ඉන්දු – ශ්‍රී ලංකා 1 වැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 288ක් මෙපිටින් සිටිය දී සිවු වැනි දිනය නිමා වෙනවා. ඔවුන්ට එම ඉලක්කය හඹා යෑමට තවත් ඉතිරි ව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 462ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 284ක් පමණයි.
තරගය අද ආරම්භ වෙන්නේ ඉන්දීය ඉනිමේ 2 වැනි ඉනිමෙන්. ඒ වෙද්දී ඔවුන් සත්කාරකයන්ට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් පසු වූ අතර අද ඔවුන්ගේ 2 වැනි ඉනිම ලකුණු 193කට සීමා වෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට තණතිල්ල බාර දෙන්නේ ලකුණු 371ක් ඉදිරියෙන් සිටිමින්.
පළමු ඉනිමේ දී සාර්ථක ඉනිමක් ගොඩ නැගූ ඉන්දීය ක්‍රීඩකයන්ට 2 වැනි ඉනිමේ දී එවැන්නක් කිරීමට හැකි වෙන්නේ නැහැ. දිනයේ දහවල් විවේකය වෙද්දී ඔවුන්ගේ ඉනිමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙක් ම දැවී යනවා. ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුවට එක් ව තිබුණේ ලකුණු 116ක් පමණයි. ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පළමු ඉනිමේ තෙවැනි පන්දුවේ දී ම Yashasvi Jaiswal ලකුණු නොලබා ම දැවී යනවා.
ඉන් අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවක් එක් කිරීමට KL Rahul සහ Devdutt Padikkal සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ KL Rahul ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
අනතුරු ව ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් Shubman Gill ලකුණු 8ක දැවී යන අතර දිවා විවේකයට පෙර කඩුල්ල අහිමිකර ගත් අනෙක් ක්‍රීඩකයා වූයේ Devdutt Padikkal. ඒ වෙද්දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.
දිවා විවේකයෙන් අනතුරු ව ඉන්දීය ඉනිමට ලකුණු එකතු කළ සාර්ථක ම පිතිකරු බවට පත් වූයේ Rishabh Pant. ඔහු එහි දී තම 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා.
එම කාර්තුවේ දී දැවී ගිය අනෙකුත් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වීම කැපී පෙණුනා.
ඉන්දීය 2 වැනි ඉනිමට ලකුණු 193කට සීමා වෙද්දී අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය ලකුණු 43කට කඩුලු 3ක් ද, ලහිරු කුමාර ලකුණු 28කට කඩුලු 2ක් ද සහ කේශර නුවන්ත කඩුල්ලක් ද දවා ගත්තා.
ඉන්දීය ක්‍රීඩකයන් පන්දුවට පහර දුන් එම කාර්තුවේ දී පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල්ගේ බෙල්ලේ ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඊට ආදේශක ක්‍රීඩකයා ලෙසින් පසිඳූ සූරියබණ්ඩාර කැඳවෙනවා. 26 වැනි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වා ඇති පසිඳු සූරියබණ්ඩාර ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිකර ගත් අලුත් ම ක්‍රීඩකයා බවට පත් වූවා.
වර්තමානයේ Moors SC කණ්ඩායම නියෝජනය කරන පසිඳු සූරියබණ්ඩාර කලක් ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකයා ලෙසින් ද කටයුතු කළා. ඔහු මේ දක්වා පළමු පෙළ තරග 68ක ඉනිම් 102කට ක්‍රීඩා කරමින් ශතක 14ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 4893ක් ලබා සිටින අතර මේ වෙද්දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 54.36ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද සමත් ව සිටිනවා.
- ශ්‍රී ලංකාව ලකුණු 284කට දැවී යයි
- ඉන්දු – ශ්‍රී ලංකා වසර 44ක ටෙස්ට් තරග ඉතිහාසය
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
- පුහුණු තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව අභිබවා යයි
- දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි
තේ විවේකයෙන් ද අනතුරු ව පිටියට පිවිසි ශ්‍රී ලංකා 2 වැනි ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 21ක් වෙද්දී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී නිශාන් මදුශ්ක (6), කමිඳු මෙන්ඩිස් (2), සහ ටෙස්ට් වරම් හිමි වු පසිඳූ සුරයබණ්ඩාර (0) ද සිටියා. ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී ගිය ලහිරු උදාර පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.
