ඉන්දීය ක්‍රීඩකයෝ කොදෙව්වෝ දණ ගස්වයි

157
Indian cricketers celebarte with a trophy after winning T20 cricket series against West Indies at the MA Chidambaram Cricket Stadium in Chennai on November 11, 2018. (Photo by ARUN SANKAR / AFP)

චෙන්නායි, චෙපක් හි එම්. ඒ. චිදම්බරන් ක්‍රීඩාංගණයේ දී  (11) නිමා වූ ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි සහ අවසාන විස්සයි විස්ස තරගයෙන් තියුණු තරගයකින් අනතුරුව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලිය ද 3-0ක් ලෙස ජයග්‍රහණය  කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තම දක්ෂතා උපරිමයෙන් දැක්වූව ද ඉන්දීය ක්‍රීඩකයන් අවසන් පන්දුවේ දී තම ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් වූයේ කොදෙව්වන්ගේ දක්ෂතා දෙවැනි තැනට ඇද දමමිනි. කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 3ක් දැවී ලකුණු 181ක් ලබා ගත් අතර ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේ ය.

රෝහිත් ෂර්මා කොදෙව්වන් වනසා දමයි

ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ විශ්මිත පිතිහරඹය හේතුවෙන් ඉන්දියාව සහ බටහිර …..

කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වෝ එහි වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ඉන්දීය පන්දු යවන්නන් ප්‍රබල පීඩනයකට පත් කළහ.

ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාවයම ලකුණු 51ක් විය. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 37ක් පමණි. ෂායි හොප් සහ ෂිම්රොන් හෙට්මයර් එක්ව ගොඩ නැගූ පළමු කඩුල්ලේ සබඳතාව බිඳී ගියේ ෂායි හොප්ගේ දැවී යෑමත් සමඟිනි. ඔහු පන්දු 22කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 24ක් ලබා ගත්තේ ය.

අනතුරුව වැඩි වේලාවක් නොයා ෂිම්රොන් හෙට්මයර් ද පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. හෙට්මයර් පන්දු 21ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය. මෙම කඩුලු දෙකේම හිමිකාරිත්වය යුස්වේන්ද්‍ර චාහල් සතු විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක සබඳතාවක් එක් කිරීමට ඩැරන් බ්‍රාවෝ සහ දිනේෂ් රාම්ඩීන් සමත් වූහ. රාම්ඩීන් පන්දු 15කට මුහුණ දී හයේ පහරක් ද සමඟින් ලකුණු 15ක් ලබා ගෙන වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවකට දැවී ගියේ ය.

කොදෙව් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ බ්‍රාවෝ සහ නිකොලස් පූරාන් පන්දු 43ක දී ලකුණු 87ක නොදැවුණ සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. එහි දී 23 හැවිරිදි වමත් පිතිකරු පූරාන් තම විස්සයි විස්ස පිටියේ 5 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය. ඔහු කොදෙව් ඉනිම නිමා වන විට පන්දු 25කට මුහුණ දී හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියේ ය.

අකිලගේ පන්දු යැවීමේ ඉරියව් ගැන සැකයක් – ICC

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් …

බ්‍රාවෝ නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 43කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 37ක් වැය කර තිබූ අතර ඉන් පන්දු දෙකකට හතරේ පහර ද තවත් පන්දු දෙකකට හයේ පහර ද එල්ල කළේ ය.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍රන් චාහල් ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තේ ය.  

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැත. නායක රොහිත් ෂර්මා (04) ද, ලෝකේෂ් රාහුල් (17) අඩු ලකුණුවලට සීමා කිරීමට කොදෙව්වෝ සමත් වූහ. අනතුරුව ෂිකර් ධවාන් සහ රිෂාබ් පන්ට් තෙවැනි කඩුල්ලට එක් වෙමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය අභියසට කැඳවාගෙන ගියහ. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 130කි.

තරගයේ අවසාන පන්දු 12 උදා වූයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයන්ට ලකුණු 8ක අවශ්‍යතාවක් සමඟිනි. ඒ වෙනුවෙන් තවත් කඩුලු 8ක් ම ඉන්දීය ක්‍රීඩකයන් සතු විය. එහෙත් යැවුණු 19 වැනි පන්දු වාරය කඩුල්ලක් ද සමඟින් ලකුණු 3කට සීමා කිරීමට කීමෝ පෝල් සමත් විය.

පෝල් විසින් එවන ලද පන්දුව රිෂාබ් පන්ට්ගේ මැද කඩුල්ල බිඳ දමද්දී ඔහු පන්දු 38ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා සිටියේ ය. ඔහු තම විස්සයි විස්ස පිටියේ අද රැස් කළේ මංගල අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ඉන්දීය ඉනිමට එක් වූයේ මනීෂ් පාණ්ඩේ ය.

ගාල්ලෙන් ඇරඹී ගාල්ලෙන්ම නිමා වූ විශිෂ්ටයාගේ සුවිශිෂ්ට මෙහෙවර

2010 වසරේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් නික්ම යාමෙන් පසු ….

අවසන් පන්දු වාරයේ පළමු පන්දු 4 දී ලකුණු 4ක් ලබා ගනිමින් තරගයේ ලකුණු සම තත්ත්වයට ගෙන ඒමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ තවත් ලකුණක් පමණි. පන්දු දෙකක්ම ඉතිරිව තිබුණි.

එහෙත් එතෙක් කොදෙව්වන්ට හිසරදයක් වෙමින් පිටියේ රැඳී සිටි ෂිකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට කොදෙව්වෝ සමත් වූහ. ෆාබියන් ඇලන්ගේ පන්දුවකට කිරාන් පොලාඩ් වෙත උඩ පන්දුවක් දෙමින් ධවාන් දැවී යන විට පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 92ක් ලබා සිටියේ ය. එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ 8 වැනි අර්ධ ශතකය මෙන්ම හොඳම ඉනිම ලෙසින් ද වාර්තා පොත් අතරට එක් විය.

අවසන් පන්දුවේ දී පාණ්ඩේ විසින් එල්ල කළ පහර පන්දු යැවූ ඇලන්ට ලකුණක් ලබා නොදෙමින් වළක්වා ගැනීමට හොඳාකාරවම අවස්ථාව තිබුණ ද ඔහු වෙතින් එම අවස්ථාව ගිලිහී ගියෙන් තරගයේ විසඳුම මේ ලෙසින් තීරණය විය.

පන්දු යැවීමේ දී කීමෝ පෝල් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

තරගයේ වීරයා ලෙසින් ෂිකර් ධවාන් නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් කුල්දීප් යාදව් නම් කෙරුණි.

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 3ක් දැවී 181 (20): ෂායි හොප් 24, ෂිම්රොන් හෙට්මයර් 26, ඩැරන් බ්‍රාවෝ නොදැවී 43, නිකොලස් පූරාන් නොදැවී 53, යුස්වේන්ද්‍ර චාහල් 2/28

ඉන්දියාව; කඩුලු 4ක් දැවී 182 (20): ෂිකර් ධවාන් 92, රිෂාබ් පාන්ඩේ 58, කීමෝ පෝල් 2/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<