ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Bloomfield C & AC කණ්ඩායම සහ BRC කණ්ඩායම අද (1) සමත් වෙනවා.
>>මිනෙත් පිට පිට 2 වැනි ශතකයත් වාර්තා කරයි<<
Bloomfield C & AC සහ Kurunegala Youth CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Bloomfield C & AC කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 291ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Kurunegala Youth CC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 233ක් පමණයි. ඒ අනුව ලකුණු 58ක් ඉදිරියෙන් සිටිමින් නැවත පිටියට පිවිසි Bloomfield C & AC ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 86ක් ලබා සිටියා.
අද (1) තරගය ආරම්භ වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි Bloomfield C & AC ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 243ක් ලබා සිටියා. ඔවුන්ගේ ඉනිමට අද එක් වූයේ තවත් ලකුණු 48ක් පමණයි. පෙර දින නොදැවී ලකුණු 29ක් ලබා සිටි හංසමාන ද සිල්වා එම ලකුණු ප්‍රමාණයේ දී ම අද දැවී යන අතර අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි දුලාජ් සමුදිත පන්දු 10ක දී හයේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දිනුක තෙන්නකෝන් ලකුණු 90කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමර ව චලන පෙරේරා සහ ශෙෂාන් මාරසිංහ කඩුල් ද්විත්වය බැගින් දවා ගත් අතර වතිල උදාරට ද කඩුල්ලක් හිමි වුණා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kurunegala Youth CC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ අභිශේක් ලියනාරච්චි. ඔහු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 116ක් ලබා ගන්නවා.
ඊට අමතර ව වතිල උදාර ඉනිම අවසන් වෙද්දි පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා.
එම ඉනිමේ අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු ප්‍රමාණයකට පිවිසීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන් අතර ඒ අනුව නායක තරින්ද ගුරුගේ ලකුණු 62කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව හංසමාන ද සිල්වා, නිසල අබේරත්න සහ කවීෂ පියුමාල් කඩුල්ල බැගින් බෙදා ගත්තා.
Bloomfield C & AC දෙවැනි ඉනිම වෙනුවෙන්, පළමු ඉනිමේ දී ශතයක් වාර්තා කළ මිනෙත් ප්‍රේමරත්න පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.
ඊට අමතර ව දිනය අවසන් වෙද්දී හසිත අමරසිංහ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දිනුක තෙන්නකෝන් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (65.0) හසිත අමරසිංහ 21, මිනෙත් ප්‍රේමරත්න 114, දිනෙත් පැහැසර 33, හංසමාන ද සිල්වා 29, දුලාජ් සමුදිත 24, ෂෙශාන් මාරසිංහ 2/70, චලන පෙරේරා 2/42, දිනුක තෙන්නකෝන් 3/90
- Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (56.5) අභිශේක් ලියනාරච්චි 116, වතිල උදාර නොදැවී 64, තරින්ද ගුරුගේ 6/62
- Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 86 (14.0) මිනෙත් ප්‍රේමරත්න නොදැවී 52, හසිත අමරසිංහ නොදැවී 25, දිනුක තෙන්නකෝන් 2/23
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Bloomfield C & AC කණ්ඩායමට)
- 23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
- ලහිරු උදාර තරගාවලියේ මංගල ශතකය ලබා ගනී
- 23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
- 23න් පහළ පිටියට ලහිරු දවටගේ ගෙන් ත්‍රිත්ව ශතකයක්
- 23න් පහළ අලුත් ම ශතකලාභියා, චන්දූප
Moors SC සහ BRC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Moors SC
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Moors SC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු ම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 191ක් පමණක් වන අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි BRC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 395ක් ලබා ගන්නවා. තරගය විසඳුමකින් තොර ව අවසන් වෙද්දී Moors SC ක්‍රීඩකයෝ තම 2 වැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 38ක් ලබා සිටියා.
අද තරගය ආරම්භ වෙද්දී BRC කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා සිටි අතර එක් අවස්ථාවක ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 189ක් බවට ද පත් වූවා.
එසේ වූවත් 8 වැනි කඩුල්ලට පන්දු 140ක දී ලකුණු 122ක සබඳතාවක් එක් කරන්නට ලිත්ම පෙරේරා සහ ලිනාල් සුබසිංහ සමත් වෙනවා. ඔවුන්ගේ එම ලකුණු සබඳතාව බිඳ වැටෙන්නේ ලිත්ම පෙරේරා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා.
අනතුරු ව ලිනාල් සුබසිංහ සහ සිතුක ගුණවර්ධන එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 51ක සබඳතාවක් ද සහ ලිනාල් සුබසිංහ සහ විග්නේශ්වරන් ආකාශ් (නොදැවී 6) එක් ව 10 කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 33ක සබඳතාවක් ද එක් කරනවා.
එහි දී ලිනාල් සුබසිංහ පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 106ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා. ඊට අමතර ව සිතුක ගුණවර්ධන පන්දු 21ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සඳරු මල්ශාන් ලකුණු 135කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සිතුම් විහඟ සහ ඉඳුවර උදේන කඩුලු ද්විත්වය බැගින් ද සහ දිනිත් කරුණාරත්න කඩුල්ලක් ද දවා ගත්තා.
ලකුණු 204ක් පසුපසින් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි Moors SC ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 38ක් ලබා සිටියා. එම ඉනිමේ වෙනුවෙන් නායක රවිශාන් ද සිල්වා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටි අතර පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (42.1) ඔමේෂ් මෙන්ඩිස් 51, රුවීන් ෆොන්සේකා 32, විශාර ප්‍රනාන්දු 67, සිතුක ගුණවර්ධන 5/75, විග්නේශ්වරන් ආකාශ් 3/43
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 395 (97.3) ඉසුරු ප්‍රනාන්දු 80, කුසල් විජේතුංග 32, විශ්ව සුපුන් 21, යසිරු රොද්‍රිගෝ 22, රන්මිත් සේනාරත්න 28, ලිත්ම පෙරේරා 61, ලිනාල් සුබසිංහ 106, ඉඳුවර උදේන 2/78, සඳරු මල්ශාන් 5/135, සිතුම් විහඟ 2/25
- Moors SC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 38 (10.0) රවිශාන් ද සිල්වා නොදැවී 24, යසිරු රොද්‍රිගෝ 3/13
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය BRC කණ්ඩායමට)
තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 5 සහ 6 දෙදින පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