තරගයේ සිව් වැනි දිනය අවසන් වෙද්දී නායක ධනංජය ද සිල්වා පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Manav Suthar ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Mohammed Siraj සහ Prasidh Krishna කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 462 (116.4)Yashasvi Jaiswal 32, KL Rahul 82, Devdutt Padikkal 167, Rishabh Pant39, Dhruv Jurel 51, Manav Suthar 24, අසිත ප්‍රනාන්දු 2/63, කේශර නුවන්ත 3/175, ප්‍රභාත් ජයසූරිය 4/109
ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (79.4) ලහිරු උදාර 27, ධනංජය ද සිල්වා 21, සොනාල් දිනූෂ 100, නිරෝෂන් දික්වැල්ල 80, Manav Suthar4/76, Ravindra Jadeja3/57
ඉන්දියාව– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 193 (48.5)KL Rahul 35, Devdutt Padikkal 44, Rishabh Pant 66, අසිත ප්‍රනාන්දු 4/31, ප්‍රභාත් ජයසූරිය 3/43, ලහිරු කුමාර 2/28
ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 84 (34.0)ධනංජය ද සිල්වා නොදැවී 31, සොනාල් දිනූෂ නොදැවී 25, Manav Suthar2/30
ශ්‍රී ලංකාව තවත් ලකුණු 288ක් පිටුපසින්.
මෙම තරගය හෙට (19) 5 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Yashasvi Jaiswal | run out (Prabath Jayasuriya) | 32 | 37 | 5 | 0 | 86.49 |
| KL Rahul | c Nishan Fernando b Keshara Nuwantha | 82 | 175 | 10 | 1 | 46.86 |
| Devdutt Padikkal | st Dickwella b Prabath Jayasuriya | 167 | 230 | 15 | 1 | 72.61 |
| Shubman Gill | c Lahiru Igalagamage b Prabath Jayasuriya | 16 | 28 | 2 | 0 | 57.14 |
| Rishabh Pant | c Sonal Dinusha b Keshara Nuwantha | 39 | 62 | 4 | 1 | 62.90 |
| Dhruv Jurel | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 51 | 68 | 4 | 1 | 75.00 |
| Ravindra Jadeja | lbw b Keshara Nuwantha | 13 | 25 | 1 | 0 | 52.00 |
| Manav Suthar | c Lahiru Igalagamage b Prabath Jayasuriya | 24 | 43 | 2 | 0 | 55.81 |
| Mohammed Siraj | c Dhananjaya de Silva b Asitha Fernando | 11 | 15 | 0 | 1 | 73.33 |
| Kuldeep Yadav | not out | 13 | 14 | 2 | 0 | 92.86 |
| Prasidh krishna | c Niroshan Dickwella b Asitha Fernando | 2 | 7 | 0 | 0 | 28.57 |
| Extras | 12 (b 4 , lb 3 , nb 4, w 1, pen 0) |
| Total | 462/10 (116.4 Overs, RR: 3.96) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Asitha Fernando | 17.4 | 1 | 63 | 2 | 3.62 | |
| Lahiru Kumara | 13 | 1 | 76 | 0 | 5.85 | |
| Keshara Nuwantha | 39 | 1 | 175 | 3 | 4.49 | |
| Prabath Jayasuriya | 39 | 6 | 109 | 4 | 2.79 | |
| Dhananjaya de Silva | 4 | 0 | 15 | 0 | 3.75 | |
| Sonal Dinusha | 4 | 0 | 17 | 0 | 4.25 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Nishan Fernando | c Devdutt Padikkal b Mohammed Siraj | 0 | 2 | 0 | 0 | 0.00 |
| Lahiru Igalagamage | c Yashasvi Jaiswal b Manav Suthar | 27 | 44 | 6 | 0 | 61.36 |
| Dinesh Chandimal | c Rishab Pant b Manav Suthar | 4 | 16 | 0 | 0 | 25.00 |
| Kamindu Mendis | c Shubman Gill b Kuldeep Yadav | 14 | 25 | 1 | 1 | 56.00 |
| Dhananjaya de Silva | c KL Rahul b Ravindra Jadeja | 21 | 41 | 4 | 0 | 51.22 |
| Sonal Dinusha | lbw b Ravindra Jadeja | 100 | 168 | 4 | 2 | 59.52 |
| Niroshan Dickwella | c Rishab Pant b Prasidh krishna | 80 | 115 | 7 | 0 | 69.57 |
| Keshara Nuwantha | c Shubman Gill b Ravindra Jadeja | 2 | 18 | 0 | 0 | 11.11 |
| Prabath Jayasuriya | c Dhruv Jurel b Manav Suthar | 10 | 43 | 2 | 0 | 23.26 |
