ශ්‍රී ලංකාව එංගලන්තය අභිබවා යයි

379

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය නිමා කරමින් ඊයේ (11) ගොවේ හීදී පැවති තරගයේ දී එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 24ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමත් වුනා.

ඉන්දියාව එක් ලකුණකින් අපරාජිත බව රැක ගනී

සත්කාරක ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සමඟ අද (10) ගොවේ නගරයේ දී පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී තියුණු අවසානයකින් යුක්ත තරගයක් නිර්මාණය කළ ශ්‍රී ලංකා …

ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවැනි ස්ථානයටත්, එංගලන්තය තරගාවලියේ තෙවැනි ස්ථානයටත් පත් වූ අතර ඔවුන් නැවත අද (12) දිනයේ දී අවසන් තරගය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් තරග වදිනු ඇත. මේ වන විට තරගාවලියේ අපරාජිතව සිටිමින් ඉන්දියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටියි.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 205ක් ලබා ගත්තේ අර්ධ ශතක කිහිපයක් තම ඉනිමට එක් කර ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සඳහා ලකුණු සබඳතාව ලකුණු 112ක් වූ අතර දමිත සඳරුවන් සහ පැතුම් සමන් කුමාර යන ක්‍රීඩකයින් දෙදෙනාම අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුණි. දමිත සඳරුවන් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් ද සමඟ ලකුණු 60ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ද ඔහු ය.

ඉම්රාන් තාහිර් සිම්බාබ්වේ කණ්ඩායම අනාථ කරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉම්රාන් තාහිර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ සංචාරක සිම්බාබ්වේ ක්‍රීඩකයෝ නැගෙනහිර ලන්ඩනයේ බෆලෝ ක්‍රීඩාංගණයේ දී නිමා වූ දෙරට අතර පැවති…

පැතුම් සමන් කුමාර පන්දු 26ක දී ලකුණු 50ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් තම ඉනිමට ඇතුලත් කර ගනිමිනි. ඊට අමතරව කණ්ඩායමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූයේ කේ. ඒ. සිල්වා ය. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී එම්. ඩීන් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර  ජේ. හොලිංග්ස්වර්ත්, ඒ. අෆ්ශාරි සහ ජී. ජෝන්ස් හට එක කඩුල්ල බැගින් හිමි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට තම පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 181ක් පමණි. එම ඉනිමේ දී ද එංගලන්ත ආරම්භක පිතිකරුවන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව අභිබවා යන අයුරක් පෙන්නුම් කළ නමුත් පළමු කඩුල්ල ලකුණු 87 දී සහ දෙවැනි කඩුල්ල ලකුණු 133 දී ද දවා ගැනීමෙන් අනතුරුව එංගලන්ත ඉනිම පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

දෙකක් එකට කරන ලැබ්රෝයිගේ තත්වය ICCය පහදා දෙයි

ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කිරීම සම්බන්ධව…

එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් එම්. ඩීන් සහ ජේ. හොලිංග්ස්වරත් 11 වැනි පන්දුවාරය දක්වාම පිටියේ රැඳී සිටිමින් ලකුණු රැස්කළ අතර එහි දී ඩීන් විසින් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේ ය. තරගය පුරා තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ඩීන් තරගයේ වීරයා ලෙස ද නම් කෙරුණි. අනෙක් ආරම්භක පිතිකරු වූ ජේ. හොලිංග්ස්වරත් රැස්කළ ලකුණු සංඛ්‍යාව 48කි. ඔහු මේ වෙනුවෙන් පන්දු 40කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 6ක් ද එක්කර ගැනීමට සමත් විය.

ආරම්භක කඩුලු 2 දැවී යාමෙන් අනතුරුව ඉතිරි කඩුලු 3 ලකුණු 26ක් තුළ දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හැකි විය. එංගලන්ත කණ්ඩායමේ අනෙක් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූ පී. බ්ලුයෙට් පන්දු 17ක දී හතරේ පහරක් සමඟ ලකුණු 22ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී පැතුම් සමන් කුමාර සහ දමිත සඳරුවන් එක් කඩුල්ල බැගින් දවා ගත් අතර අනෙකුත් කඩුලු දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට හැකි වුනා.

තරගාවලියේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා එක් වන්න ThePapare.com සමඟින්.

තරගයේ වීරයා: එම්. ඩීන්

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම –  205 / 7 (20): දමිත සඳරුවන් 60, පැතුම් සමන් කුමාර 50, කේ. ඒ. සිල්වා 50*, එම්. ඩීන් 3/29

එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – 181 / 5 (20) එම්. ඩීන් 52, ජේ. හොලිංග්ස්වර්ත් 48, පී. බ්ලුයෙට් 22, එම්. තුර්න්හම් 18, දමිත සඳරුවන් 1/25

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<