Home Sinhala ශ්‍රී ලංකාව ගෙදර යවමින් දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරාජය කරයි

ශ්‍රී ලංකාව ගෙදර යවමින් දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරාජය කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

236

අබුඩාබි නුවර Sheikh Zayed ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (02) පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමත් වුනා.

ජයග්‍රහණ දෙකක් ලබා ගනිමින් පළමු කාණ්ඩයේ දෙවැනි තැන පසු වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය අවසන් පූර්ව වටයේ අසුන තහවුරු කර ගැනීමට මෙම තරගය ඉතා වැදගත් වූ අතර බංග්ලාදේශය මෙතෙක් සහභාගී වූ තරග සියල්ල පරාජයට පත්වෙමින් අවසන් ස්ථානයේ රැඳී සිටියා.

සිය කණ්ඩායමට තීරණාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දු යැවීමට දකුණු අප්‍රිකානු නායක Temba Bavuma තීරණය කළා.

  • දකුණු අප්‍රිකා කණ්ඩායම: Quinton de Kock (wk), Reeza Hendricks, Temba Bavuma (c), Rassie van der Dussen, Aiden Markram, David Miller, Dwaine Pretorius, Kagiso Rabada, Keshav Maharaj, Anrich Nortje, Tabraiz Shamsi
  • බංග්ලාදේශ කණ්ඩායම: Mohammad Naim, Liton Das (wk), Soumya Sarkar, Mushfiqur Rahim, Mahmudullah (c), Afif Hossain, Shamim Hossain, Mahedi Hasan, Nasum Ahmed, Shoriful Islam, Taskin Ahmed

සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින් බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් හයදෙනෙකු මුළු ලකුණු සංඛ්‍යාව 45ක් වන විට ක්‍රීඩාගාරයට නැවත හරවා යැවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට හැකි වුනා.

බංග්ලාදේශ කණ්ඩායමේ ඉදිරිපෙළ ගැලවුම්කරුවා වෙමින් Liton Das ලකුණු 24ක් රැස්කිරීමට සමත් වූ අතර සිය කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ Mahedi Hasan පන්දු 25ක දී ලකුණු 27ක් රැස්කළා.

දකුණු අප්‍රිකානු ප්‍රබල පන්දු යැවීම හමුවේ අනෙකුත් පිතිකරුවන්ගෙන් Shamim Hossain (11) හැර කිසිවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වූ අතර ඔවුන් පන්දුවාර 18.2ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 84ක් පමණයි.

පන්දු යැවීමේ දී Kagiso Rabada සහ Anrich Nortje අතර කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත්වූ අතර දඟපන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsi කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ලකුණු 85ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Reeza Hendricks ලකුණු 4කට සහ Aiden Markram ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට Taskin

Ahmedට හැකි වූ අතර ආරම්භක පිතිකරු Quinton de Kock ලකුණු 16කට Mahedi Hasanගේ පන්දුවක් හමුවේ දැවී යාමත් නිසා දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 3කට ලකුණු 33ක් ලෙසයි.

සිව්වැනි කඩුල්ල සඳහා දකුණු අප්‍රිකානු නායක Temba Bavuma සහ Rassie van der Dussen එක්ව ගොඩනැගූ ලකුණු 47ක සම්බන්ධතාව නිසාවෙන් දකුණු අප්‍රිකාව පන්දුවාර 13.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

Temba Bavuma පන්දු 28කට මුහුණ දෙමින් ලකුණු 32ක් රැස්කිරීමට සමත් වූ අතර Rassie van der Dussen පන්දු 27ක දී ලකුණු 22ක් රැස්කළා.

• බංග්ලාදේශ; 84/10 (18.2) – Mahedi Hasan 27, Liton Das 24, Anrich Nortje 3/8, Kagiso Rabada 3/20

• දකුණු අප්‍රිකාව; 86/4 (13.3) – Temba Bavuma 32*, Rassie van der Dussen 22, Taskin Ahmed 2/18

දකුණු අප්‍රිකාව ලද මෙම ජයග්‍රහණත් සමඟ 2021 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට සිදු වුනා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


South Africa
86/4 (13)

Bangladesh
84/10 (18.2)

Batsmen R B 4s 6s SR
Mohammad Naim Sheikh c Reeza Hendricks b Kagiso Rabada 9 11 1 0 81.82
Liton Das lbw b Tabraiz Shamsi 24 36 1 0 66.67
Soumya Sarkar lbw b Kagiso Rabada 0 1 0 0 0.00
Mushfiqur Rahim c Reeza Hendricks b Kagiso Rabada 0 3 0 0 0.00
Mahmudullah c Aiden Markram b Anrich Nortje 3 9 0 0 33.33
Afif Hossain b Dwaine Pretorius 0 1 0 0 0.00
Shamim Hossain c Keshav Maharaj b Tabraiz Shamsi 11 20 0 0 55.00
Mehidy Hasan Miraz c & b Anrich Nortje 27 25 2 1 108.00
Taskin Ahamed run out () 3 5 0 0 60.00
Nasum Ahmed hit-wicket b Anrich Nortje 0 1 0 0 0.00
Shoriful Islam not out 0 0 0 0 0.00


Extras 7 (b 0 , lb 1 , nb 2, w 4, pen 0)
Total 84/10 (18.2 Overs, RR: 4.58)
Bowling O M R W Econ
Keshav Maharaj 4 0 23 0 5.75
Kagiso Rabada 4 0 20 3 5.00
Anrich Nortje 3.2 0 8 5 2.50
Dwaine Pretorius 3 0 11 1 3.67
Tabraiz Shamsi 4 0 21 2 5.25


Batsmen R B 4s 6s SR
Quinton de Kock b Mehidy Hasan Miraz 16 15 3 0 106.67
Reeza Hendricks lbw b 4 5 1 0 80.00
Rassie van der Dussen c Shoriful Islam b Nasum Ahmed 22 27 2 0 81.48
Aiden Markram c Mohammad Naim Sheikh b Taskin Ahamed 0 4 0 0 0.00
Temba Bavuma not out 31 28 3 1 110.71
David Miller not out 5 2 1 0 250.00


Extras 8 (b 4 , lb 1 , nb 0, w 3, pen 0)
Total 86/4 (13 Overs, RR: 6.62)
Bowling O M R W Econ
Taskin Ahamed 4 0 18 2 4.50
Shoriful Islam 4 0 15 0 3.75
Mehidy Hasan Miraz 2 0 19 1 9.50
Nasum Ahmed 2 0 22 1 11.00
Soumya Sarkar 1 0 7 0 7.00