| Lahiru Kumara | st Rishab Pant b Manav Suthar | 10 | 5 | 1 | 1 | 200.00 |
| Asitha Fernando | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
| Extras | 16 (b 8 , lb 2 , nb 4, w 2, pen 0) |
| Total | 284/10 (79.4 Overs, RR: 3.56) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Mohammed Siraj | 9 | 3 | 29 | 1 | 3.22 | |
| Prasidh krishna | 14 | 0 | 47 | 1 | 3.36 | |
| Manav Suthar | 21.4 | 1 | 76 | 4 | 3.55 | |
| Kuldeep Yadav | 14 | 0 | 65 | 1 | 4.64 | |
| Ravindra Jadeja | 21 | 5 | 57 | 3 | 2.71 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Yashasvi Jaiswal | c Niroshan Dickwella b Asitha Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
| KL Rahul | c Milan Rathnayake b Prabath Jayasuriya | 35 | 47 | 2 | 2 | 74.47 |
| Devdutt Padikkal | lbw b Keshara Nuwantha | 44 | 75 | 6 | 0 | 58.67 |
| Shubman Gill | lbw b Prabath Jayasuriya | 8 | 20 | 1 | 0 | 40.00 |
| Rishab Pant | c Niroshan Dickwella b Lahiru Kumara | 66 | 69 | 8 | 2 | 95.65 |
| Dhruv Jurel | c Niroshan Dickwella b Asitha Fernando | 7 | 15 | 1 | 0 | 46.67 |
| Ravindra Jadeja | c sooriya bandara b Lahiru Kumara | 8 | 19 | 0 | 0 | 42.11 |
| Manav Suthar | c Niroshan Dickwella b Asitha Fernando | 9 | 25 | 1 | 0 | 36.00 |
| Kuldeep Yadav | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 5 | 10 | 0 | 0 | 50.00 |
| Mohammed Siraj | not out | 2 | 6 | 0 | 0 | 33.33 |
| Prasidh krishna | c Lahiru Kumara b Asitha Fernando | 2 | 7 | 0 | 0 | 28.57 |
| Extras | 7 (b 1 , lb 1 , nb 3, w 2, pen 0) |
| Total | 193/10 (48.5 Overs, RR: 3.95) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Asitha Fernando | 8.5 | 0 | 31 | 4 | 3.65 | |
| Keshara Nuwantha | 23 | 3 | 86 | 1 | 3.74 | |
| Prabath Jayasuriya | 11 | 0 | 43 | 3 | 3.91 | |
| Dhananjaya de Silva | 1 | 0 | 4 | 0 | 4.00 | |
| Lahiru Kumara | 5 | 0 | 27 | 2 | 5.40 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Nishan Madushka | c Prasidh krishna b Mohammed Siraj | 6 | 27 | 0 | 0 | 22.22 |
| Lahiru Igalagamage | c Dhruv Jurel b Manav Suthar | 16 | 58 | 1 | 0 | 27.59 |
| sooriya bandara | lbw b Manav Suthar | 0 | 1 | 0 | 0 | 0.00 |
| Kamindu Mendis | c KL Rahul b Prasidh krishna | 2 | 12 | 0 | 0 | 16.67 |
| Dhananjaya de Silva | c Manav Suthar b Ravindra Jadeja | 59 | 151 | 7 | 0 | 39.07 |
| Sonal Dinusha | c Dhruv Jurel b Manav Suthar | 84 | 128 | 8 | 1 | 65.62 |
| Niroshan Dickwella | c Rishab Pant b Prasidh krishna | 10 | 17 | 1 | 0 | 58.82 |
| Keshara Nuwantha | b Manav Suthar | 20 | 69 | 2 | 0 | 28.99 |
| Prabath Jayasuriya | b Manav Suthar | 0 | 1 | 0 | 0 | 0.00 |
| Lahiru Kumara | c Rishab Pant b Manav Suthar | 0 | 4 | 0 | 0 | 0.00 |
| Asitha Fernando | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
| Extras | 9 (b 5 , lb 1 , nb 3, w 0, pen 0) |
| Total | 206/10 (77.4 Overs, RR: 2.65) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Mohammed Siraj | 9 | 2 | 15 | 1 | 1.67 | |
| Manav Suthar | 23.4 | 2 | 55 | 6 | 2.35 | |
| Prasidh krishna | 10 | 3 | 16 | 2 | 1.60 | |
| Ravindra Jadeja | 23 | 3 | 71 | 1 | 3.09 | |
| Kuldeep Yadav | 11 | 0 | 38 | 0 | 3.45 | |
| Devdutt Padikkal | 1 | 0 | 5 | 0 | 5.00 | |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















