ජයග්‍රහණය මොබිටෙල් ඊගල්ස් සහ ඉසිපතන විද්‍යාලයට

493

ඩයලොග් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු ප්‍රථම ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ දෙවන අදියරේ තරඟ ‍පෙරේදා  (12) හා ඊයේ  (13) දිනයේ කොළඹ තුරඟ තරඟ පිටියේදී සාර්ථකව  පැවැත්විණි.

මෙම තරගාවලියේ පළමු අදියරේ ජයග්‍රහණය වාර්තා කිරීමට ශාන්ත පීතර විද්‍යාලය හා මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම් සමත් විය.

දෙවන අදියර පළමු දිනය

දෙවන අදියරේ පළමු දිනය ආරම්භ කරමින් පාසල් සුපර් සෙවන්ස් තරඟ ආරම්භ වූ අතර එම තරඟය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්විණි. එම තරඟය ලකුණු 28 -14 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

අනතුරුව පැවති තරඟ පිළිවෙලින් වෙස්ලි විද්‍යාලය, සාන්ත ජෝශප් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

අනතුරුව ශාන්ත පීතර විද්‍යාලය දෙවන අදියරේ දෙවන තරඟය ලෙස සහිරා විද්‍යාලය සමඟ තරඟ වැදුණු අතර එම තරඟයේදී ප්‍රභල පීතර විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් ලබාදීමට සහිරා විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් වූ අතර එම තරඟය ලකුණු 21-21 ක් ලෙස සමව නිමාවිය.

ඉන් පසුව සවස් කාලයේදී උණුසුම් තරඟ කිහිපයක්ම පැවැත්විණි. මෙම තරඟ වලින් වේල්ස් කුමර විද්‍යාලය 24-05, සාන්ත ජෝශප් විද්‍යාලය 31-07, ඉසිපතන විද්‍යාලය 26- 07 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. සවස 4.00 පමණ වනවිට දෙවන අදියරේ පාසල් සදහා පැවැත්වෙන පළමු තරඟ වටය නිමා වූ අතර අනතුරුව සමාගම් අනුග්‍රහය දක්වන කණ්ඩායම් සහභාගී වන සුපර් සෙවන්ස් තරග වටය ආරම්භ විය.

පළමු තරගයේම පළමු අදියරේ ශූරතාවය දිනාගත් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම ඇක්සස් කින්ග්ස් කණ්ඩායම හමුවේ 21-12 ක් ලෙස පරාජයට පත්විය. අනතුරුව පැවති තරඟ වලින් කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස්, වෝල්කස් වයිපර්ස්, කාගිල්ස් ග්ලැඩිඒටර්ස් යන කණ්ඩායම් ජයග්‍රහණයන් වාර්තා කරන ලදි.

කෙසේ වෙතත් ඉසිපතන විද්‍යාලය හා ශාන්ත ජෝශප් විද්‍යාලය අතර තරඟය ලකුණු 27-00 ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

දෙවන අදියරේ පළමු දිනය තුළ තරඟ 24ක් පැවැත්විණි. මෙම තරග අතුරෙන් එක් තරඟයක් හැර අනෙක් සෑම තරඟයක්ම ජයග්‍රහණයකින් නිමාවට පත්විය.

දෙවන අදියරේ පළමු දිනය තුල පාසල් කණ්ඩායම් අතුරෙන් ඉසිපතන විද්‍යාලයද, සමාගම් කණ්ඩායම් අතුරෙන් කාගිල්ස් ග්ලැඩියටර්ස් යන කණ්ඩායම් පෙරමුණේ පසුවිය.

දෙවන අදියර දෙවන දිනය

තරගයේ දෙවන අදියරේ දෙවන දිනයේදී ආරම්භක තරඟය ලෙස අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ ආරම්භ විය. එහි පළමු තරඟයම ශාන්ත පීතර විද්‍යාලය හමුවේ ඩී. එස්. සේනානායක විද්‍යාලය 26-00 ක් ලෙස පරාජයට පත්විය.

අනතුරුව පැවති දෙවන අර්ධ අවසන් පූර්ව තරගය වේල්ස් කුමර විද්‍යාලය හා ශාන්ත ජෝශප් විද්‍යාලය අතර පැවැත්විණි. එම තරඟයෙන් 33-07 ක් ලෙස පහසු ජයක් ලබාගැනීමට ජෝශප් ක්‍රීඩකයින් සමත් විය.

තෙවන අවසන් පූර්ව තරගයේ දී සහිරා විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය එකි‍නෙකා මුණගැසිණි. එහිදී  සහිරා විද්‍යාලයට ජයග්‍රහණය හිමිවිය. වෙස්ලි විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර සිව්වන අර්ධ අවසන් පූර්ව තරඟයෙන් ඉසිපතන විද්‍යාලය ජයග්‍රහණය කරන ලදි.

පළමු  අවසන් පූර්ව තරගයේ දී සාන්ත ජෝශප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය මුණගැසිණි. මෙම තරඟයෙන්   ලකුණු 15-07 පෙරලිකාර ජයක් ලබාගැනීමට ජෝසප් ක්‍රීඩකයින් සමත් විය.

දෙවන  අවසන් පූර්ව තරඟය සහිරා විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර පැවැත්විණි. මෙම තරගයේ දී ඉසිපතන විද්‍යාලය ලකුණු 31-07 ක් ලෙස ජයග්‍රහණය කරන ලදි.

සමාගම් කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරඟයේ පළමු අදියරේ ශූරතාවය දිනාගත් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම හා කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස් කණ්ඩායම අතර පැවැත්විණි. එම තරගයේ දී මොබිටෙල් කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි

පාසල් සුපර් සෙවන්ස් අවසන් තරගය

ඉසිපතන විද්‍යාලය හා ශාන්ත ජෝශප් විද්‍යාලය අතර පැවති මෙම තරඟයෙන් පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය. පළමු අර්ධයේ දී ලකුණු 12-05 ක් ලෙස ඉසිපතන කණ්ඩායම පෙරමුණේ පසුවිය.

දෙවන අර්ධයේ දී ඉසිපතන කණ්ඩායම  ලකුණු 33 ක් ලබාගන්නා විට ජෝශප් විද්‍යාල කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ තවත් ලකුණු 07 ක් පමණි.

අවසානයේ දී පාසල් ශූරතාවය ඉසිපතන විද්‍යාලයට ලබාගැනීමට හැකිවිණි.

සුපර් සෙවන්ස් අවසන් තරගය

කාගිල්ස් ග්ලැඩියටර්ස් කණ්ඩායම හා මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම අතර පැවැත්විණි මෙම තරගයේ පළමු අර්ධයේ සිටම  තරඟකාරී ලෙස ක්‍රීඩා කිරීමට කාගිල්ස් ග්ලැඩියටර්ස් කණ්ඩායම සමත් විය . මෙම  තරඟය ලකුණු 28-17 ක් ලෙස කාගිල්ස් ග්ලැඩි‍යේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

තරගාවලියේ  වීරයා – කවිදු පෙරේරා

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට