දෙකක් එකට කරන ලැබ්රෝයිගේ තත්වය ICCය පහදා දෙයි

259
Labrooy

ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කිරීම සම්බන්ධව කිසිදු ගැටලුකාරී තත්වයක් මතු නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා අනාවරණය කළේය.

වසර 11කට පසුව දඹුල්ලට එන මහත්වරුන් පිළිගැනීමට සිංහයින් සීරුවෙන්?

වසර 36ක ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල පැවැත්වෙන තවත්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලැබ්රෝයි මහතාව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කළ වහාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ පිළිබඳව දන්වා එයට අදාළ ගැටලුකාරී පසුබිම නිරාකරණය කර ගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරුන් හා තරග තීරකරුන් පිළිබඳව ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් වන ඇඩ්‍රියන් ග්‍රීෆික් මහතා පවසන ලදි.

“ඔහුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කළ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපව දැනුවත් කළා. තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරමින් එවැනි නිලයක් දැරීම සම්බන්ධව අපට කිසිදු ආකාරයක ගැටලුවක් නැහැ.”

උක්ත මාධ්‍ය නිවේදනයක හරහා වැඩි දුරටත් අදහස් දැක්වූ ග්‍රීෆික් මහතා,

“අප සැලකිල්ලට ගන්නා එකම කාරණය වන්නේ ඔහු විසින් තේරීම් කමිටු සභාපතිවරයාගේ රාජකාරියේ නියුතු වන අතරතුර වෙනත් කිසිදු තරගයක හෝ තරගාවලියක තරග තීරකවරයෙක් ලෙස කටයුතු නොකරන බව සහතික කරගැනීමට පමණයි.”

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ අල්ලන්න ICCයෙන් මෙරටට

පසුගිය ඉරිදා (30) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් සඳහා මෙරටට පැමිණ…

ශ්‍රී ලංකා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම තෝරාගැනීම සිදු කරන ලද්දේ ලැබ්රෝයි මහතා ප්‍රමුඛ තේරීම් කමිටුව විසිනි. එබැවින් නවසීලන්තයේ පැවැත්වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලැබ්රෝයි මහතාව තොරාගෙන නොමැත.

එසේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කටයුතු වලට ලැබ්රෝයි මහතා සම්බන්ධ නොවන නිසා පසුගිය දා නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවසර ලබා දී තිබෙන බව ග්‍රීෆික් මහතා එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් පවසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<