රවිඳු සහ පවන්තගේ ද්විත්ව ශතක දෙවැනි දිනය වර්ණවත් කරයි

අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලිය 2022

2003

අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (18) ආරම්භ වුනා. තරගාවලියේ දෙවැනි දිනය වූ අද දිනයේ දී තරග 9ක් දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුනා.

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ රවිඳු රශාන්ත සහ කොළඹ ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ ද්විත්ව ශතක වාර්තා කරමින් දෙවැනි දිනයේ වැඩි දස්කම් දැක්වීමට සමත් වුනා.

ඔවුන්ට අමතරව කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ අවිශ්ක පෙරේරා ලකුණු 172ක්, පානදුර ක්‍රීඩා සමාජයේ කෝසල් රවිඳු සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ සුඛිත මනෝජ් ලකුණු 110 බැගින් ද වාර්තා කිරීමට සමත්ව තිබුණා.

ඔවුන්ට අමතරව කවිඳු දිල්හාර (96), ජනිෂ්ක පෙරේරා (නොදැවී 95), දුනිත් ජයතුංග (91), හරිඳු ජයසේකර (85) සහ හරීන් බුද්ධිල (83) පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී දිනයේ වැඩි දස්කම් දැක්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ තීසන් විතුෂාන් (6/34), NCC කණ්ඩායමේ යුගීෂ ඩිෂාන් (6/48) සහ යුද හමුදාවේ කණ්ඩායමේ ලක්ෂාන් ගමගේ (5/23) විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.

තරගාවලියේ අද පැවති තරග සාරාංශය මෙසේයි.

Burgher Recreation Club සහ ගාලු ක්‍රිකට් සමාජය

  • BRC 191 (58.5): චමෝද් සඳරු 46, විනුර දුල්සර 39, සවිඳු උත්තර 37*, සුභානු රාජපක්ෂ 3/34, හරීන් බුද්ධිල 3/38, කවිඳු දිල්හාර 2/46 සහ135/2 (38) කවිඳු එදිරි 46 දුල්සර 34, හිරන්ත ජයසිංහ 27*, ශාලිත් ප්‍රනාන්දු 23
  • ගාලු 367 (81.4): කවිඳු දිල්හාර 96, හරීන් බුද්දිල 83, චමත් දිල්සර 51, දුලාෂ් උදයංග 42, ඩිල්ෂාන් කාංචන 29, සුභානු රාජපක්ෂ 20, සවිඳු උත්තර 3/85, කවිඳු එදිරිවීර, උස්මන් ඉශාක් 2/48, දුශාන් හේමන්ත 2/65

බදුරලිය ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය

  • බදුරලිය 249 (60.2): මලිඳු මධුරංග 81, අශේන් ගුණවර්ධන 57, උමයංග සුවාරිස් 48, රවිශ්ක විජේසිරි 27, සසංක නිර්මාල් 4/76, අකිල ශෙනේෂ් 2/52
  • පානදුර 429/7 (116): කෝසල රවිඳු 152*, සසංක නිර්මාල් 64*, දුනිත් ජයතුංග 91, විනුක රූබසිංහ 39, හේෂාන් වෙල්ගම 34, යොමේෂ් රණසිංහ 20, තමිඳු වික්‍රමආරච්චි 4/105, රවිශ්ක විජේසිරි 2/96

සෙබස්තියන් ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය

  • සෙබස්තියන් 221 (53): මනිල්ක ද සිල්වා 103, තරූශ ප්‍රනාන්දු 43, විහාන් ගුණසේකර 40, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 21, ලක්ෂිත මානසිංහ 4/64, ඉමේෂ් රාමනායක 3/58, ට්‍රවීන් මැතිව් 2/25 සහ 205/5 (59) සඳුන් ප්‍රනාන්දු 77*, විශාල් සිල්වා 36, තරුෂ ප්‍රනාන්දු 26, මානෙල්කර් ද සිල්වා 26, ලක්ෂිත මානසිංහ 2/49
  • SSC 208 (59.2): සදීෂ රාජපක්ෂ 64, කේෂාන් විජේරත්න 38*, දිනෙත් සිරිවර්ධන 25, ටෙහාන් ෂාෆ්ටර් 4/31, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 3/50, ෂෙහාන් සිල්වා 2/24

