ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අහිමි වේ

388
Mathews

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ නුදුරේදීම ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) නිල වශයෙන් දැනුම් දුන්නේය.

54 වැනි සහෝදරයින්ගේ සටන 45 වැනි වරටත් ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා පාසල් මහා ක්‍රිකට් තරග වලට 2017 වර්ෂය සඳහා ඊයේ (24) ආරම්භය තැබුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලයයි.

ශ්‍රී ලංකා නායකයා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් හිදී පැවති දෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර දී කළව ප්‍රදේශයේ ආබාධයකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන්ම නොබෝදා නිමාව දුටු ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුගෙන් ගිලිහී ගියේය.

“මා ඊයේ රාත්‍රියේ වෛද්‍යවරුන් මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව දැඩි ලෙස කනගාටුවට පත් වුනා, නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ දවසේ සිට කොළඹ වෛද්‍යවරුන්ගෙන් සහ එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි සති හතර තුල දී මා තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිතයි, දැන් මගේ අරමුණ එක්දින තරගාවලිය අතරතුර දී හෝ නැවතත් කණ්ඩායම සමඟ එකතු වීමටයි. අපි බලමු කෙතරම් ඉක්මනින් නැවතත් යථා තත්වයට පත්වීමට හැකි වේවිද කියලා. මා ඒ සඳහා මහන්සි වෙනවා” යැයි මැතිව්ස් Cricbuzz වෙබ් අඩවියට අදහස් දක්වා තිබුණි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සඳහා මැතිව්ස්ගේ සහභාගීත්වය අහිමි වීමත් සමඟ පළපුරුදු ක්‍රීඩක රංගන හේරත්ට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වීමට වැඩි ඉඩකඩක් ඇති අතර උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල්, නායකත්වය හිමි විය හැකි අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා බවට පත්ව තිබේ.

ගෙවුනු වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වල දී පැවැත්වුනු සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය ද පාදය ආශ්‍රිතව ඇති වූ විවිධ ආබාධ තත්වයන් හේතුවෙන් මැතිව්ස්ට අහිමි වුනු අතර ඒ හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය රංගන හේරත්ට භාරවිය. මේ වන තෙක් දිනේෂ් චන්දිමාල් හෝ උපුල් තරංග ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව මෙහෙයවා නොමැත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව