ඉන්දියාව එක් ලකුණකින් අපරාජිත බව රැක ගනී

171

සත්කාරක ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සමඟ අද (10) ගොවේ නගරයේ දී පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී තියුණු අවසානයකින් යුක්ත තරගයක් නිර්මාණය කළ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ තරගය අවසාන කළේ තම ජයග්‍රහණය එක් ලකුණකින් ප්‍රතිවාදීන්ට පුද කරමිනි.

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වූයේ 5 වැනි තරගයයි. මේ වන විට පැවති තරග අතුරින් ඉන්දියාව තව දුරටත් අපරාජිතව සිටිමින් අනෙකුත් කණ්ඩායම් දෙකට තමන් සමඟ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලෙස අභියෝග කරමින් සිටී.

දේශප්‍රිය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයන්ට ජය ගෙනේ

එංගලන්ත, ඉන්දියා සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි…..

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන්ත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 192ක් ලබා ගත්තේය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ එස්. රමේෂ් ය. ඔහු පන්දු 39කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක ඒ. රෙඩ්ඩි පන්දු 37කට මුහුණ දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේ ය. එස්. රමේෂ් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 77ක් එක් කළහ. එය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 49ක් වීමත් කැපී පෙණුනි.

ඉන්දීය ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පී. ජයරාමයියා සහ ජී. මුබාරක් එක්ව ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගූහ. පී. ජයරාමයියා පන්දු 16කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟ ලකුණු 27ක් ලබා ගනිද්දී ජී. මුබාරක් පන්දු 26කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 31ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී සමන් තුෂාර ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතරව පී. ඩී. රවින්ද්‍ර සහ පැතුම් සමන් කුමාර කඩුල්ල බැගින් දවා ගත්හ.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 193ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයන්ට ඉනිම අවසන් වෙන විට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 191ක් පමණි. තරගයේ අවසන් පන්දු වාරයේ දී ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 11ක් අවශ්‍ය වූවද ඔවුන් ලබා ගත්තේ ලකුණු 9ක් පමණි. ඒ වෙනුවෙන් කඩුල්ලක් වැය වුන පන්දුවක් ද විය.

“ටිට්ලි” දඹුලු තරගය විනාශ කරයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් ඇරඹි “ටිට්ලි සුළි කුණාටුවත්” සමඟම මෙරට සංචාරයක නිරත…..

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ පන්දු 35කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟ ලකුණු 43ක් ලබා ගත් නායක ප්‍රියන්ත කුමාර ය. ඔහු දුවද්දී දැවී යෑමට ගොදුරු නොවුණි නම් තරගයේ තීරණය වෙනස් වීමට ඉඩ තිබුණි. ඔහු ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අවසන් පිතිකරු විය.

ඊට අමතරව පළමුවැනි කඩුල්ල වෙනුවෙන් චන්දන සූරියාරච්චි සහ පැතුම් සමන් කුමාර ලකුණු 43ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. සූරියාරච්චි පන්දු 8කට මුහුණ දී ලකුණු 9ක් ලබා ගත්තේය. පැතුම් දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 16කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 36ක් ලබා සිටියේ ය.  

දෙකක් එකට කරන ලැබ්රෝයිගේ තත්වය ICCය පහදා දෙයි

ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙක් ලෙස කටයුතු….

ඊට අමතරව දිනේෂ් මතුගම පන්දු 35කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේ ය. ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රීඩකයන් 7 දෙනෙක්ම ලකුණු10ට අඩුවෙන් රැස් කරද්දී කේ. කුමාර පන්දු 17කට මුහුණ දී ලකුණු 18ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී එස්. රමේෂ්, ඩී. මලික් සහ ඩී. රාවෝ කඩුල්ල බැගින් දවා ගත් අතර අනෙක් සියලු කඩුලු දුවද්දී දවා ගැනීමට ඉන්දීය දෘශ්‍යාබාධිතයෝ සමත් වූහ.

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 192 (20.0) පී. ජයරාමයියා 27,  ජී. මුබාරක් 31, එස්. රමේෂ් 64,  ඒ. රෙඩ්ඩි නොදැවී 44, සමන් තුෂාර 2/30

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 191 (20.0) පැතුම් සමන් කුමාර 36, දිනේෂ් මතුගම 35, ප්‍රියන්ත කුමාර 43, කේ. කුමාර 18

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (11) එංගලන්තය සමඟ මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<