බෝල්ට්, ලෝකි වෙනුවට හාමිශ් වසර 3කට පසු නවසීලන්ත කණ්ඩායමට

127

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම නියෝජනය කිරීම සඳහා හාමිශ් බෙනෙට් කැඳවා තිබේ. ඒ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩකයන් වන ට්‍රෙන්ට් බෝල්ට් හා ලෝකු ෆර්ගියුසන් තවමත් ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයක නොසිටීම නිසාවෙනි. 

ස්ටර්ලින්ගේ පිත්තෙන් කොදෙව්වන්ට සැර පහරක්!

විස්සයි විස්ස තරගයක දැකිය හැකි උපරිම රසවින්දනයක්……..

2011 වසර වන විට නවසීලන්ත නිත්‍ය ක්‍රීඩකයෙකුව සිටි හාමිශ් බෙනෙට් 32 හැවිරිදි ක්‍රීඩකයෙකි. 2011 වසරෙන් පසුව ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 4කට පමණි. ඔහු අවසන් වරට 2017 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කළේය. ඉන් අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව බෙනෙට් හට හිමි විය. 

කෙසේ වෙතත් බෙනෙට් තවමත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැත. නමුත් ඔහු දේශීය හා ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගාවලි රැසක් ක්‍රීඩා කර ඇත. නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා පවසා සිටියේ බෙනෙට්ගේ දක්ෂතා හා ඔහුගේ රිද්මය නිසාවෙන් ඔහු සංචිතයට කැඳවූ බවයි. 

“පසුගිය තරගවාර කීපය තුල දී ම ඔහුගේ දක්ෂතා අපි දැක්කා. ඒවා ගොඩක් හොඳ මට්ටමක තිබුණා. ඔහු දේශීය තරගාවලි වල හොඳම පන්දු ‍යවන්නෙක් බවට පත්වෙලා තිබුණා. අපි ගොඩක්ම දැක්කේ තරගය තුල ඔහු දක්වන දායකත්වය. අපි හැමෝම දන්නවා ඔහු ඉතාම හොඳ වේගයක් හා ඉපිලීමක් ලබාගන්නවා. ඒ වගේම දක්ෂ විදිහට පන්දු රටාව වෙනස් කරනවා. අපි හිතනවා ඔහු හොඳ ආදේශයක් වේවි කියලා.”

ඉන්දීය තරගාවලිය සඳහා වන නවසීලන්ත වේගපන්දු බලඇණිය සඳහා බෙනෙට්ට අමතරව ටිම් සවුති, බ්ලෙයාර් ටික්නර් ඇතුළත් වන අතර ස්කොට් කුග්ලෙයින්, මිචෙල් සැන්ට්නර් හා ඉශ් සෝධි දඟපන්දු ‍යවන්නන් ලෙස සංචිතයට ඇතුලත්ව ඇත. 

ඩර්බන් වීරයාට වැට බැඳි අරුම පුදුම තේරීම

දක්ෂයාට නිසි තැන ලබා දෙමින්, ඔවුන් සතු ……..

නවසීලන්ත කණ්ඩායම අවසන් වරට එක්වූ ඕස්ට්‍රේලියා තරග සංචාරය අතරතුර ට්‍රෙන්ට් බෝල්ට් හා ලෝකි ෆර්ගියුසන් ආබාධයට ලක්වූ අතර ඔවුන් තවමත් සුවය ලබා නැත. 

නවසීලන්ත වේගපන්දු ‍යවන්නන් වන මැට් හෙන්‍රි, ඩග් බ්‍රේස්වෙල් හා ඇඩම් මිල්නේ ද ආබාධයන්ගෙන් තවමත් සුවය ලබා නොමැත. 

තරගාවලිය සඳහා එක්වන නවසීලන්ත කණ්ඩායම 

කේන් විලියම්සන්, හාමිශ් බෙනෙට්, ටොම් බෲස්, කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම්, මාටින් ගප්ටිල්, ස්කොට් කුග්ලෙයින්, ඩාරිල් මිචෙල්, කොලින් මුන්රෝ, රොස් ටේලර්, බ්ලෙයාර් ටික්නර්, මිචෙල් සැන්ට්නර්, ටිම් සයිෆර්ට්, ඉශ් සෝධි, ටිම් සවුති

ඉන්දීය කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය එළඹෙන ජනවාරි 24 වැනිදා ආරම්භ වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<