ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ අකටයුත්ත!

326
Siraj, Bumrah

සිඩ්නි නුවර කේන්ද්‍රකර ගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන ඉන්දු-ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගය අතරතුර දී තරගය නැරඹීමට පැමිණි සිටි ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතාමත් පහත්, වර්ගවාදී ප්‍රකාශයන් කිහිපයක් සිදු කරමින් තමන් හට බැන වැඳුණු බව ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සිදු කළ හෙළිදරව්ව මේ වන විට ක්‍රිකට් ප්‍රජාව අතර දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වය ඊයේ (10) දිනයේ දී පියවර ගෙන තිබුණේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Jasprit Bumrah සහ Mohammed Siraj හට තරගයේ දෙවන සහ තුන්වැනි දිනයන්හීද දිගින් දිගටම මෙවැනි පිළිකුල්සහගත අත්දැකීමකට මුහුණ පෑමට සිදු වූ නිසාවෙන් බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

තවත් ක්‍රිකට් පුවත්:

තරගයේ තෙවැනි දිනය අවසානයේ දී ඉන්දීය කණ්ඩායමේ නායක Ajinkya Rahane ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවන් දෙදෙනා ලෙස කටයුතු කළ Paul Wilson සහ Paul Reiffel යන මහත්වරුන් දැනුවත් කර ඇති අතර ආරක්ෂක නිලධාරීන් ද එකතුකොට ගනිමින් පැවති මෙම හමුව විනාඩි 5කට ආසන්න කාලයක් පැවති ආකාරය රූපවාහිනි විකාශයන් ඔස්සේ ද දැකගන්නට ලැබුණි.

තම විවේකාගාරය අසල යම් වේලාවක් රැඳී සිටි ඉන්දීය ක්‍රීඩකයින්ගේ සහයට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂක නිලධාරීන් තම ක්‍රීඩකයින් දෙදෙනාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් හඬ අවදි කිරීමට කටයුතු කොට තිබුණේ පිටියේ රැඳී සිටි ICC ආරක්ෂක නිලධාරීන්ගේ ද අවධානය මේ දෙසට යොමු කරමිනි. උද්ගතව ඇති තත්වය හමුවේ ICCය කුමන ආකාරයේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට විමසිල්ලෙන් පසුවේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<