පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ රෝගීන් හඳුනා ගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර රිජ්වේ ආර්යා ළමා රෝහල (Lady Ridgeway Hospital for Children – LRH) වෙත නව PCR යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇත.
මෙම PCR යන්ත්‍රය හරහා විවිධ බරපතළ තත්ත්වවල සිටින රෝගීන් හඳුනා ගනිමින් ඔවුන්ව කඩිනම් ප්‍රතිකාර සඳහා යොමු කර, වයිරසය ආසාදනය වී ඇත්නම් ඔවුන් හට සාර්ථකව ඊට මුහුණ දීමේ අවස්ථාව උදා වේ.
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන හිටපු ක්‍රිකට් මහත්වරුන් දෙදෙනා හේමාස් සමාගම සමඟ එක්ව මේ නවීන PCR යන්ත්‍රය රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා පරිත්‍යාග කරනු ලැබුවේ කාලීන අවශ්‍යතාවය මැනවින් හඳුනා ගනිමිනි.
මේ එම අවස්ථාව පිළිබඳව මහේල ජයවර්ධන සිය නිල Instagram පිටුවේ පළ කර තිබූ අදහස,
View this post on Instagram
මෙම පරිත්‍යාග අවස්ථාව සඳහා හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය ද එක්ව සිටියා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<