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය

  • ගුවන් හමුදා 129 (53.4): කළණ විජේසිරි 21, දෙවිඳු කැකිරිදෙණිය 3/18, සුගත් මෙන්ඩිස් 3/34, චමිඳු විජේසිංහ 2/27 සහ 49/1 (25) කළණ විජේසිරි 22, හෂාන් විමුක්ති 20*
  • CCC 369 (98.3): පවන්ත වීරසිංහ 200*, චමිඳු විජේසිංහ 49, රොන් චන්ද්‍රගුප්ත 39, අංජල බණ්ඩාර 24, කෙමිර විජේනායක 3/49, මොවින් සුබසිංහ 3/97, හංසා හිරනි 2/75

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • මුවර්ස් 263 (72.5): දිනුක ඩිල්ෂාන් 111, පසිඳු සූරියබණ්ඩාර 37, රොහාන් ද සොයිසා 30, අදීෂ තිලංචන 25, ජනිත හිම්සර 23, හේසර නුවන්ත 2/21, අවිශ්ක ලක්ෂාන් 2/30, දිලීෂ් අරුණෝද්‍ය 2/32 සහ 174/8 (49) ජනිෂ්ක පෙරේරා 95* පසිඳු සූරියබණ්ඩාර 27, සුදාර දක්ෂිණ 4/53, දිලීෂ් අරුණෝද්‍ය 3/27
  • නාවික හමුදා 143 (51.1): සුලේක්ෂණ ශ්‍රීෂාන් 24, සුදාර දක්ෂිණ 21, තීසන් විතුෂාන් 6/34, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/21, තරුෂ රත්නායක 2/37

Nondescripts Cricket Club සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය

  • NCC 418/9d (105): දිනෙත් ජයකොඩි 104*, ජොහාන් ද සිල්වා 100, හසිත බෝයගොඩ 91, අහන් වික්‍රමසිංහ 38, රාජේන්ද්‍රන් අරවින්ද 5/94
  • බ්ලූම්ෆීල්ඩ් 154 (72): කවියන් නරේස් 52, අශාන් ප්‍රනාන්දු 48, යුගීෂ ඩිෂාන් 6/48, කාවින්ද ඊශ්වර 3/30 සහ 8/0 (3)

කළුතර නගර සමාජය සහ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

  • කළුතර 125 (49.2): ඉන්සක සිරිවර්ධන 34, හර්ෂණ වික්‍රමසිංහ 4/49, රොහාන් සංජය 3/39 සහ 91/3 (39) අමර්‍ය කවුල් 46, ඉසුරු සඳමාල් 29*, රොහාන් සංජය 2/33
  • කෝල්ට්ස් 445/2d (84): රවිඳු රශාන්ත 224* අවිශ්ක පෙරේරා 172, සලීන් ඩිමෙල් 21

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

  • කුරුණෑගල 180 (77.1): දිලාජ් රණතුංග 70, සංජීවන් ප්‍රියදර්ශන 38, විබවිත් ඇහැලේපොළ 28, රවීන් යසස් 3/33, මලීෂ දේශාන් 2/24, දසුන් සෙනෙවිරත්න 2/42 සහ 46/1 (13) ෂෙහාන් බණ්ඩාර 25*
  • හලාවත මේරියන්ස් 334/6d (85): සුඛිත මනෝජ් 110, හරිඳු ජයසේකර 85, දසුන් සෙනෙවිරත්න 59, රවීන් යසස් 52, ප්‍රවීන් රාමයියා 2/36, ගිහාන් අංජන 2/67

යුද හමුදා ක්‍රිකට් සමාජය සහ මහනුවර රේගු ක්‍රීඩා සමාජය

  • යුද හමුදා 291 (79.3): ශෙහාන් ප්‍රනාන්දු 100, පැතුම් බොතේජු 61, සේහන්ද සොයිසා 41, අශාන් දිල්සර 32, තිමිර මල්ෂාන් 3/59, මර්වින් අභිලාෂ් 2/64, අනුක ජයසිංහ 2/74
  • මහනුවර රේගු 72 (26.5): ලක්ෂාන් ගමගේ 5/23, කෞමාල් නානායක්කාර 3/14, මලින්ද අභිෂේක් 2/24 සහ 187/6 (54) සජිත් ද සිල්වා 34*, අවිෂ්ක හසරින්ද 29, සසිත් මනුරංග 26, රුවීන් ෆොන්සේකා අශාන් දිල්හාර 2/37, ශෙහද සොයිසා 2/51

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<