩිල්ෂාන් මදුශංක හමුවේ දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක හිසරදයක් වෙමින් සිටි නායක Scott Edwards ලකුණු 16ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 91ක් වන විටයි.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ Sybrand Engelbrecht සහ Logan van Beek හත්වැනි කඩුල්ල සඳහා ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම සම්බන්ධතාව පිහිටුවමින් ලකුණු 130ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස් කළ Sybrand Engelbrecht ඩිල්ෂාන් මදුශංකගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 70ක් රැස් කර තිබුණා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් Paul van Meekeren ලබා ගත් ලකුණු 59 නිසා පන්දුවාර 49.4ක් අවසානයේ ඔවුන් සියල්ලන් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකාවට ඉතා අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනුයි.

තරගයට පුරාවට කැපී පෙනෙන පන්දු යැවීමක් පෙන්නුම් කළ ඩිල්ෂාන් මදුශංක ලකුණු 49කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර කසුන් රාජිත ලකුණු 50ට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක් වන විට දවා ගැනීමට Aryan Duttට හැකි වුනේ දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 11කට දවා ගැනීමට Aryan Duttට හැකි වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු දෙකක් දැවී ලකුණු 52ක් බවට පත් කරමිනුයි.

මෙම තරගයේ දීත් ශ්‍රී ලංකා ඉනිමේ වගකීම කරට ගත් පැතුම් නිස්සංක අඛණ්ඩව ලබා ගත් තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසු van Meekerenගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 54ක් රැස් කර තිබුණා.

සදීර සමරවික්‍රම සමඟ එක්ව ලකුණු 77ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු ලකුණු 44ක් ලබා සිටි චරිත් අසලංක Aryan Duttගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 199ක් වන විටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ආසන්න කරමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 76ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් පසුව ධනංජය ද සිල්වා දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් ලකුණු 30ක් ලබා සිටියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සදීර සමරවික්‍රම නොදැවී වාර්තා කළ ලකුණු 91 සමඟ ශ්‍රී ලංකාව කඩුලු පහක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

Result


Netherland
262/10 (49.4)

Sri Lanka
263/5 (48.2)

Batsmen R B 4s 6s SR
Vikramjit Singh lbw b Kasun Rajitha 4 13 1 0 30.77
Max O’Dowd b Kasun Rajitha 16 27 1 1 59.26
Colin Ackermann c Kusal Mendis b Kasun Rajitha 29 31 5 0 93.55
Bas de Leede c Kusal Perera b Dilshan Madushanka 6 21 0 0 28.57
Teja Nidamanuru lbw b Dilshan Madushanka 9 16 0 0 56.25
Scott Edwards b Matheesha Pathirana 16 16 0 0 100.00
Sybrand Engelbrecht b Dilshan Madushanka 70 82 4 1 85.37
Logan van Beek c Charith Asalanka b Kasun Rajitha 59 75 1 1 78.67
Roelof van der Merwe c Kusal Mendis b Dilshan Madushanka 7 7 0 0 100.00
Aryan Dutt not out 9 6 1 0 150.00
Paul van Meekeren run out (Kusal Mendis) 4 5 0 0 80.00


Extras 33 (b 0 , lb 1 , nb 1, w 26, pen 5)
Total 262/10 (49.4 Overs, RR: 5.28)
Bowling O M R W Econ
Dilshan Madushanka 9.4 1 49 4 5.21
Kasun Rajitha 9 0 50 4 5.56
Chamika Karunaratne 9 1 58 0 6.44
Mahesh Theekshana 10 0 44 1 4.40
Dushan Hemantha 8 0 42 0 5.25
Dhananjaya de Silva 4 0 13 0 3.25


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Scott Edwards b Paul van Meekeren 54 52 9 0 103.85
Kusal Perera c Bas de Leede b Aryan Dutt 5 8 1 0 62.50
Kusal Mendis c Paul van Meekeren b Aryan Dutt 11 17 2 0 64.71
Sadeera Samarawickrama not out 91 107 7 0 85.05
Charith Asalanka b Aryan Dutt 44 66 2 1 66.67
Dhananjaya de Silva b Colin Ackermann 30 37 1 2 81.08
Dushan Hemantha not out 4 3 1 0 133.33


Extras 24 (b 13 , lb 0 , nb 0, w 11, pen 0)
Total 263/5 (48.2 Overs, RR: 5.44)
Bowling O M R W Econ
Aryan Dutt 10 0 44 3 4.40
Logan van Beek 10 0 57 0 5.70
Paul van Meekeren 8 1 39 1 4.88
Bas de Leede 3 0 29 0 9.67
Roelof van der Merwe 9 0 42 0 4.67
Colin Ackermann 8.2 0 39 1 4.76



මෙම තරගයේ ඇතුළු 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<