සනත් සහ මුරලි නැවතත් ක්‍රිකට් පිටියට

391

Legends League ක්‍රිකට් තරගාවලියේ India Maharajas කණ්ඩායමේ නායකත්වය සඳහා හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් BCCI සභාපතිවරයා වන Sourav Ganguly පත් කර ඇතැයි වාර්තා වනවා.

Gangulyට අමතරව Maharajas වෙනුවෙන් Virender Sehwag, Irfan Pathan, Harbhajan Singh සහ Mohammed Kaif වැනි හිටපු සුපිරි ක්‍රිකට් වීරයන් ද ඇතුළත්ව තිබෙනවා.

එමෙන්ම Maharajas කණ්ඩායමට එරෙහිව තරග වදින අනෙක් කණ්ඩායම වන  ‘World Giants’ සඳහා රටවල් දහයක සුපිරි ක්‍රිකට් වීරයන් ඇතුළත් වන අතර එම කණ්ඩායම සඳහා නායකත්වය ලබා දෙන්නේ 2019 වසරේ දී එංගලන්තයට ලෝක ක්‍රිකට් කුසලානය දිනා දුන් Eoin Morgan.

India Maharajas සහ World Giants අතර තරගය සැප්තැම්බර් 16 වැනිදා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත තරග ඉන්දීය නිදහස් සැමරුමට සමගාමීව පවත්වන්නට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

මෙම තරගය සම්බන්ධයෙන් එහි කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන Ravi Shastri ප්‍රකාශ කළේ,

ඉන්දියාවේ 75 වසරක නිදහසේ අභිමානය මේ විදිහට සමරන්න ලැබෙන එක ගැන ඉන්දියානුවෙක් විදිහට මට නම් දැනෙන්නේ ලොකු සතුටක්. මේක මට විතරක් නෙමෙයි අපේ රටට සහ ක්‍රිකට්වලට ආදරය කරන අපි හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක් විදිහටයි මම දකින්නේ.”

තරග 15කින් සමන්විත වන Legends Lead ක්‍රිකට් තරගාවලියේ තරග සැලැස්ම සම්බන්ධයෙන් එහි නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරන Raman Raheja අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

මේ ක්‍රිකට් තරගය සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බර විය හැකි අවස්ථාවක් විදිහට මම දකිනවා. ඉතින් ඉන්දියානු නිදහස් සැමරුමේ ජීව ගුණය එක්ක සමරන මේ තරගය සඳහා India Maharajas කණ්ඩායමේ නායකත්වය Sourav Gangulyටත්, ඒ වගේම අනෙක් කණ්ඩායමේ නායකත්වය Eoin Morganටත් ලබා දීලා තියෙනවා.

ඊට පස්සේ franchise හිමිකාරිත්වය දරන කණ්ඩායම් හතර දින 22ක් පුරා ඊඩ්න් ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතයි. ඉතින් මේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් අපි අභිමානවත් ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණය සූදානම් කරමින් සිටිනවා.”

1864 දී ඉදි කරන ලද කල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණය ඉන්දියාවේ පැරණිතම සහ දෙවැනි විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. එමෙන්ම ලොව තෙවැනි විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන්නේත් ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයයි. 66,000කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසකට තරග නැරඹීමේ පහසුකම මෙම ක්‍රීඩාංගණය මගින් සැලසි තිබීම විශේෂත්වයක්.

  • India Maharajas කණ්ඩායම – Sourav Ganguly (C), Virender Sehwag, Mohammed Kaif, Yusuf Pathan, Subramaniam Badrinath, Irfan Pathan, Parthiv Patel (wk), Stuart Binny, S Sreesanth, Harbhajan Singh, Naman Ojha (wk), Ashoke Dinda, Pragyan Ojha, Ajay Jadeja, RP Singh, Joginder Sharma and Reetinder Singh Sodhi.
  • World Giants කණ්ඩායම – Eoin Morgan (c), Lendl Simmons, Herschelle Gibbs, Jacques Kallis, Sanath Jayasuriya, Matt Prior (wk), Nathan McCullum, Jonty Rhodes, Muttiah Muralitharan, Dale Steyn, Hamilton Masakadza, Mashrafe Mortaza, Asghar Afghan, Mitchell Johnson, Brett Lee, Kevin O Brien and Denesh Ramdin (wk).

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<