රෝහිත් ෂර්මා කොදෙව්වන් වනසා දමයි

352
Indian captain Rohit Sharma (L) makes an unsuccessful appeal as Indian wicketkeeper Dinesh Karthik (R) catches the ball during the second T20 cricket match between India and West Indies at The Bharat Ratna Atal Bihari Vajpayee Ekana Cricket Stadium in Lucknow on November 6, 2018. (Photo by Money SHARMA / AFP) / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ විශ්මිත පිතිහරඹය හේතුවෙන් ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ඊයේ (06) ලක්නව් හිදී නිමා වූ දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 71ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 3කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

යාදව් සහ කාර්තික් ඉන්දියාව ගොඩදායි

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ….

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 195ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් පමණි.

කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කිරීම ම ඔවුන්ගේ විනාශයේ ආරම්භය විය. කොදෙව් ක්‍රීඩකයන්ට කිසිදු විවේකයක් ලබා නොදුන් රෝහිත් ෂර්මා ඉන්දීය ඉනිම පුරා නොදැවී රැඳී සිටිමින් ලකුණු 111ක් ලබා ගත්තේ ය. පන්දු 61කට මුහුණ දුන් ෂර්මා හතරේ පහර 8කින් සහ හයේ පහර 7කින් තම ඉනිම සවි ගැන්විය.

ෂර්මාගේ මෙම ඉනිම විස්සයි විස්ස තරග පිටියේ දෙවැනි සාර්ථකම ඉනිම ද වන අතර පන්දු 58කින් වාර්තා කළ ශතකය විස්සයි විස්ස තරග පිටියේ සිව්වැනි ශතකය ලෙසින් ද වාර්තා පොත් අතරට එක් විය. එම ශතකයත් සමගින් විස්සයි විස්ස තරග පිටියේ වැඩිම ශතක ලාභියා ලෙසින් ද ෂර්මා වාර්තා පොත් අතරට එක් විය. ඊට පෙර මෙම වාර්තා හිමිකර ගෙන සිටියේ ශතක 3ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩක කොලින් මුන්රෝ ය.

තරගයේ වීරයා සම්මානයෙන් ද පුද ලැබුවේ ෂර්මා ය.

ඉන්දීය ක්‍රීඩකයෝ ආරම්භක පන්දුවේ සිටම දැවැන්ත පිති ප්‍රහාරයකට යමින් බටහිර ඉන්දීය කොදෙව්වෝ පීඩනයකට පත් කළහ. ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවම ලකුණු 123කි. රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් එක්ව ඇරඹූ ඉනිම 14 වැනි පන්දු වාරයේ දී අවසන් වූයේ ධවාන්ගේ දැවී යෑමත් සමඟිනි. ධවාන් පන්දු 41ක දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 43ක් ලබා ගත්තේ ය.

සිම්බාබ්වේට වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයක්

සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (06) නිමා වූ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ….

එම දැවී යෑමෙන් පසුව තවත් ලකුණු10ක් කණ්ඩායමට එක් වෙද්දී රිෂාබ් පන්ට් (05) ද දවා ගැනීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන් මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයන්ට එරෙහිව පීඩනයක් එල්ල කළ එකම අවස්ථාව එයම විය. අනතුරුව පිටියට එක් වූයේ ලෝකේෂ් රාහුල් ය.

රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල් ඉන්දීය ඉනිම අවසාන වනතුරු කඩුල්ලේ රැඳී සිටිමින් නැවත කොදෙව්වෝ අසරණ කරමින් තෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 62ක් එක් කළහ. ලෝකේෂ් රාහුල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 26කි. ඒ සඳහා ඔහු පන්දු 14ක් වැය කළ අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද තම ඉනිමට ඇතුලත් කළේය.

කඩුලු ලබා ගැනීමේ දී කහාරි පියරේ සහ ෆේබියන් අලීන් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වන්ට සාර්ථක ලකුණු සබඳතා එක් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ 8 වැනි කඩුල්ලට නායක කාලෝස් බ්‍රාත්වෙට් සහ කීමෝ පෝල් එක්ව වාර්තා කළ ලකුණු 33යි. ඉනිමේ 14 වැනි පන්දු වාරයේ දී පිට පිට පන්දු 2ක දී කඩුලු 2ක් දැවී යෑමෙන් අනතුරුව එක් වූ මෙම ලකුණු සබඳතාව නොවන්නට කොදෙව් ඉනිමේ ඉරණම මීට වඩා බොහෝ සේ වෙනස් වීමට ඉඩ තිබුණි.

කිත්රුවන් Emerging පිටියේ ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League …

කිමෝ පෝල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20කි. ඔහු පන්දු 21කට මුහුණ දී හයේ පහර 2ක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව කොදෙව් ඉනිමට පරිත්‍යාග කළේය. ඊට අමතරව ඩැරන් බ්‍රාවෝ ඉදිරි පෙළ ඇදගෙන යමින් ලකුණු 23ක් ලබා ගත්තේ ය. පන්දු 18ක දී වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 4ක් ඇතුලත් විය.

කඩුලු ලබා ගැනීමේ දී බුවනේෂ්වර් කුමාර්, කේ. කාලීඩ් අහමඩ්, ජස්ප්‍රිට් බුම්රා සහ කුල්ඩීප් යාදව් කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

ඉන්දියාව; කඩුලු 2ක් දැවී 195 (20): රොහිත් ෂර්මා නොදැවී 111, ෂිකර් ධවාන් 43, ලෝකේෂ් රාහුල් නොදැවී 26

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 9ක් දැවී 124 (20): ඩැරන් බ්‍රවෝ 23, කීමෝ පෝල් 20, බුවනේෂ්වර් කුමාර් 2/12, කේ. කාලීඩ් අහමඩ් 2/30, ජස්ප්‍රිට් බුම්රා 2/20, කුල්ඩීප් යාදව් 2/32

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන විස්සයි විස්ස තරගය මේ මස 11 වැනිදා චෙන්නායි හිදී පැවැත්වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<