අයර්ලන්තයට නම් කළ ඉන්දීය සංචිතය එංගලන්තයටත්?

2159

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට නම් කළ ඉන්දීය කණ්ඩායම ම තරග තුනකින් සමන්විත එංගලන්ත විස්සයි විස්ස තරගාවලියටත් ක්‍රීඩා කරනු ඇති බව Times Of India වාර්තා කරනවා.

තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya නායකත්වය දරන ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම එළඹෙන ජුනි 26 හා 28 දිනවල අයර්ලන්තය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ඩබ්ලින් හිදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දියාව හා එංගලන්තය අතර නැවත පවත්වන්නට නියමිතව තිබෙන ටෙස්ට් තරගය ජූලි 1 හා 5 අතර Birmingham හිදී පවත්වන්නට නියමිතව තිබෙනවා. එංගලන්ත තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඊට දින දෙකකට පසු ජූලි 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.”

ටෙස්ට් තරගාවලියට එක්වන ක්‍රීඩකයින්ට ඉක්මනින් විස්සයි විස්ස තරගාවලියට මාරු වීම අපහසුයි. එම නිසා අයර්ලන්තය තරගාවලියට එක්වන විස්සයි විස්ස කණ්ඩායමටම එම තරගාවලියෙන් අනතුරුව එංගලන්තයට යන ලෙස දන්වා තිබෙනවා. එම කණ්ඩායම එංගලන්ත දේශීය කණ්ඩායම් සමඟ පුහුණු තරග දෙකක් ද පැවැත්වීමට නියමිතයි”, Times Of India  වාර්තා කර තිබුණා.

එංගලන්ත තරගාවලියට එක්වන ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායම තවමත් නම් කර නැහැ.

Times Of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<