ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තෙවැනි වටයේදි අභියෝගයක්

302
Asia Netball Championship

බැංෙකාක් නුවර දි ඉකුත් මස 31වැනිදා අාරම්භ වු 10වැනි අාසියානු දැල්පන්දු ශූරතාවලියේ පළමු සහ දෙවැනි තරගවලින් ජය ලැබූ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ අද (03) දිනයේ දි මැලේසියාව හමුවේ පරාජයට පත් විය. ඒ 38-32 ලෙසිනි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජපානයට පාඩම් කියා දෙයි

අද දින පැවති ශ්‍රී ලංකාව සහ මලේසියාව අතර තරගය එරට වේලාවෙන් සවස 06.00 අාරම්භ වූ අතර ප්‍රථම වටය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ලකුණු 09 බැඟින් වාර්තා කරමිනි.

දෙවැනි අර්ධය තුලදී ද කරට කර තරඟ වැදුනු ක්‍රීඩිකාවන් අතරින් නියමිත කාලය අවසන් වන විට 18-17 ලෙස එක් ලකුණකින් පෙරමුණ ගැනීමට මලයාසියානු ක්‍රීඩිකාවන් සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එදිරිව වඩාත් ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවක් තුන්වන වටයේ සිට දියත් කල මලයාසියානු ක්‍රීඩිකාවෝ, ලකුණු 09ක අභියෝගයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා දෙමින් තෙවැනි වටයේදි ලකුණු 32 වාර්තා කිරීමට සමත් විය.

කෙසේනමුත් එම අභියෝගයට සාර්ථක ලෙස පිළිතුරු දීමට නොහැකි වු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරතරය ලකුණු 06 දක්වා අඩුකර ගැනීමට සමත් වුවත් 38 – 32 ලෙසින් සිවුවැනි වටය නිමා වූයේ මලයාසියානු කණ්ඩායමට ජයග්‍රහණය හිමිවෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගී වීමටත් පෙර සිටම ඔවුන් තරග වදින B කාණ්ඩයේ අභියෝගාත්මක කණ්ඩායම ලෙස මැලේසියානු කණ්ඩායම හඳුනාගෙන තිබිනි.

ශ්‍රී ලංකාව ප්‍රථම තරගය, තරගයකින් තොරව ලකුණු ලබා ගැනීමට සමත් වූයේ අැෆ්ගනිස්තාන ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගී නොවීම නිසාවෙනි. දෙවැනි තරගයේදි ජපානය සමඟ තරග වැදුනු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 67-14 ලෙසිනි විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් විය.

අගෝස්තු මස 06වැනි දා පැවැත්වෙන අර්ධ අවසන් වටයේදි A කාණ්ඩයේ ප්‍රභලයින් B කාණ්ඩයේ ප්‍රභලයින් සමඟ තරගවදිනු අැත.

පස්වැනි තරග දිනය වන හෙට (04) දිනයේදි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් බෘෘනායි ක්‍රීඩිකාවන් තරග වැදෙනු අැත. තරගය එරට වේලාවෙන් සවස 02.00 අාරම්භ වීමට නියමිතයි.

ලකුණු සාරාංශය –

පලමු දිනය – ජුලි 31

  • මැලේසියාව 73 – 16 ජපානය
  • තායිලන්තය 69 – 19 මාලදිවයින
  • සිංගප්පූරු 57 – 14, චීන තායිපේ

දෙවැනි දිනය – අගෝස්තු 01

  • සිංගප්පූරු 49 – 28 තායිලන්තය
  • චීන තායිපේ 11 – 59: හොංකොං
  • ජපානය 20 – 51 බෲනායි

තෙවැනි දිනය – අගෝස්තු 02

  • චීන තායිපේ 21 – 40 තායිලන්තය
  • හොංකොං 71 – 8 මාලදිවයින
  • මැලේසියාව 63 – 17 බෲනායි
  • ශ්‍රී ලංකා 63 – 17 ජපානය

සිවුවැනි දිනය – අගෝස්තු 03

  • මාලදිවයින 15 – 46, චීන තායිපේ
  • හොංකොං 18 – 32 සිංගප්පූරු
  • මැලේසියාව 38 – 32 ශ්‍රී ලංකාවේ

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට