අවසන් මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය උදා කර ගනී

286

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලිය අද ඉන්දීයාවේ දී ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම එහි පළමු තරගය සඳහා අද (21) සහභාගි වූ අතර එහි දී භූතාන කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

භූතාන කණ්ඩායම මෙම තරගාවලියට අත්දැකීම් රැසක් සමඟින් පිවිසි අතර ඔවුන් මාලදිවයිනේ පැවති පාපන්දු තරගාවලියේ දී මාලදිවයින හා සෞදි අරාබිය පරාජය කිරීමට සමත් විය. අවසන් තරගය ලැට්වියාව හමුවේ පරාජය වීමට භූතාන කණ්ඩායමට සිදු විය. 

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියට ගිය ශ්‍රී ලංකා සංචිතය

දකුණු ආසියානු වයස අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලිය හෙට (21) දිනයේ දී….

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ කළේ මහිත් මානවිදු හා තාරුක අශාන්ත ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලෙස හා නායක රිශික යොහාන්, ඩෙරික් නීල්, මුහම්මද් මිහ්‍රාන් හා තේශාන් තුශ්මික මැදපෙළ ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරමිනි. වෙනුර ලක්මිණ, මුහම්මද් ශකීල්, එරූශ රුවනක හා මලිඳු අතුකෝරල ආරක්ෂක ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කළ අතර ගෝල රකින්නා ලෙස තරුශ් රශ්මික ක්‍රීඩා කළේය. 

තරගයේ ආරම්භය ශ්‍රි ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක එකක් නොවූ අතර පළමු මිනිත්තුවේ දී ම Corner අවස්ථාවක් ලබා ගැනීමට භූතාන කණ්ඩායම සමත් විය. මුල් මිනිත්තු කීපයේ දී පන්දුව තමන් සතුව තබා ගනිමින් ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ භූතාන කණ්ඩායම 7 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ Tenzin වාර්තා කළ ගෝලයක් සමඟිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාවන් කීපයක දී ම ප්‍රතිවාදී අර්ධයට පිවිස ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළ ද එම සියලු අවස්ථා ව්‍යර්ථව ගියේය. 

Coutinho, සුපිරි ක්‍රීඩක Robbenගේ ජර්සිය සොරා ගනියි!

සිය බිඳ වැටුණු ක්‍රීඩා දිවිය නැවත වතාවක් සාර්ථකත්වයට රැගෙන යාමට Philippe….

ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝලයක් ලබා ගැනීමට පහසු අවස්ථාවක් හිමි වූයේ භූතාන කණ්ඩායමේ නීති විරෝධී පසුපස පන්දු ‍යොමුකිරීමක් නිසාවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට එම නිදහස් පහර සාර්ථක කරගැනීමට නොහැකි විය. 

පළමු අර්ධය අවසන් වීමට පෙර ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය සමකිරීමට මහිත් මානවිදුට අවස්ථාව හිමි වූ නමුත් භූතාන කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයන් එම උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කිරීමට සමත් විය. 

පළමු අර්ධය: භූතානය 01 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධය ආරම්භයේ දී ම භූතාන කණ්ඩායම Corner අවස්ථාවක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ආරක්ෂක උපක්‍රම නිසාවෙන් එය ගෝලයක් බවට පත්කිරීමට භූතාන කණ්ඩායම සමත් විය. එම ගෝලය Chozang විසින් වාර්තා කළේය. 

52 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට තේශාන් තුශ්මික සමත් විය. ඒ නිදහස් පහරක් උපයෝගී කරගනිමිනි. 

භූතාන කණ්ඩායම තවත් ගෝලයක් රැස්කිරීමට ප්‍රබල උත්සාහයක් ගත් අතර එම අවස්ථාවන් සියල්ල ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය නිමා වීමට මිනිත්තු 20ක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට මුහම්මද් මිහ්‍රාන් සමත් විය. 

සූර වීර Adrian, ලිවර්පූල් ශූරයින්ගේත් ශූරයා කරයි!

Chelsea කණ්ඩායම දඬුවම් පහර 5-4ක් ලෙස පරාජය කරමින් Liverpool….

ගෝලය වෙතට යොමු කළ පන්දුව කීපවරක්ම වැළැක්වීමට භූතාන ක්‍රීඩකයන් සමත්වුවද පන්දුව නිසි පරිදි එල්ල නොකිරීම නිසා එහි වාසිය ලබා ගත් මිහ්‍රාන් දෙවන ගෝලය වාර්තා කරමින් ලකුණු තත්ත්වය සමකළේය. 

අවසන් මිනිත්තු 10 දී ප්‍රබල ක්‍රීඩා රටාවකට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබිය දී තුන්වැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය. දකුණු අන්තයෙන් එල්ල වූ නිදහස් පහරක් ගෝලයක් බවට පත්කිරීමට මුහම්මද් මිහ්‍රාන්ගේ හිසෙන් එල්ල කළ පහර සමත් විය. එම ගෝලයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේය. 

අවසන් ලකුණු තත්ත්වය: භූතානය 02 – 03 ශ්‍රී ලංකාව

තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාව හා නේපාලය තරග වැදුණු අතර එහි දී ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ගෝල 5-0ක් ලෙසිනි. පළමු අර්ධය අවසන් වන විට ඔවුන් ගෝල 3-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. ඉන්දියාව එහි පළමු ස්ථානයේ රැඳී සිටී. 

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<