ඉන්දු නවසීලන්ත තරගයටත් වර්ෂාවෙන් බාධා!

114
Photo by Dibyangshu SARKAR / AFP

ඉන්දියාව හා නවසීලන්තය අතර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙපිළ ම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිකර ගන්නා ලදි.

වෝනර් හා කමින්ග්ස් කැන්ගරුවන්ට ජය ගෙනෙයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර අද (12) ටෝන්ටන් දී පැවති තරගයෙන් ලකුණු 41ක ජයක්…

මෙම තරගාවලියේ මේ දක්වා පැවති තරගවලින් වර්ෂාව නිසා විසඳුමකින් තොරව අතහැර දැමීමට සිදු වූ සිව්වැනි තරගය මෙය වන අතර මෙසේ තරග පැවැත්වීමට නොහැකි වන සේ කාලගුණය අයහපත් වීම ක්‍රීඩකයන්ගේ මෙන්ම ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ ද කනස්සල්ලට හේතු වී ඇත.

කාලගුණය දිගින් දිගටම අයහපත් වීම හේතුවෙන් විනිසුරුවන් එංගලන්ත වේලාවෙන් සවස තුනට පමණ තරගය අතහැර දැමීමට තීරණය කළ අතර කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණු බැගින් හිමි විය.

තවදුරටත් වැස්සොත් ලෝක කුසලානයට වෙන්නේ මෙහෙම වැඩක්.

කළු සලකුණු රැසකින් අඳුරු වූ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තවදුරටත් වර්ෂාවේ ග්‍රහණයෙන් මිදෙන්නට නොහැකිව සිටියි.

මෙසේ තරගය විසඳුමකින් තොර ව නිමා වීම කණ්ඩායම් දෙකටම මෙම තරගාවලියේ සිය අපරාජිත වාර්තාව රැක ගැනීමට උදව් වූ අතර ලකුණු සටහනේ ප්‍රමුඛස්ථානයන් රැක ගැනීමට ද සමත් විය.

හෙට (14) එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර තරඟය සවුත්හැම්ප්ටන් හී දී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<