ඕස්ට්‍රේලියාව අභිබවමින් ඉන්දියාව පෙරමුණට

204

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම වාර්ෂික ටෙස්ට් ශ්‍රේණිගත කිරීමට අනුව ඕස්ට්‍රේලියාව දෙවැනි තැනට දමමින් පෙරමුණට පැමිණීමට ඉන්දීය කණ්ඩායමට හැකිව තිබෙනවා.

2019-20 කාලසීමාවේ ප්‍රතිඵල ශ්‍රේණිගත කිරීම් සඳහා සලකා බැලීම ඉවත් වීමත් සමඟ ඔවුන් මෙලෙස පෙරමුණට පැමිණ තිබෙනවා.

2020 දී ඉන්දීය කණ්ඩායම නවසීලන්තය හමුවේ ලද 2-0ක පරාජය නවතම ශ්‍රේණිගත කිරීම් කාලයට අයත් නොවීම නිසා ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 119 සිට 121 දක්වා ඉහළට පැමිණ තියෙනවා.

අවසන් ශ්‍රේණිගත කිරීමට අනුව ප්‍රසාද ලකුණු 122ක් ලබා සිටි ඕස්ට්‍රේලියාව ලකුණු 116ක් දක්වා පහළ වැටී තිබෙන අතර පාකිස්තානය (2-0) සහ නවසීලන්තය (3-0) 2019-20 කාලසීමාවේ ලබා ගත් ජයග්‍රහණය නවතම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවීම එයට හේතුවයි. ඔවුන් 2021 දෙසැම්බර් මස එංගලන්තයට එරෙහිව ලබා ගත් 4-0ක ජයග්‍රහණය මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වෙනවා.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව මෙම වසරේ ජුනි 07 වැනිදා ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා තරග වැදීමට නියමිතව තිබෙනවා.

මෙම නවතම ශ්‍රේණිගත කිරීමට අනුව එංගලන්තය තෙවැනි ස්ථානයේ පසු වූවත් ඕස්ට්‍රේලියාව හමුවේ ලැබූ 4-0ක පරාජය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ලැබූ 1-0ක පරාජය නිසා ප්‍රසාද ලකුණු 13ක් අඩුව තිබෙනවා.

අනෙක් කණ්ඩායම් අවසන් ශ්‍රේණිගත කිරීමේ සිටි ස්ථානවල පසු වෙන අතර ශ්‍රී ලංකාව හත්වැනි තැන රැඳී සිටිද්දී, 10 වැනි ස්ථානයේ රැඳී සිටින සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 5ක් එක් කර ගෙන තිබෙනවා. අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානයට තවමත් කිසිදු ලකුණක් හිමිව නැහැ.

නවතම විස්සයි විස්ස වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව ද එහි පෙරමුණ ප්‍රසාද ලකුණු 267ක් ලබා ගත් ඉන්දියාව හිමිව තිබෙන අතර එංගලන්තය (261) දෙවැනි තැන සහ නවසීලන්තය (255) තෙවැනි ස්ථානයේ පසු වෙනවා.

ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීමේ අටවැනි තැන රැඳී සිටින අතර හොංකොං කණ්ඩායම 18 වැනි දක්වා සහ ඇමරිකා එක්සත් ජනපදය 22 ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ඕමානය සහ පැපුවා නිව්ගිනියාව නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ස්ථාන දෙකක් පසු බැස තිබෙන අතර සිංගප්පූරු කණ්ඩායම ස්ථාන 6ක් පසු බැස 36 වැනි තැනට වැටී තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමට කණ්ඩායම් 84ක් එයට ඇතුළත් වන අතර එයට ඇතුළත් වන කණ්ඩායම් වසරකට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6ක් වඩා පසුගිය වසර තුන තුළ ක්‍රීඩා කර තිබිය යුතු වෙනවා.

තුර්කිය මෙම ශ්‍රේණිගත කිරීමෙන් ඉවත්ව තිබෙන අතර 2020 වසරෙන් පසු තරග ක්‍රීඩා නොකළ බ්‍රසීලය, චිලී, ඉරානය, මෙක්සිකෝ සහ පේරූ කණ්ඩායම් වලට ද සිය ප්‍රසාද ලකුණු අහිමිව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම වාර්ෂික එක්දින ශ්‍රේණිගත කිරීම පාකිස්තාන සහ නවසීලන්ත තරගාවලියෙන් පසුව මැයි 10 ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම, (මැයි 02 දක්වා),

