මංගල සීයේ තරගාවලිය කල් යයි

72

The Hundred තරගාවලියේ මංගල තරග වාරය COVID-19 වයිරස ව්‍යාප්තිය නිසා 2021 වසර දක්වා කල් දමන්නට සිදු වී තිබෙනවා. එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන්නට යෙදුණු මෙම තරගාවලියට කාන්තා හා පිරිමි කාණ්ඩ යටතේ කණ්ඩායම් අටක් බැගින් සහභාගී වෙන්නට නියමිතව තිබුණා.

විනිවිද නැති නිසා රසල් ද Tallawahs හැර යන්නට තීරණය කරයි

ක්‍රිස් ගේල් ජැමෙයිකා Tallawahs කළමනාකාරිත්වයට බැණ වැදීමෙන් දිනකට පසු, ……

මෙම තීරණය බොහෝ දෙනා බලාපොරොත්තු වූ තීරණයක් වනුයේ පසුගිය සතියේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ජූලි 1 දක්වා කිසිදු ක්‍රිකට් තරගාවලියක් නොපවත්වන බවට ප්‍රකාශ කර තිබූ නිසයි. ඔවුන් මීට පෙර පවසා තිබුණේ නැවත ක්‍රිකට් තරග ආරම්භ වූ පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ Vitality T20 Blast තරගාවලියට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි. ඒ නිසාම The Hundred තරගාවලිය පැවැත්වීම දැඩි සේ අවිනිශ්චිත වී තිබුණා.  

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පසුගිය බදාදා මේ තීරණය ගෙන තිබෙනවා. තරගාවලිය සම්පුර්ණයෙන්ම අතහැර දැමීමේ අදහස එහි දී ප්‍රතික්ෂේප වී ඇති අතර 2021 වසරේ දී පිරිමි හා කාන්තා The Hundred තරගාවලිය පවත්වන්නට ඔවුන් තීරණය කර තිබෙනවා.

“මේ තීරණය පසුගිය වසර දෙක පුරාවට අපි කළ සියලු දේම අපතේ යෑමක් වුනත්, මුළු රටම අපි නොසිතු සිදුවීම් මාලාවකට හසු වී තිබෙනවා.” එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් මහතා පවසා සිටියා. “අපි ලබන අවුරුද්දේ නැවතත් හමුවෙයි. අපි තරගාවලිය සංවිධානය කරද්දී ගොඩක් දේවල් ඉගෙන ගත්තා හැබැයි අපිට තරගාවලිය පවත්වන්න හැකි වෙන්නේ නැහැ.”

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මේ තීරණයට හේතු වූ කරුණු තුනක් පහදා සිටියා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා සංචාරය කිරීමට නොහැකි වීම ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කරන්නට සිදුවීම හා ක්‍රීඩාංගණවල සේවකයින් පිළිබඳ ඇති ගැටලුව එම හේතු තුනයි. 

තරගාවලිය කල් දැමුනත් තරගාවලිය සම්බන්ධ තවත් ගැටලු රාශියක් තවමත් විසඳි නැහැ. ඉන් ප්‍රධානතම ගැටලුව නම් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියට සම්බන්ධ වූ ක්‍රීඩකයින්ගේ වැටුප් හා ලබන වසරේ කණ්ඩායම්වල ක්‍රීඩක සංචිත බෙදී යන ආකාරයයි. හැරිසන් පවසා සිටියේ මේ පිළිබඳ සාකච්ඡා තවමත් පැවැත්වෙන බවත්, තරගාවලිය බොහෝ විට මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආකාරයටම පැවැත්වෙනු ඇති බවත්ය.

“අපි සැලසුම් කරනවා මේ තරගාවලිය සැලසුම් කර පරිදිම පවත්වන්න. අපිට වගකීමක් තිබෙනවා The Hundred තරගාවලිය මේ වසරේ පවත්වන්නට නියමිතව තිබූ ආකාරයටම පවත්වන්න. ක්‍රීඩක වෙන්දේසියෙන් මිල දී ගත් ක්‍රීඩකයින් සමඟ අපි ඉදිරියේ දී සාකච්ඡා කරනවා.”

“අපිට තව දියුණු වෙන්න තව හිතන්න වෙලාව ලැබුණු එක ඉතා හොඳයි. දැන් අපිට පුළුවන් තරගාවලියේ ආකෘතිය පිළිබඳව නැවත සිතා බලන්න හා අපිට හිතන්නට නොලැබුණු පැති ගැන අපේ අවධානය යොමු කරන්න.”

පසුගිය සතියේ වාර්තා වුනේ නවතම තරගාවලියක් සංවිධානය කිරීමේ දී ඇති වන මූල්‍ය ගැටලු නිසා මෙම තරගාවලිය සම්පුර්ණයෙන් අතහැර දැමීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අදහස් කරන බවයි. කෙසේ වෙතත් හැරිසන් පවසා සිටියේ දැන් The Hundred තරගාවලිය පැවැත්වීම පෙරටත් වඩා ස්ථිර බවයි.

“මේ වාර්තාව බොරු එකක්” – ඩිවිලියර්ස්

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඒ. බී. ඩිවිලියර්ස් හට …..

“The Hundred තරගාවලිය එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට ලාභ උපයා දෙන තරගාවලියක්. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ තරගාවලියේ වැදගත්කම පිළිබඳව දන්නවා. මේ තරගාවලිය සැලසුම් කරලා තියෙන්නේ ආර්ථික වාසි සඳහා පමණක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවට රටාවට යොවුන් ප්‍රේක්ෂකයින් ඇද බැඳ තබා ගැනීමත් ඉන් එක් අරමුණක්.”

“ඒ රාජකාරිය දැන් තවත් වැදගත් වෙලා. කොරෝනා වයිරසය නිසා ඇති වන බලපෑමත් සමඟ අපිට සටන් කරන්නට සිදු වේවි. ක්‍රීඩාවන් ගොඩක් ප්‍රේක්ෂකයින්ගේ නිදහස් වෙලාවල් තමන් වෙත ආකර්ෂණය කර ගන්නට මාන බලාවි. අපි ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගන්නට ක්‍රීඩාව සකසන්න ඕන වගේම වඩා තරගකාරී අනාගතයකට සූදානම් වෙන්න ඕන.”

හැරිසන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගන්නා ලද තීරණත් පවසා සිටියා. “අපි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන අවධානය අඩු වෙලා නැහැ. අපිට බොහොම අමාරු තීරණ ගන්නට වේවි. නමුත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අපේ දිර්ඝ කාලීන සැලසුම් ඉන් වෙනස් වෙන්නේ නැහැ.” 

“අපිට දැන් හොඳ අවස්ථාවක් තිබෙනවා. 2017 ලෝක කුසලාන සාර්ථකත්වයේ සිට, Kia Super League තරගාවලියේ සාර්ථකත්වයේ සිට හා Hundred තරගාවලියේ කාන්තා ත්‍යාග මුදල පිරිමි අංශයේ ත්‍යාග මුදලට සමාන වීම දක්වා අපි පැමිණ තිබෙනවා. Hundred තරගාවලිය කල් ගියත් ඒවා වෙනස් වෙන්නේ නැහැ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<