කෝලි ඇතුළු ඉන්දියාවට දඩයක්

251
IndianExpress

ඉන්දු – එංගලන්ත පළමු විස්සයි විස්ස තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමට සිය තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් නියම කර තිබෙනවා. තරගය පැවැත්වුණු අහමදාබාද් හිදීයි.

ICC තරග තීරක ජවගාල් ශ්‍රීනාත් විසින් විරාත් කෝලිගේ කණ්ඩායමට මෙම දඩ මුදල නියම කර තිබුණා. ඉන්දීය කණ්ඩායම නියමිත කාලය අවසානයේ එක් පන්දුවාරයක් අඩුවෙන් යවා තිබුණු අතර පිටියේ විනිසුරුවන් වූ Anil Chaudhary හා KN Ananthapadmanabhan ද, තුන්වැනි විනිසුරු Virender Sharm ද තරග විනිසුරුගේ තීරණය අනුමත කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

කෝලි එම දඬුවම පිළිගෙන තිබුණු නිසා නිල කරුණු විමසීමක් පැවැත්වෙන්නේ නැහැ.

ICC ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතියේ 2.22 කොටසට අනුව නියමිත කාලය තුළ නියමිත පන්දුවාර ගණන යවා නිමා කරන්නට නොහැකි වුවහොත් යවා නිමා කරන්නට නොහැකි වන එක් පන්දුවාරයකට තරග ගාස්තුවෙන් 20%ක් බැගින් දඩ මුදල් නියම වෙනවා.

තරග පහකින් සමන්විත ඉන්දු – එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය කඩුලු හතකින් ජය ගන්නට ඉන්දියාව සමත් වුනා. මාර්තු 16, 18 හා 20 වැනිදා ඉතිරි තරග පැවැත්වීමට නියමිතයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<