Rating   Ranking
Old New Change   Old New Change
India 119 121 2   2 1 1
Australia 122 116 -6   1 2 -1
England 106 114 8   3 3 0
South Africa 104 104 0   4 4 0
New Zealand 103 100 -3   5 5 0
Pakistan 88 86 -2   6 6 0
Sri Lanka 85 84 -1   7 7 0
West Indies 76 76 0   8 8 0
Bangladesh 47 45 -2   9 9 0
Zimbabwe 27 32 5 10 10 0

(David Kendix)

නවතම විස්සයි විස්ස වාර්ෂික ශ්‍රේණිගත කිරීම,

Old rating New rating Change   Old ranking New ranking Change
India 267 267 0   1 1 0
England 261 259 -2   2 2 0
New Zealand 253 256 3   5 3 2
Pakistan 255 254 -1   3 4 -1
South Africa 254 253 -1   4 5 -1
Australia 251 248 -3   6 6 0
West Indies 238 238 0   7 7 0
Sri Lanka 236 237 1   8 8 0
Bangladesh 226 222 -4   9 9 0
Afghanistan 220 219 -1   10 10 0
Zimbabwe 196 197 1   11 11 0
Ireland 191 194 3   12 12 0
Namibia 183 190 7   14 13 1
Scotland 182 183 1   15 14 1
Netherlands 177 181 4   17 15 2
UAE 184 178 -6   13 16 -3
Nepal 180 178 -2   16 17 -1
Hong Kong 134 147 13   21 18 3
Canada 137 144 7   20 19 1
Oman 157 140 -17   18 20 -2
PNG 146 132 -14   19 21 -2
USA 119 131 12   25 22 3
Jersey 127 131 4   22 23 -1
Uganda 123 127 4   24 24 0
Malaysia 114 125 11   27 25 2
Qatar 124 119 -5   23 26 -3
Kuwait 114 118 4   26 27 -1
Kenya 106 106 0   28 28 0
Bahrain 104 105 1   29 29 0
Tanzania 100 102 2   31 30 1
Bermuda 93 96 3   34 31 3
Saudi Arabia 95 95 0   33 32 1
Spain 87 92 5   36 33 3
Italy 96 91 -5   32 34 -2
Germany 88 89 1   35 35 0
Singapore 102 83 -19   30 36 -6
Belgium 67 76 9   40 37 3
Cayman Islands 68 74 6   39 38 1
Denmark 72 72 0   37 39 -2
Guernsey 70 69 -1   38 40 -2
Nigeria 67 68 1   41 41 0
Austria 65 68 3   42 42 0
Vanuatu 63 67 4   43 43 0
Portugal 61 66 5   44 44 0
Finland 52 59 7   49 45 4
Isle of Man 56 55 -1   46 46 0
Norway 53 54 1   48 47 1
France 52 53 1   50 48 2
Botswana 55 53 -2   47 49 -2
Romania 57 49 -8   45 50 -5
Malawi 48 48 0   51 51 0
Czech Republic 41 43 2   54 52 2
Cook Islands 41 41 0   53 53 0
Malta 36 40 4   58 54 4
Sweden 43 40 -3   52 55 -3
Mozambique 31 39 8   63 56 7
Indonesia 38 38 0   56 57 -1
Sierra Leone 34 35 1   60 58 2
Switzerland 36 35 -1   57 59 -2
Bhutan 30 34 4   65 60 5
Japan 34 34 0   61 61 0
Ghana 35 32 -3   59 62 -3
Luxembourg 34 31 -3   62 63 -1
Argentina 40 30 -10   55 64 -9
Fiji 30 30 0   64 65 -1
Rwanda 27 29 2   66 66 0
Cyprus 26 26 0   67 67 0
Bahamas 24 24 0   68 68 0
Panama 22 23 1   70 69 1
Belize 22 22 0   71 70 1
Hungary 22 20 -2   69 71 -2
Serbia 11 13 2   72 72 0
Lesotho 7 9 2   75 73 2
Gambia 7 7 0   74 74 0
Bulgaria 9 7 -2   73 75 -2
Maldives 5 3 -2   76 76 0
Gibraltar 2 2 0   78 77 1
Eswatini 0 0 0   80 78 2
Seychelles 0 0 0   80 78 2
Samoa 0 0 0   80 78 2
Estonia 0 0 0   80 78 2
Cameroon 0 0 0   80 78 2
Thailand 0 0 0   80 78 2
Greece 3 0 -3   77 78 -1

වැඩි දුර තොරතුරු සඳහා පිවිසෙන්න – https://www.thepapare.com/india-overtake-australia-to-become-no-1-test-side/

දිනෙන් දින උණුසුම් වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<