ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (31) ආරම්භ වූ අතර එහි දී Bloomfield C & AC කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා.
>>23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
Bloomfield C & AC සහ Kurunegala Youth CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින Bloomfield C & AC ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 243ක් ලබා සිටිනවා.
Bloomfield C & AC
තරින්ද ගුරුගේ (නායක), හසිත අමරසිංහ, මිනෙත් ප්‍රේමරත්න, අසිත වන්නිනායක, දිනෙත් පැහැසර, ශානික්‍ය දේශප්‍රිය (කඩුලු රකින්නා), පැතුම් රත්නායක, හංසමාන ද සිල්වා, දුලාජ් සමුදිත, කවීෂ පියුමාල් සහ නිසල අබේරත්න.
Kurunegala Youth CC
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Bloomfield C & AC ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මිනෙත් ප්‍රේමරත්න. ඔහු පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත් අතර එය ඔහු මෙවර තරගාවලියේ දී පිට පිට වාර්තා කරන ලද 2 වැනි ශතකයයි.
ඔහුට අමතර ව දිනෙත් පැහැසර පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද සහ දිනය අවසන් වෙද්දී හංසමාන ද සිල්වා පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දිනුක තෙන්නකෝන් ලකුණු 76කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව චලන පෙරේරා, වතිල උදාර සහ ෂෙහාන් මාරසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Bloomfield C & AC– කඩුලු 6ක් දැවී 243 (59.0)හසිත අමරසිංහ 21, මිනෙත් ප්‍රේමරත්න 114, දිනෙත් පැහැසර 33, හංසමාන ද සිල්වා නොදැවී 29, දිනුක තෙන්නකෝන් 2/76
- ලහිරු උදාර තරගාවලියේ මංගල ශතකය ලබා ගනී
- 23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
- 23න් පහළ පිටියට ලහිරු දවටගේ ගෙන් ත්‍රිත්ව ශතකයක්
- ශ්‍රී ලංකා සහ පාකිස්තානු කාන්තාවන්ගේ සූරියවැව හටන
- 23න් පහළ අලුත් ම ශතකලාභියා, චන්දූප
Moors SC සහ BRC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Moors SC
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Moors SC ක්‍රීඩකයෝ සියලු ම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 191ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි BRC ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයක පසු වූවා.
ඔවුන්ට ප්‍රතිවාදීන් අභිබවා යෑමට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 36ක් පමණක් වන අතර ඒ සඳහා තවත් කඩුලු 6ක් ඉතිරි ව තිබෙනවා.
Moors SC කණ්ඩායම
රවිශාන් ද සිල්වා (නායක), ඔමේෂ් මෙන්ඩිස්, හිරුන් මතීෂ, සඳරු මල්ශාන්, රුවීන් ෆොන්සේකා, විශාර ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සිතුම් විහඟ, දිනෝෂ් ගමගේ, හිවින් කෙනුල, ඉඳුවර උදේන සහ දිනිත් කුමාරසිංහ.
BRC කණ්ඩායම
විශ්ව සුපුන් (නායක), ඉසුරු ප්‍රනාන්දු, තරුශ්ක අශේල්, කුසල් විජේතුංග, යසිරු රොද්‍රිගෝ, රන්මිත් සෙනරත් (කඩුලු රකින්නා), ලිත්ම පෙරේරා, දුමිඳු සෙව්මිණ, විග්නේශ්වරන් ආකාශ්, ලිනාල් සුබසිංහ සහ සිතුක ගුණවර්ධන
මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Moors SC කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 34ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කිරීමට ඔමේෂ් මෙන්ඩිස් සහ නායක රවිශාන් ද සිල්වා සමත් වෙනවා.
රවිශාන් ද සිල්වා පන්දු 19ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 12කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඔමේෂ් මෙන්ඩිස් ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී මෙවර තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකය ද ලබා ගන්නවා. ඔහු දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා.
ඉන් අනතුරු ව Moors SC ඉනිමේ කෙරුම්කරුවා බවට පත් වූයේ විශාර ප්‍රනාන්දු. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 67ක් ලබා ගන්නවා. ඔහුත් සමඟින් 5 වැනි කඩුල්ලට එක් වූ රුවීන් ෆොන්සේකා පන්දු 91ක දී ලකුණු 82ක සබඳතාවක් එක් කරන අතර රුවීන් ෆොන්සේකා පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 32ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනාට අමතර ව හිරුන් මතීෂ සහ රවිශාන් ද සිල්වා ලකුණු 12ක් බැගින් ද සහ සිතුම් විහඟ ලකුණු 10ක් ද ලබා ගත් අතර අනෙක් කිසිඳු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී සිතුක ගුණවර්ධන ලකුණු 75කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වූවා. ඊට අමතර ව විග්නේශ්වරන් ආකාශ් කඩුලු 3ක් ද, සහ තරුශ්ක අශේල් කඩුල්ලක් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BRC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ඉසුරු ප්‍රනාන්දු. ඔහු පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 80ක් ලබා ගන්නවා.
ඊට අමතර ව කුසල් විජේතුංග පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව BRC ඉනිමට පන්දු 136ක දී ලකුණු 86ක සබඳතාවක් එක් කරනවා.
ඊට අමතර ව නායක විශ්ව සුපුන් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ඉඳුවර උදේන ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව සිතුම් විහඟ සහ සඳරු මල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Moors SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (42.1)ඔමේෂ් මෙන්ඩිස් 51, රුවීන් ෆොන්සේකා 32, විශාර ප්‍රනාන්දු 67, සිතුක ගුණවර්ධන 5/75, විග්නේශ්වරන් ආකාශ් 3/43
- BRC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 145 (44.0)ඉසුරු ප්‍රනාන්දු 80, කුසල් විජේතුංග 32, විශ්ව සුපුන් 21, ඉඳුවර උදේන 2/44
BRC කණ්ඩායම ලකුණු 46ක් පිටුපසින්.
මෙම තරග ද්විත්වය හෙට (01) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















