“නිරෝධායන නීති ලිහිල් කරන්න” – ඉන්දියාව ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලයි

283
(Courtesy - News18)

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර Brisbaneහි දී පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගයේ දී දැඩි නිරෝධායන නීති මඳක් ලිහිල් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියි. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියෙකු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී Earl Eddings වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ තරගාවලියට පෙර ක්‍රිකට් පාලක මණ්ඩල දෙක අත්සන් කළ ගිවිසුමෙහි නගර දෙකක දැඩි නිරෝධායනයට ලක්විය යුතු බව සඳහන් නොවූ බවයි. 

Brisbane ටෙස්ට් තරගය ජනවාරි මස 15 වනදා ආරම්භ වීමට නියමිත අතර ක්‍රීඩකයින් හෝටල් කාමරයට සහ ක්‍රීඩාංගණයට පමණක් සීමා කර තිබේ. 

“BCCI ආයතනය නිල වශයෙන් ඉල්ලීමක් කළා, Brisbaneහි තරගය පැවැත්වෙනවා නම් නිරෝධායන නීති ලිහිල් කරන්න කියලා.” යයි BCCIහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු PTI වෙත පවසා තිබුනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

“මූලික එකඟතාවයන් වන නගර දෙකක දැඩි නිරෝධායන දෙකක් ගැන සඳහන් වුනේ නැහැ. ඉන්දියාව Sydneyහි දී එක් දැඩි නිරෝධායනයකට මුහුණ දුන්නා.”

“BCCI බොහොම පොඩි දෙයක් ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ IPL තරගාවලියේ දී වගේ ක්‍රීඩකයින්ට හෝටලය තුළ සෞඛ්‍යාරක්ෂිත බුබුළේ එකිනෙකා හා හමුවෙන්න දෙන්න කියලා. ඔවුන්ට එකට ආහාර ගන්න සහ රැස්වීම් තියන්න දෙන්න. ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි.” 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පනවා ඇති නීති වලට අනුව ක්‍රීඩකයින්ට තමන් සිටිනා මහලේ අනෙක් ක්‍රීඩකයින් හමුවිය හැකි අතර වෙනත් මහල් වල සිටින ක්‍රීඩකයින් හමුවීමට අවස්ථාවක් නොමැත. 

“කණ්ඩායම Brisbane වෙත ගියාම මේ වගේ නිරෝධායනයක් නැති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට ඕනේ IPL තරගාවලියේ තිබුනා වගේ සෞඛ්‍යාරක්ෂිත බුබුළක්.” 

Queensland බලධාරීන් මෙම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වුවහොත් සිව්වන තරගය පවතින නිරෝධායන නීති රීති යටතේම Sydneyහි දී පැවැත්වීමට අවකාශය පවතියි. 

HindustanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<