ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 288ක් ලබා සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය A ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු කළා.
ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම හා පෙර තරගයට එක් වූ නිරෝෂන් දික්වැල්ල, රවිඳු ප්‍රනාන්දු සහ කවිඳු පතිරත්න මෙම තරගයට නම් කර නොතිබූ අතර ඒ වෙනුවට සොහාන් ද ලිවේරා, අසංක මනෝජ් සහ කේශර නුවන්ත එක් කර තිබුණා.
ඉන්දීය කණ්ඩායමට ද මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට හා එක් වූ Aayush Pandey, Harsh Dubey සහ Anshul Kamboj ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට Aman Mokhade, Zeeshan Ansari, සහ Gurnoor Brar එක් කර තිබුණා.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
සහන් ආරච්චිගේ (නායක), පවන්ත වීරසිංහ, සොහාන් ද ලිවේරා, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), චාමික ගුණසේකර, අසංක මනෝජ්, දිලුම් සුදීර, දුලාජ් සමුදිත සහ කේශර නුවන්ත.
ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම
Dhruv Jurel (නායක සහ කඩුලු රකින්නා), Sai Sudharsan, Aman Mokhade, Devdutt Padikkal, Ruturaj Gaikwad, Shaik Rasheed, Saransh Jain, Zeeshan Ansari, Auqib Nabi, Yash Thakur සහ Gurnoor Brar.
- ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ
- මල්ෂ තරුපතිත් ශතකයක් සමාජයට එක් වෙයි
- SSC කණ්ඩායමට කඩුලු 10ක ජයක්
- ධනංජය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් කරා!
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ පවන්ත වීරසිංහ සහ සොහාන් ද ලිවේරා එක් ව පළමු කඩුල්ලට දීර්ඝ නොවන එහෙත් බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. එහෙත් එය පන්දු 94කට සීමා වූවා.
ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් සොහාන් ද ලිවේරා දැවී යන විට පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් සිටියා.
අනතුරු ව ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් පවන්ත වීරසිංහ ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා. ඒ වෙද්දී පවන්ත වීරසිංහ සහ නුවනිඳු ප්‍රනාන්දු අතර 2 වැනි කඩුල්ලට පන්දු 51ක දී එක් ව තිබූ ලකුණු සබඳතාව 33ක්.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නුවනිඳු ප්‍රනාන්දු සහ අශේන් බණ්ඩාර එක් ව නැවත අර්ධ ශතක සබඳතාවක් ශ්‍රී ලංකා ඉනිමට එක් කරනවා. ඔවුන් දෙදෙනා අතුරින් නුවනිඳු ප්‍රනාන්දු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙන අතර දෙදෙනා අතර 3 වැනි කඩුල්ලට පන්දු 78ක දී එක් කළ ලකුණු සබඳතාව 57ක්.
අනතුරු ව ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් අශේන් බණ්ඩාර පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටිය දී දැවී යනවා.
ශ්‍රී ලංකා ඉනිමේ කැපි පෙණෙන ම ලකුණු සබඳතාව වූයේ නායක සහන් ආරච්චිගේ සහ අංජල බණ්ඩාර එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 200ක දී එක් කළ ලකුණු 99යි. එය බිඳ වැටෙන්නේ අංජල බණ්ඩාර පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42කට දැවී යෑමත් සමඟිනුයි.
තරගයේ පළමු දිනය අවසන් වෙද්දී සහන් ආරච්චිගේ පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 83ක් ද සහ චාමික ගුණසේකර පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 6ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Yash Thakur සහ Saransh Jain කඩුලු ද්විත්තවය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Gurnoor Brar කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාA ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 5ක් දැවී 288 (85.0) පවන්ත වීරසිංහ 39, සොහාන් ද ලිවේරා 28, නුවනිඳු ප්‍රනාන්දු 44, අශේන් බණ්ඩාර 34, සහන් ආරච්චිගේ නොදැවී 83, අංජල බණ්ඩාර 42, Saransh Jain 2/77, Yash Thakur 2/32
මෙම තරගය හෙට (3) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















