දෙවැනි පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

විස්සයි විස්ස ලෝක කුසලානය 2022 - පුහුණු තරග

320
MELBOURNE, AUSTRALIA - OCTOBER 13: A general view is seen of the ground after the match was abandoned due to inclement weather during the ICC 2022 Men's T20 World Cup Warm Up Match between Zimbabwe and Namibia at Junction Oval on October 13, 2022 in Melbourne, Australia. (Photo by Daniel Pockett-ICC/ICC via Getty Images)

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි පුහුණු තරගය අද (13) Junction Oval හිදී පැවැත්වීමට නියමිතව තිබුණා. ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

කෙසේ  නමුත් පැවති වර්ෂාව නිසාවෙන් එම තරගය ද අත්හැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමකටම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන අතර ඒ යටතේ ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු පුහුණු තරගය පසුගිය 11 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුනා.

ඒ තරගයේ දී කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග දැක්වූ කැපී පෙනෙන දක්ෂතා නිසා ශ්‍රී ලංකාවට ලකුණු 33ක පහසු ජයක් ලබා ගැනීමට හැකි වුනා.

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය මේ මස 16 වැනිදා ශ්‍රී ලංකාව සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Geelong හිදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<